ඉතිං කමල් මොනවද ඔබ මේ දිනවල නිරත වෙලා ඉන්න වැඩ කටයුතු? මේ දවස්වල ඉතිං මගේ පවුද්ගලික ව්‍යාපාර කටයුතු තමයි කරන්නෙ. ඒ අතරෙ ඉතිං අළුත් මොනවා...
ඉතිං කමල් මොනවද ඔබ මේ දිනවල නිරත වෙලා ඉන්න වැඩ කටයුතු?
මේ දවස්වල ඉතිං මගේ පවුද්ගලික ව්‍යාපාර කටයුතු තමයි කරන්නෙ. ඒ අතරෙ ඉතිං අළුත් මොනවාහරි දෙයක් කරන්න ප්ලෑන් කරනවා. ඒ කියන්නෙ කලින් ඉදන්ම තිබ්බ මගේ අදහස් වගයක් තිබ්බා, ක්‍රියාත්මක කරන්න පසුබිම හරියට සෙට් වෙච්ච නැති. මං දැන් ඒ සඳහා සෑහෙන දුරක් අවශ්‍යය පසුබිම සකස් කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා මට හිතෙනවා.දැන් අවුරුදු ගාණක් තිස්සෙ කරන්න හිතාගෙන හිටිය දේවල් මං මේ අවුරුද්දෙ කරන්න මගේ වැඩකටයුතු ක්‍රමයෙන් අවසන් කරගෙන ගිහිල්ලා තියෙනවා.
ඔබ රෝහණ විජේවීර ගේ චරිතයට පණ පෙව්වා. කොහොමද ඒක ඔබට දැනුනෙ?
ඇත්තටම රෝහණ විජේවීර කියන චරිතය තුළින් මං දැනගෙන හිටිය දේවල් වලට වඩා යමක් මං ඉගෙන ගත්තා. මට හැඟීමක් තිබුණා...මේ පුද්ගලයා යම් කිසි විප්ලවවාදී චරිතයක් හැටියට යම් කිසි පසුබෑමකට, ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ වැරදිච්ච අවස්ථාවන් කීපයකට පසුබිමක් තිබුණ කෙනෙක් හැටියට. මොකද අද දේශපාලනය සහ එදා දේශපාලනය.... , එදා විප්ලවය අද වගේ නෙමේ.
එදා බොහොම ප්‍රාථමික මට්ටමින් තියෙන සාම්ප්‍රදායික සම්පත් කළමණාකරණයෙන් සහ සම්පත් භාවිතයෙන් තමා ඔවුන්ට මේ දේ කරන්න පුළුවන් වුණේ, මිනිස්සුන්ගෙ ආවේගයත් එක්ක. නමුත් අද ඊට වඩා බොහොම සොෆිස්ටිකේටඩ් විඳියට දේශපාලනය හඳුන්වන්න පුළුවන්. බොහොම සයිකොලොජිකල් එහෙම නැතිනම් බොහොම මුග්ධ, හරි දරදඩු ඊට වඩා බොහොම පල්ලෙහා මට්ටමේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙනවා මේ නව දේශපාලන සංස්කෘතිය ඇතුළෙ. ඉතිං මේ තුළ ගොඩක් දේවල් තියෙන්නෙ මඩ ගැසීම්, තමුන්ගෙ පවුද්ගලික අරමුණු සාක්ෂාත් කරගන්න යන දේශපාලනයක්. දේශපාලන න්‍යාය පත්‍රය ජනතාවට අනුව සකස් වෙච්ච එකක් නෙමෙයි කියලයි මම දකින්නෙ. ඉතිං ඒ නිසා අද සැබෑ දේශපාලඥයා හඳුනා ගැනීමට අපහසු වෙලා තියෙනවා. මොකද ඒ අය ජීවිතයෙන් වන්දි ගෙවන්න සූදානම් නැහැ. ඒ අය දිවි පරදුවට තබන එක පැත්තක තියලා තමුන්ගෙ අය ආරක්ෂා කරගන්න එකයි කරන්නෙ. නමුත් ජවිපෙ නායකයා මට මට හිතෙන විඳියට රටේ අනාගතය ගැන හිතපු , රටේ පීඩිත පංතිය ගැන හිතපු නායකයෙක්.
ඇත්තටම පුද්ගලිකව ඔබේ දේශපාලන දෘෂ්ටිය වාමාංශිකද?
මම වාමාංශිකයෙක් කියලා ගන්න වෙන්නෙ මේ රටේ තියෙන දේශපාලන රාමුවකට දැම්මොත්. රටේ තියෙන එකම දේශපාලන පක්ෂයක් වත් නියම වාමාංශිකත් නෑ නියම දක්ෂිණාංශිකත් නෑ. දැන් අපි පොදු පෙරමුණ ගත්තොත් ඒක දේශපාලන වශයෙන් වාමාංශිකත්වයට නැඹුරුයි. ඒක බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ක් විඳියට හඳුන්වන්නත් පුළුවන්, ඒ වගේම ස්වදේශිකත්වය මත පිහිටපු පක්ෂයක් විඳියටත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම යූඑන්පී ය ගත්තත්....ඒක තමා දක්ෂිණාංශික පක්ෂයක් හැටියට ඉන්නෙ. නමුත් ඔවුන්ගේ මුහුණුවර ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී ආකල්ප එකතුකරගෙන තියෙනවා. ඉතිං ඒක නිසා....ජවිපෙ ගත්තත් ඔවුන් පසුබෑමකට ලක් වෙලා තියෙනවා, ඔවුන්ගෙ අතීතයත් එක්ක තියෙන ප්‍රතිරූපය එක්ක. ඒ සමඟම ඔවුන්ට කොමියුනිස්ට්වාදී කඳවුරු වලින් බැහැර වෙලා ඔවුන්ට මේ පවතින දේශපාලනයත් එක්ක තරඟ කරන්න වෙලා තියෙනවා. එතනදි ඔවුන්ගෙ ඒ ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් අනුවර්තනය වෙන්න වෙලා තියෙනවා. ඉතිං මේ වාතාවරණය තුළ අන්තවාදීව යන්න විඳියක් නෑ. ඇත්තටම මැද පිළිවෙතින් යන එක තමා වඩා හොඳ. මොකද අපි ලෝකයත් එක්ක ඉදිරියට යන ගමනක අපිට කඳවුරකට....ඇමරිකන්වාදී වෙන්නත් බෑ, රුසියන්වාදී වෙන්නත් බෑ, චීන ඉන්දියානු එකකටවත් යටත් වෙන්න බෑ. මොහොකට හරි ගැති වුණොත් තවත් රටකින් බලපෑමක් එනවා. ඒ නිසා අපි බොහොම ස්වාධීනව කටයුතු කරන්න ඕන. අපි අපේ රට ගැන හිතන්න ඕන.
මොකද යම් කිසි විඳියකට අපි තවත් රටකට ප්‍රතිචාර දක්වන්න කට ඇරියොත් ඒක තවත් පැත්තකින් අපිට අවාසියක් වෙනවා. ඒ නිසා හොඳම දේ අපි නිහඬ ප්‍රතිපත්තියකින් තමන්ගෙ ප්‍රතිචාරය....ඒ කියන්නෙ ලෝක දේශපාලනය තුළ තමන් ඒක විඳගෙන යම් කිසි විඳියක ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා තමන් මොන කඳවුරකද ඉන්නෙ කියන එක නැතුව. නමුත් අදහසක් හැටියට අපි ඉදිරිපත් කරනකොට ඒක බොහොම සමබර විඳියට ඉදිරිපත් කරගෙන මේ හැමෝමත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. අද තියෙන්නෙ වාණිජත්වය පදනම් කරගත්ත ලෝක දේශපාලනයක්. ඉතිං අපි ඒක තේරුම් ගන්න ඕන. දැන් ඉන්දියාව ගත්තොත් ඔවුන් කැමති නෑ අපි අපේ මුහුදු සීමාවන් ආරක්ෂා කරගන්නවට.
මොකද ඒ අයගෙ ධීවරයො අපේ සම්පත් බොහොමයක් අරන් යනවා. එතනදි අපිට යම්කිසි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. ඒ වගේම අපි චීනයටත් ගොඩක් ණයයි. ඉතිං චීනය බලාපොරොත්තු වෙනවා අපේ තියෙන ව්‍යාපාරික අවස්ථාවන් වලට ඒගොල්ලන් ආයෝජනය කරන්න. මොකද ඒ අවස්ථාවෙ ඒ අයට ඒක දිය යුතුයි කියන තැනට අපි ඒ අයට ගැති වෙලා තියෙනවා. ඉතිං ඔය වගේ දේශපාලන පසුබිමක් තුළ තමයි අපි ලෝකයත් එක්ක ඉදිරියට යන්නෙ. ඒ නිසා මං හිතන්නෙ දේශපාලනික වශයෙන් හොඳම දේ තමයි අපිට තියෙනවා අපේ පැවතිච්ච ක්‍රමවේදයක්. කෘෂිකාර්මික සංස්කෘතියක්.
ඒ කෘෂිකාර්මික සංස්කෘතිය අද අපිට එහෙම පිටින්ම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අපි අපේ පාරම්පරික කෘෂි කර්මයෙන් බැහැර වෙලා ලෝකයට අවශ්‍යය දේවල් නිර්මාණය කරන්න ගිහිල්ලා....ලෝකයේ වෙළදාමට හවුල් වෙන්න...උදාහරණයක් හැටියට කිව්වොත් මේ රටේ ට්‍රැක්ටර් එක ආපු තැන ඉඳලා මේ රටේ පොහොර යොදන්න ගත්ත තැන ඉඳලා අපේ කෘෂිකර්මයේ ලොකු වෙනසක් ඇති වෙනවා. අපි ලොකුවට නගුල් දාගෙන හාන්න ඕන රටක් නෙමේ. මේක හොඳ පසක් තියෙන රටක්. ඒ වගේම අපිට හොඳ පොහොර තියෙනවා. ඒ වගේම අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමා කෘමීන්ගෙන් වෙන හානි. ඉතිං මේ කෘමින්ගෙන් අස්වැන්න බේරා ගන්න අපි පාරම්පරික ක්‍රම භාවිතා කරලා තියෙනව. දැන් වෙන්නෙ පුළුවන් තරම් කෘමිනාශක පාවිච්චි කරලා අපිට වකුගඩු රෝග වගේ දේවල් අපිම ඉල්ලගෙන තියෙනවා. අපි පාරම්පරිකව අපේ කෘෂිකර්මාන්තය දියුණු කරගත්තෙ නැති නිසා මේ දේවල් අපිට ලැබිලා තියෙනවා. ඉතිං මේ වගේ ප්‍රශ්නවලට තමා අපි ඉදිරියෙදි මුහුණ දෙන්නෙ. අපි බොහොම පහසුවෙන් ලේසියෙන් වැඩ කරන්න පසුබිමක ජීවත් වෙන්න කැමති ජාතියක් බවට පත් වෙලා තියෙනවා.
හැමදේකින්ම ලාභ ගන්න ලේසියි පොඩි බිස්නස් එකක් කළත්. දැන් හැම තැනම තියෙන කෑම කඩ ගත්තත් මොන තරම් බොරුවක්ද කරන්නෙ, මොන තරම් ජරාවක්ද මිනිස්සුන්ට කවන්නෙ. එහෙම කරලා තමයි ඒ අය ආදායමක් ලබා ගන්න බලන්නෙ. ඒ නිසා ඒ වගේ පහත් මට්ටමට අද මිනිසුන් වැටිලා තියෙනවා. පළතුරු ගත්තත් කොස් මදුලක් ගත්තත්, මාළු කෑල්ලක් ගත්තත් ඉතාම අහිතකර වාතාවරණයකට ඇවිල්ලා තියෙන්නෙ. ඉතිං දේශපාලනය මේකට සෘජුවම බලපානවා. මිනිස්සුන්ට යහපතක් වෙන දේවල් හිතන් නැතුව තමන්ට යහපතක් වන දේශපාලනයක් තුළ ඉඳගෙන තමා අපි ඉන්නෙ. ඇහැට පේන දර්ශන වලින් තමා අපි කෑ ගහන්නෙ. දැන් අපි බැඳුම්කර ගැන කතා කරනවා. අපි කතා කරනවා පගා ගහන එක ගැන. නමුත් අපි දන් නෑ අපි දවස ගානෙ කන කෑම වලින්, අපි රූප පෙට්ටියෙන් දකින් දේවල් වලින් අපි පත්තරෙන් දකින් දේවල් වලින් මනස සහ ශරීරය විනාශ කරගන්නවා ඊළඟ පරම්පරාවටත් ඒකෙ දායාදය ලබා දෙමින්. මේ වගේ ගමනක් යන රටක් තමා අද අපිට ඉතුරු වෙලා තියෙන්නෙ.
ඇයි ඔබ රංගනය තෝරගත්තෙ?
ඒක එක පැත්තකින් පොඩි කාලේ තිබිච්ච හැකියාවක්. මගෙ අම්මගෙන් අනුග්‍රහයක් තිබුණා. තාත්තාගෙන් නම් කිසිම අනුග්‍රහයක් තිබුණෙ නෑ. මොකද ඔහු බලාපොරොත්තු වුණේ මාත් ව්‍යාපාර කරනවට. නමුත් මට ඒ දෙකම කරන්න තිබුණා. අපේ දෙමව්පියන් තේරුම් ගන් නැති දෙයක් තමයි අපි ඉඩ දෙන්න ඕන කියන එක දරුවන්ගෙ හැකියාවන්ට. දරුවන්ගේ හැකියාවන් ඉස්මතු කිරීමෙන් තමයි ඔවුන් වැඩදායී පුද්ගලයන් බවට පත්වෙන්නෙ. මේ අධ්‍යාපන ක්‍රමයේ ඉඳන් අපේ දෙමව්පියන් තමන්ගෙ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා තමන්ට කරන්න බැරි වෙච්ච දෙයක් දරුවා ලවා කරගන්න. එහෙම නැතිනම් දරුවට කිසිම තේරුමක් නැති අධ්‍යාපනයක් ලබා දීලා විභාගයකට මූණ දෙන්න ඔවුන්ව සූදානම් කරන එක. ඒ වෙනුවට ඔවුන්ගේ ජීවිතයට අවශ්‍යය දේකට ඔවුන්ව සූදානම් කරන්නෙ නෑ.
මම රගපෑම ඉගෙන ගත්තා නම්, මම හා සමානව තවත් බොහෝ දෙනෙක් රගපෑම ඉගෙන ගන්නවා. ඒ අයට ලැබෙන අධ්‍යාපනය තුළින් කරන්න තියෙන දේ ගැන ප්‍රමිතිය ක් ලැබෙනවා. කොහොමහරි මගේ දෙමව්පියන්ගෙන් මට ලැබිච්ච දේවල් ගැන කතා කරනවට වඩා, මට මගේ මේ හැකියාව සඳහා අවශ්‍යය පසුබිමක් හරියට හදා ගන්න තිබුණ අවස්ථාවක් මගේ තාත්තගෙන් ලැබුණෙ නෑ. නමුත් අවසානයේ මට සිද්ද වුණා ආපසු හැරිලා බලනකොට මේ කිසි දෙයක් ඉතුරු වෙලා තිබ්බ නැති. මට ව්‍යාපාරයක් කරන්න මුදලක් තිබුණෙ නෑ. මට කරන්න තිබුණෙ රගපාන එක. මොකද ඒකට මුදල් ආයෝජනයක් අවශ්‍යය නැහැ.
ඒකෙන් ජනප්‍රියත්වය ඇතුළු ලැබෙන්න තියෙන හැම දේම ලැබෙනවා නිකම් ඉඳලා. ඉතිං ඒ වගේ දේකට ගියත් මම තෝර ගත්තෙ නියම දේ. මොකද රගපෑම කියන්නෙ කලාවක්. ඒක ගෞරවනීය හා පූජනීය දෙයක්. ඒක මිනිස්සුන්ගෙ අධ්‍යාත්මික ගුණාංගයන් වලට බලපානවා. කලා කෘතියක් කියලා බ්ලූ ෆිල්ම් පෙන්වන්න ගත්තොත් ඔවුන්ගේ මනස පිරිහෙනවා. මම රගපෑම තෝර ගත්තෙ මට කරන්න වෙන දෙයක් තිබුණෙ නැති නිසා.අනික ඒක මගේ හැකියාව. නමුත් අද මං ඉන්න තත්වය ගොඩ නගා ගත්තෙ ව්‍යාපාර තුළින්.
මේ දක්වා ඔබ පණ පෙවූ චරිත අතරින් ඔබ වඩාත්ම කැමති චරිතය කුමක්ද?
මම මුලින්ම රඟපාපු චිත්‍රපටය වන සාගරයක් වගේ චිත්‍රපටයට මම අදත් පෙම් කරනවා. ටෙලි නාට්‍යය ගත්තොත් දඬුබස්නානාමය චරිතය, එතකොට සප්ත කන්‍යා, සළෙළු වරම චිත්‍රපට වල රඟපාපු චරිත අග්නි දාහය, එක දා වැහි චිත්‍රපටි වල චරිත මම ඉතාම කැමැත්තෙන් කළේ. රගපෑම් ඉවරයි නාට්‍යය. ඔත්තුකාරයා එකේ ගාවෝ චරිතය වගේ චරිත රාශියක් තියෙනවා මම කැමති.
සයිලන්ට් ලෙටර් කෙටි චිත්‍රපටය ගැන අපිට පොඩ්ඩක් කිව්වොත්....
ඒක හරිම අහම්බෙන් සිද්ද වෙච්ච දෙයක්. මගේ රගපෑමේ සහ කලාකරුවෙක් හැටියට මාව ස්ථානගත කරලා තිබුණ තැන හා , මගේ හිතවතෙක් තමයි වෛද්‍ය මහේන්ද්‍ර පෙරේරා. ඔහුගේ පුතා තිවංක පෙරේරා දක්ෂ තිර රචකයෙක්. ඔහු විශ්ව විද්‍යාලයේ ඉන්නකොට ඔහුගේ තිර රචනා වලින් ප්‍රථම ස්ථානය දිනා ගත්ත කෘතියක් තමයි සයිලන්ට් ලෙටර් තිර රචනය. ඔහුට ඕන වුණා ඒක චිත්‍රපටයට නගන්න. ඉතින් මගෙන් ඇහුවා මේක කරන්න පුළුවන්ද කියලා. ඉතිං මම ඒක බලලා හා කිව්වා. ප්‍රධානම බාධකය තිබ්බෙ මේකේ ප්‍රධාන චරිත වලට අවශ්‍යය කළේ පොඩි ළමයි දෙන්නෙක්. ඉතිං මං අනාථ නිවාසයකින් කවදාවත් රගපාපු නැති ළමයි දෙන්නෙක් තෝර ගෙන තවත් ප්‍රවීණ නළු නිළියන් යොදා ගෙන මම ඉතිං ඒ චිත්‍රපටය කළා. තිවංකලා ඒ චිත්‍රපටය ෆෙස්ටිවල් වලට යැව්වා. ඒකට නවදිල්ලියේ ෂෝර්ට් නිව් ඩිල්ලි ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ප්‍රථම නිෂ්පාදක අධ්‍යක්ෂණය සඳහා මට හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා. ඒකට රටවල් හතළිස් දෙකක් පමණ සහභාගී වෙලා තිබ්බා. නමුත් මම ඒක කළේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙමෙයි.
කමල් ඔබ කාලයක් සිරගත වෙලා හිටියා ඒ ගැන දැන් ඔබට මොකද හිතෙන්නෙ?
මෙහෙමයි ඉතිං, මිනිස්සුන්ටනෙ ඔය හැම දෙයක්ම වෙන්නෙ. ජීවිත වල එක එක අවාසනාවන්ත සිදුවීම් වෙනවා. ඔය අවස්ථාව කෙනෙකුට කිසිම අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ වරදක් කරන්නෙ නැතුව.....ඒ කියන්නෙ කෙනෙක් වරදක් කරන්න ඕන සිරගත වෙන්න. සිරගත වෙලා ඒකට තියෙන අත්දැකීමක් ලබන්න සීයට අනූ නවයක්ම වරදක් කරලා තියෙන්න ඕන. නමුත් වරදක් නොකර සිරගත වෙලා ඒක බලන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක කෙනෙකුගෙ භාග්‍යයක්. කෙනෙක්ට හිතුනොත් වරදක් නොකර හිරගත වෙලා බලන්න ඒකට ඉඩක් නෑ නෙ වරදක් කරන් නැතුව. කෙනෙකුට ඒ අවස්ථාව ලැබුණොත් වරදක් නොකර ඔහු වාසනාවන්තයෙක්. ඉතිං මම ඒ අතින් වාසනාවන්තයි. මම වරදක් නොකර හිරේ කොයි වගේද කියලා ජම්පරයක් ඇඳලා දැක්කා.
මේ වන විට මෙරට පවතින සිනමා කර්මාන්තය ගැන ඔබේ අදහස කුමක්ද?
සිනමා කර්මාන්තය ඉතාම අවාසනාවන්ත අයුරින් අයාලේ ගිය ස්වභාවයක් තමයි පේන්න තියෙන්නෙ. ඒ වගේම ඒක අතරමං වෙච්ච තත්වයක තියෙන්නෙ. කාගෙවත් හව් හරණක් නැති පය බරවායට පිටිකර බේත් බැන්දා වගේ එකක් තමා වෙලා තියෙන්නෙ. මේකට නියම ප්‍රතිකර්මයක් තාම ලැබිලා නෑ. එහෙම වීම තුළම මම දකිනවා කෙනෙකුට හරි ව්‍යාපාර ඥානයකින් මේක දකින ව්‍යාපාරික සැලැස්මක් කෙනෙකු මේක සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන් අවස්ථාවක් ඉතුරු වෙලා තියෙනවා මේ රටේ. නැතිනම් අපිට ඉදිරි අනාගතයෙදිත් රූපය දකින්න වෙන්නෙ හින්දි නළු නිළියන් ගේ රංගනයන් සහ දෙබස් සිංහලෙන් යන ටෙලි නාට්‍යය සහ චිත්‍රපටි. ඒ වගේම අපිට හොඳ චිත්‍රපට බැලීමට තියෙන අවස්ථාව ඉතාම සීමිත වෙනවා. චිත්‍රපටි ශාලා වලට යන ප්‍රමාණය තවත් සීමා වෙනවා. ඒ ප්‍රේක්ෂකයන් අපෙන් ඈත් වෙලා යනවා. ඒ ශාලා වලට ගිහින් බලන එක පාපයක් වගේ ඇත්තටම. මොකද ඒ හා සමානව චිත්‍රපට ශාලා සංඛ්‍යාවත් අඩු වෙමින් පවතිනවා. ඉතිං මේ තත්වය තුළ සිනමාවට පැහැදිළි අනාගතයක් නැති බව හොඳින්ම පේනවා.
සාකච්ඡා කළේ
- බාසුරු ජයවර්ධන
COMMENTS