තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති විදේශ අමාත්‍ය ධුරයට ස්ථිරව පත් නොකරන්නැයි හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා, අගමැති රනිල් වි...
තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී ඇති විදේශ අමාත්‍ය ධුරයට ස්ථිරව පත් නොකරන්නැයි හිටපු විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මහනුවර පැවැති විශේෂ වැඩසටහන් කිහිපයකට එක්වෙමින් කරුණානායක මන්ත්‍රීවරයා එම ඉල්ලීම කර ඇත්තේ, එම අමාත්‍ය ධුරය සාගල රත්නායක මහතාට ලබාදීමට යෝජනාවී ඇතැයි වාර්තාවීම නිසා බව පැවසේ.
රවී කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ මාස දෙකකදී යලි එම අමාත්‍යංශය ලබාදෙන බවට අගමැතිවරයා විසින් දුන් පොරොන්දුවක් මතය.
එහෙයින්, එම තනතුරට තාවකාලිකව තිලක් මාරපන මහතා පත් කිරීමට අගමැතිවරයා එකඟවී ඇත.
මෙම ඇමතිධුරය සඳහා අමාත්‍ය නවින් දිසානායක මහතාගේ නම යෝජනාවී තිබුනද ඔහු පසුදා පැවසුයේ එය තාවකාලික පත්වීමක් හෙයින් එවැන්නක් බාර ගැනීමට තමාගේ සුදානමක් නොමැති බවයි.
තිලක් මාරපන මහතාට එය තාවකාලිකව හිමිවන බව ඔහු එහිදී සඳහන් කළේය.
COMMENTS