මේ වනවිට ඉන්දියාව 2-0 ක් ලෙස තරගාවලිය ජයගෙන සිටින අතර තරගාවලිය 3-0 ක් ලෙස අවසන් කිරීමට ඔවුන්ට වැඩි අවස්ථාවක් හිමිව තිබේ. කෙසේ වෙතත් 3-0 ක...
මේ වනවිට ඉන්දියාව 2-0 ක් ලෙස තරගාවලිය ජයගෙන සිටින අතර තරගාවලිය 3-0 ක් ලෙස අවසන් කිරීමට ඔවුන්ට වැඩි අවස්ථාවක් හිමිව තිබේ. කෙසේ වෙතත් 3-0 ක පරාජයේ අවමානයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සටන් වදිනු ඇත.
මෙම තරගයේදී දෙපිලේම වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුව වන රංගන හේරත් නොමැති ඔවුන්ට අද ක්‍රීඩා කිරීමට සිදුවේ. ඒ ඔහු දෙවැනි තරගයේදී තුවාල ලැබීම හේතුවෙනි. ඔහු වෙනුවට ලක්ෂාන් සඳකැන් සංචිතයට එක්කර තිබේ. මීට අමතරව පසුගිය තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් මලින්ද පුෂ්පකුමාරට අවස්ථාව අහිමිවීමට ද ඉඩ ඇති අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දු යවන්නන් තිදෙනෙකු හා එක් දඟපන්දු යවන්නෙකු සමග ක්‍රීඩා කරන්නේද වේගපන්දු යවන්නන් හා දඟපන්දු යවන්නන් දෙදෙනා බැගින් සමග ක්‍රීඩා කරන්නේද යන්න අද උදෑසන තීරණය කිරීමට නියමිතව තිබිණි.
ඉන්දීය කණ්ඩායමේ රවීන්ද්‍ර ජඩේජාට මෙම තරගය අහිමි වන අතර ඔහු වෙනුවට කුල්දීප් යාදව් අද තරගයේදී ක්‍රීඩා කරනු ඇත.
COMMENTS