දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපති මෛත‍්‍රී හම්බන්තොට වරාය විකිණීම හරියටම හරි.. රවිගේ විශ්වාසභංගයට ආණ්ඩුවේ ඇමතිලා ඡන්දය දීම වැරදියි..- චමල් මනරම් දෙසුමක

‘1956 දි බණ්ඩාරනායක මහතා තම පියා සමඟ එකතුව එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සඝ වෙද ගොවි ගුරු කම්කරු බලවේග හරහා ප්‍රගතිශීලි ජනතාවට නායකත්වය දෙමි...

‘1956 දි බණ්ඩාරනායක මහතා තම පියා සමඟ එකතුව එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සඝ වෙද ගොවි ගුරු කම්කරු බලවේග හරහා ප්‍රගතිශීලි ජනතාවට නායකත්වය දෙමින් එදා ශ්‍රීලංකා නිදහස් පක්ෂය බිහිකලා, එදා එසේ කලේ එජාපයේ ප්‍රතිපත්ති හරහා මේ රටේ ජනතාවට එජාප ආණ්ඩුවක් යටතේ නියම නිදහසක් භුක්ති විදිමට නොහැකි වූ නිසා’ යැයි ඊයේ චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයා වැලිගම ආසනයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන දේශනය කරමින් පැවසීය.

‘බණ්ඩාරනායක මහතා ශ්‍රිලනිප ආණ්ඩුව යටතේ ත්‍රිකුණාමල සහ කටුණායක තිබු බ්‍රිතාන්‍යයේ හමුදා කදවුරු වහාම ඉවත් කොට වරාය ගුවන් තොටුපොළ ජනතාව සතු කරමින් ආරම්භ කල වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිනිය සුද්දා සතුව තිබු අපේ ජාතික සම්පත් සියල්ලම මේ රටේ ජනතාවට මෙන්ම අනාගත පරම්පරාවට හිමිකර දුන්නා.

77 බිහිකළ එජාප ආණ්ඩුව පලවා හැරිමට එදා මහින්ද රාජපක්ෂ පාද යාත්‍රා, ජනඝෝසා ඇතුළු වැඩසටහන් මෙහෙයවමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ නැවත ශ්‍රිලනිප ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කලත් ඇය විසින් එජාපයේ පුද්ගලිකරණය වැඩපිළිවෙළ තවත් ඉදිරියට ගෙන යමින් කොළඹ වරාය පර්යන්තයක් බදු දීම හරහා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන රාශියක් පෞද්ගලිකරණය කලා.

ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණ පෞද්ගලිකරණ වැඩපිළිවෙළ නවතා දැම්මා පමණක් නොව නැවත රක්ෂණ සංස්ථාවවැනි ආයතන ජනතාව සතු කලා, එදා සුද්දාගේ කාලයේ සිට අවශ්‍යයි කියා තීරණය කොට තිබු සේද මාවත ඔස්සේ වැටි තිබු හම්බන්තොට වරාය ඉදිකිරීම ආරම්භ කොට ජනතාවට බාර දුන්නා, එය මේ රටේ අද ජීවත්වන ජනතාවට පමණක් නොව මතු ඉපදෙන පරම්පරා ගනනාවකට උරුම ජාතික සම්පතක්.

ඒත් 2015 ජනවාරි 8 වෙනිදා එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා එජාපය ප්‍රමුඛව ඔවුන්ගේ ඡන්දය ලබාදි ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්තා.අපි එතුමාට ඡන්දය දුන්නේ නැහ, මම අහනවා මෙතන් ඉන්න අපේ ශ්‍රිලනිප පාක්ෂිකයින්ගෙන් ඔහුන් ඡන්දය දුන්නා ද කියලා, ඡන්දය දුන්නේත් නැහ. එහෙනම් එතුමාට ඡන්දය දුන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට විරුද්ධ උදවියයි. ඒ අනුව එතුමා විසින් හම්බන්තොට වරාය විකිණීම සාධාරණයි, මොකද එජාපයේ ජනාධිපතිවරයා එම පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල යුතුයි.

ඒත් 2015 අගෝස්තු 18 වෙනිදා මහා මැතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රිලනිප රජයක් බිහිකොට බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක කිරිමට ජනතාව ඉදිරියට ගොස් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුව පැමිණ මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ඇමතිකම් ලබාගෙන එජාපයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම සදාචාරත්මක නැහ.

අද රවි කරුණානයක හිටපු මුදල් අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ ගෙන එන එක නෙවි මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය අය කල යුත්තේ, ඔහුන් වහාම තවත් ඔය ආණ්ඩුවේ නොසිට පොදු විපක්ෂයට පැමිණ එජාපයේ ආණ්ඩුවේ මැති ඇමතිකම් අත්හැරිමයි. එසේ නැතිව ඒ ආණ්ඩුව තුල සිටගෙන මුදල් ඇමතිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒම ජනතාව මුලා කිරිමකි එය බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලට එරෙහිව යෑම’ යයි චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති මෛත‍්‍රී හම්බන්තොට වරාය විකිණීම හරියටම හරි.. රවිගේ විශ්වාසභංගයට ආණ්ඩුවේ ඇමතිලා ඡන්දය දීම වැරදියි..- චමල් මනරම් දෙසුමක
ජනපති මෛත‍්‍රී හම්බන්තොට වරාය විකිණීම හරියටම හරි.. රවිගේ විශ්වාසභංගයට ආණ්ඩුවේ ඇමතිලා ඡන්දය දීම වැරදියි..- චමල් මනරම් දෙසුමක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh51vTfTAP5_iUsp_3_QY0EttNf4p3IjZ8hQegpa7C1mV-7Mj2qUSHXpdN-YWt6Ri3uQJXNJgtltwqrsICNpk_B3nmV3g6CUfu7yVQwR4-ouRkuXK1LZNyfd9P2tcZigFjC4iFyKJ4ij4/s320/Chamal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh51vTfTAP5_iUsp_3_QY0EttNf4p3IjZ8hQegpa7C1mV-7Mj2qUSHXpdN-YWt6Ri3uQJXNJgtltwqrsICNpk_B3nmV3g6CUfu7yVQwR4-ouRkuXK1LZNyfd9P2tcZigFjC4iFyKJ4ij4/s72-c/Chamal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_322.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_322.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy