පසුගිය දිනක ගොතටුව ප්‍රදේශයේ තරුණ පිරිසක් විනෝද ගමනක් යන අතරේ කිතුල්ගල ප්‍රදේශයේ කැලණි ගඟට ආසන්නයේ පිහිටි වන ලැහැබක් අද්දර වාහනය මඳකට නතර ...
පසුගිය දිනක ගොතටුව ප්‍රදේශයේ තරුණ පිරිසක් විනෝද ගමනක් යන අතරේ කිතුල්ගල ප්‍රදේශයේ කැලණි ගඟට ආසන්නයේ පිහිටි වන ලැහැබක් අද්දර වාහනය මඳකට නතර කර තිබේ. ඒ ගමනේ මඳ විරාමයක් ගෙන කා බී විනෝද වීම සඳහාය. ඔවුන්ගේ මෙම කටයුතු නිමා වන විට රාත්‍රී අඳුරද වැටී තිබුණි. ඒ පිරිසේ ඇතැමෙකු කැලණි ගඟට බැස දියේ නෑමට පටන් ගත් නිසාය.
මෙසේ දිය නාමින් සිටි එක් තරුණයෙක් එක්වරම මහත් සේ බියටපත්ව හති හළමින් වාහනය දෙසට දිව ආවේය. “මචං අතන හොල්මනක්; සුදු ඇදගත්තු ගෑණු කෙනෙක් මේ පැත්තට එනවා මචං අපි මෙතනින් ඉක්මනින්ම යං” ඔය මෝහිනීගේ අවතාරෙද දන්නේ නෑ.” සියල්ලම බිය වී එකිනෙකා දෙස බලමින් බහින් බස් විය.
එහෙත් ඉන්පසුව තවත් කිහිප දෙනෙකුගේ මුණු මුණුවක් එදෙසින් ඇසෙන්නට වූ බැවින් එම මිතුරු පිරිස එදෙසට අවධානය යොමු කළහ. කැමරා උපකරණ අතින් ගත් කිහිප දෙනෙකු, තරුණයෙකු සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙකු එම පිරිස අතරේ සිටින බව මෙම තරුණ පිරිසට දැක ගත හැකි විය. එම ආගන්තුක පිරිසේ අත්වල විදුලි පන්දම් ඇති බවද පසුව තරුණයන්ට දැක ගත හැකි විණි.
“ඔයාලා කවුද? මොකද මෙහෙකරන්නේ?” බියෙන් ගැහෙමින් සිටි තරුණයෙක් ඇසීය. ඔවුන් දෙසට පැමිණෙන පුද්ලගයින් මෙසේ පිළිතුරු දී ඇත අපි මේ ෆ්‍රී ෂූට් එකකට ආවා අපි නතර වෙලා ඉන්නේ අතන හෝටලේ කැලණි ගඟ අද්දර ඇති සංචාරක හෝටලයක් පෙන්වමින් කැමරාවක් අතින් ගත් අයෙක් කියන්නට විය. ෆ්‍රී ෂූට් යනු විවාහ මංගල්‍යයකට පෙර එම යුවල විවිධ ස්ථාන වල තබා ඡායාරූප ගැනීමේ නවීනතම සම්ප්‍රදායකි. එසේ ගනු ලබන ඡායාරූප සහිත ඇල්බමය බොහෝවිට විවාහයට පෙරම එම මනාල යුවල අතට පත්කෙරේ.
මෙම ඡායාරූප අලුත් අලුත් ක්‍රම අනුව ගැනීමද බහුලව සිදුකෙරේ. බිය වූ පිරිසට තවමත් මෙය කුතුහලකි ඔවුන් තව දුරටත් විමසන්නට වුයේ. කලුවරේ ඡායා රූප ගන්නේ කේසේද යන්නයි. එවිට ඡාර රූප ගැනීමට පැමිණි කණ්ඩායමේ අයෙක් පිළිතුරු දුන්හ “අපි එක එක විදිහට ෆොටෝ ගන්නවා; ඒ හින්දා අපි දැන් මේ තියෙන කළුවරත් එක්ක කපල් එක තියලා ගගේ එළියෙන් ෂූට් කළා. වැඩේ නියමයි. ඒත් මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නෙ” ඡායාරූප ශිල්පියා අසන්නට විය.
බියට පත් වූ තරුණ පිරිසේ තරුණියෙක් “අපිට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට මේ වැඩෙන් එක හොඳක් වුණා විවාහ අපේක්ෂිත තරුණයා යැයි සැලකිය හැකි තැනැත්තා ඇසීය. එවිට මෝහීනිට බිය වූ එක් තරුණයෙක් වහා ඉදිරිපත් විය. “අපි මේක ෆ්‍රී ෂූට් එකක් කියලා නොදැන; මෙයාට මෝහිනී කියලා රැවටුණා නේ. හැබැයි මීට පස්සෙ ඇත්ත මෝහිනී දැක්කත් අපි හිතන්නේ ෆ්‍රී ෂූට් එකක් කියලා.” සිනාසෙමින් සිදුවීම පිළිබඳව කාතා බහ කර නික්මව ගොස් ඇත.
citizen.lk

COMMENTS