දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

හාවෙක් විලස සමුගත් චීටා!

 එනිසා පළමු වතාවට ඔහුගේ රටට ඉදිරියෙන් ලකුණු පුවරුවේ ‘ඩිඩ් නොට් ෆිනිෂ්’ (අවසන් කළේ නැත) යන්නේ මුල් අකුරු තුන වන DNF ලියැවුණේය. මහා බ්‍රිතා...

හාවෙක් විලස සමුගත් චීටා!

 එනිසා පළමු වතාවට ඔහුගේ රටට ඉදිරියෙන් ලකුණු පුවරුවේ ‘ඩිඩ් නොට් ෆිනිෂ්’ (අවසන් කළේ නැත) යන්නේ මුල් අකුරු තුන වන DNF ලියැවුණේය. මහා බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු විසි ගණන්වල පසුවූ ජව සම්පන්න තරුණයන් සිව්දෙනා රන් පදක්කම් හතරේ හිමිකරුවෝ බවට පත්වූහ. 

මීටර 100 සහාය දිවීමේ අවසන් මහා තරගයේ ජැමෙයිකාවේ පමණක් නොව මුලු ලෝකයේම සුපුරුදු නිසැක බලාපොරොත්තුව වී තිබුණේ ඔහු ය. නමුත් මේ තරග ඉසව්ව පටන් ගැනුණේම අපේක්ෂා භංගත්වය ජනිත කරවමිනි. එය ආරම්භ වන්නට විනාඩි 10 ක් ප්‍රමාද විය. එයට හේතු වී තිබුණේ මීටර 5000 ධාවන ඉසව්වේ සහ උස පැනීමේ තරගයේ පදක්කම් ප්‍රදානය යෙදී තිබූ නිසා ය. මීටර 5000 ඉසව්වේ ප්‍රතිඵලය විසින් සලකුණු කර තිබුණේ අපේක්ෂා භංගත්වයේ උපරිමයයි.වසර හයකට පසු බ්‍රිතාන්‍ය ධාවන ශූර මෝ ෆාරා ජාත්‍යන්තර තරගයකදී පැරදුණේය. බෝල්ට් මෙන්ම සිය ක්‍රීඩා දිවියේ අගිස්සේ සිටි ඔහු රිදී පදක්කමට සීමා වුණේය. අවසානයේ උසේන් බෝල්ට් ගේ කණ්ඩායම තරග බිමට පය තබන විට ද හාත්පස පැතිරී තිබුණේ උත්සවකාරී අඳුරු දොම්නසක් යැයි කිව හැක. 

2012 මෙන්ම 2016 වසරේදී ද ඔලිම්පික් සහාය දිවීම ඉසව්වෙන් පිට පිටම රන් පදක්කම් වාර්තා කළේ ජැමෙයිකාවයි. එම ඓතිහාසික තරග දෙකේදීම උසේන්ගේ සගයා සහ මීටර 100 ලෝක ශූර යොහාන් බ්ලේක් මේ පරාජයෙන් කුපිත වීම සාධාරණ ය. ඔහු උසේන්ගේ පරාජයට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්නේ තරග සංවිධායකයන් වෙත ය. මිනිත්තු 40 ක් තරගය වෙනුවෙන් කෝල් රූම් එකේ සිට බලා සිටින්නට සිදුවූ බව ඔහු කීවේය. මෙහිදී උසේන් බෝල්ට් ශීතල ගතියකින් පීඩා විඳ ඇත. ඔහු යොහාන් බ්ලේක් සමග කියා තිබෙන්නේ “Yohan, I think this is crazy” යනුවෙනි. ඉන්පසු කණ්ඩායම ඇඟ උනුසුම් කරන ව්‍යායාමවල යෙදෙන්නට පටන් ගෙන ඇති අතර, යොහාන් බ්ලේක් පවසන්නේ තමන්ට පමණට වඩා වැඩි වේලාවක් එම ව්‍යායාමවල යෙදෙන්නට සිදුවූ බවයි. “විනාඩි 40 ක්... බලන්න, සැබෑ පුරාවෘත්තයක්... සැබෑ ශූරයෙක් ඒ නිසා විඳවන හැටි...” යැයි ඔහු මහත් ආවේගශීලී ව කීවේය. “තරගය පටන් ගත්තෙ විනාඩි 10 ක් පමා වෙලා. අපිව විනාඩි 40 ක් තියාගත්තා.. ධාවන පථය වෙතට මීටර 300 ක් දුර අපිට ඇවිදගෙන යන්න සිද්ධ වුණා.. ඒක පිස්සුවක්..” යැයි ඔහු පවසයි. සහාය ක්‍රීඩක ඕමාර් මැක්ලියොඩ් ගේ ද අදහස එයම ය. 
උසේන්ගේ වම් කලවයේ නහරයක් ඇඹරී ගොස් ඇති බව ජැමෙයිකානු කණ්ඩායමේ වෛද්‍යවරයා සනාථ කළේය. ලෝකයම දිනුම් රේඛාව පසුකරන තෙක් බලා සිටියදී චීටාවා වේදනාවෙන් ඇඹරෙමින් බිම ඇද වැටුණේය. වේදනාව පිරුණු මුහුණ, මුනින් අතට වැටී සඟවා ගත්තේය. වෛද්‍යවරයා මෙසේ කියයි. “මේ කෙණ්ඩා පෙරළීමෙන් ඇති වූ වේදනාවට වඩා පරාජයෙන් ඇති වූ වේදනාව ඔහුට දරාගන්නට අමාරුයි..” 

එය සැබෑවකි. පසුගිය සති තුනක කාලයම උසේන් බෝල්ට් පසුකරමින් සිටියේ සංක්‍රාන්ති සමයකි. නමුත් සමුගැනීමේ තරගයත් කඳුළින් නිමා කර එකම එක ලෝකඩ පදක්කමක් පමණක් අතින් ගෙන ගෙදර යන්නට සිදුවේ යැයි ඔහු පවා නොසිතන්නට ඇත. 

“ලෝකයේ වේගවත්ම මිනිසා” යැයි විරුදාවලි ලත් උසේන් බෝල්ට් 31 හැවිරිදි ය. ස්වයංක්‍රීය කාල මනු ක්‍රමය අනිවාර්ය කිරීමෙන් පසු ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයේ මීටර 100 සහ 200 යන ඉසව් දෙකම සඳහා ලෝක වාර්තා තැබූ ප්‍රථමයා ඔහු ය. මීටර 100 කඩින්කඩ දිවීමේ ඉසව්වේ ලෝක වාර්තාව ජැමෙයිකාව සතුවන්නේ ඔහු නිසා ය. 2008, 2012 සහ 2016 ඔලිම්පික් තරගවලදී ඔහු තමන් සහභාගි වූ තරග ඉසව් 3 වන මීටර 100, 200 සහ 100x4 යන තරග ත්‍රිත්වයෙන්ම පිට පිට රන් දිනුවේය. මේ විස්කම කරන්නට එදා මෙදාතුර ඔලිම්පික් ඉතිහාසයේ සමත් වූ එකම එක ක්‍රීඩකයා ඔහු ය. මේ නිසා ‘ත්‍රිපල් ඩබල්’ යන අන්වර්ථයෙන් ද ඔහු ව හැඳින්වුණේය. කෙසේ නමුත් තහනම් උත්තේජක චෝදනාව නිසා එයින් එක පදක්කමක් අහිමි වූ හෙයින් ඔහු සතු ඔලිම්පික් රන් පදක්කම් ගණන 8 කි. 

එපමණක් ද නොවේ. 2009 වසරේ සිට 2015 වසර දක්වා ඉහත කී තරග ඉසව් තුනෙන් ද එක අවස්ථාවකදී හැර රන් 11 ක් දිනාගනිමින් ලෝක මළල ක්‍රීඩා ඉතිහාසය තුළ ඔහු සැබෑ චීටාවා බවට පත්විය. එම රන් පදක්කම් ගණන 12 ක් විය යුතු නමුත් 2011 තරගයේදී වැරදි ආරම්භයක් ගත් බැවින් ඔහුට එක පදක්කමක් අහිමි විය. 

සෑම ජයග්‍රහණයකට පසුවම ධාවන පථයට දකුණු දණහිසෙන් බර දී, හස්ත මුද්‍රාවෙන් අකුණක් අඳින්නට බෝල්ට් පුරුදුව සිටියේය. ක්‍රීඩා ලෝකයේ මෙනිසා ඔහු ‘ලයිට්නින් බෝල්ට්’ යනුවෙන් ද ජනප්‍රිය වුණේය. පසුව 2009 වසරේදී ඔහු පවුල් 10000 ක් ගෙවා නයිරෝබියේ කැලෑවක විසූ අනාථ චීටා පැටවෙක් ලයිට්නින් බෝල්ට් යනුවෙන් වෙන් කරගත්තේය. අදටත් ඔහු වසරකට පවුම් 2300 බැගින් මේ චීටා පැටවාගේ නඩත්තුව සඳහා යවයි. කෙන්යාවේ වනජීවී සංරක්ෂණය සඳහා උසේන් බෝල්ට් පදනම නමැති ඔහුගේ සංවිධානය අති දැවැන්ත මුදල් සම්භාරයක් වාර්ෂිකව ලබාදෙයි. දිදුලන සමයේ ඔහුගේ නිල අනුග්‍රාහකයා වූයේ පූමා සමාගමයි. ඔහුගේ නිල අනුග්‍රාහකයා බවට පත්වීම සඳහා ලෝකයේ ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ සමාගම් අතර තිබුණේ මාරක තරගයක් බව රහසක් නොවේ. සාමාන්‍යයෙන් දිනකට ඔහු අත ගැවසුණු මුදල් සම්භාරය ඩොලර් දස දහස් ගණනකි. නමුත් ඉරහඳ පායන තුරු මේ ලෝකයේ සැප දුක සමබර කරන දෛවය, මේ මිනිසාව අන්තිම මොහොතේදී හෙණ ගැහුවාක් මෙන් දණ ගැස්සුවේය.     

නමුත් මේ පුරාවෘත්තය ඉක්මවා යා හැකි තවත් චීටාවෙක් මතු දිනෙක බිහිවන තෙක් සහ ඉන්පසුව පවා ක්‍රීඩා ලෝලීන්ගේ මතකය තුළ  උසේන් බෝල්ට් යනු අපරාජිතයෙකි. 


-ක්‍රිෂාන්ති රාජපක්ෂ


උසේන් බෝල්ට් ගේ අන්තිම තරගය මෙතැනින් නරඹන්න.

https://youtu.be/vAQLqYKTFsU

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හාවෙක් විලස සමුගත් චීටා!
හාවෙක් විලස සමුගත් චීටා!
http://ift.tt/2uRKhqj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_796.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_796.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy