මෙම ණය ලබා දී තිබුනේ දිවි නැගුම යටතේ සමෘද්ධි ලාභීන් වෙතය. මාසිකව ලබා දෙන සමෘද්ධි දීමනාවෙන් මෙම මුදල් අඩු නොකරන්නැයි ජනාධිපතිවරයා විසි...
මෙම ණය ලබා දී තිබුනේ දිවි නැගුම යටතේ සමෘද්ධි ලාභීන් වෙතය.
මාසිකව ලබා දෙන සමෘද්ධි දීමනාවෙන් මෙම මුදල් අඩු නොකරන්නැයි ජනාධිපතිවරයා විසින් තමාට උපදෙස් ලබා දුන් බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය එස්.ජේ. නවරත්න මහතා මාධ්‍ය වෙත පැවසුවේය.
සමෘද්ධිමත් නිවසක් යන තේමාව යටතේ නිවාස ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය සෑම නිවසකටම රුපියල් 2500 බැගින් ලබා දී තිබුණි. එහිදී බලාපොරොත්තු වී තිබුනේ රුපියල් 10,000 ක උපරිමයකට යත්ව අදියර 4 ක් යටතේ ණය ආදාර ලබා දීමටයි. නමුත් ලබා දී තිබුනේ එක් වාරිකයක් පමණි.
මේ ණය අයකර ගැනීමට සමෘද්ධි දෙපාර්තමේන්තුව මෑතකදී තීරණය කර තිබුණි. මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් බිලියන 3 ක ලබා දී ඇත.
COMMENTS