දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රනිල් හොරු හුරතල් නවතයි - එජාප මන්ත්‍රින්ටත් නියෝගයක්.

බරපතළ වංචා - දූෂණ සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාත...


බරපතළ වංචා - දූෂණ සහ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතනය, රතුපස්වල නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් පවතින නඩුවලට අදාළ කටයුතු කඩිනම් කර, ඒවාට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවල දී කුමන තරාතිරමේ අයකු බාධා කළ ද ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. 

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණවල දී ආණ්ඩුවට අවාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, ඊට හේතු වී ඇත්තේ පොරොන්දු වූ පරිදි දූෂිතයන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම බවත් එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් රැසක් අගමැතිවරයාට පෙන්වා දී තිබේ. එම සංවිධායකවරුන් අගමැතිවරයාට අවධාරණය කර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ දූෂිතයන්ට දඬුවම් කිරීමේ පොරොන්දුව පිළිබඳව ජනතාව දැඩි විශ්වාසයක් තබා තිබුණු බවත්, එය මේ වනවිට බිඳවැටී ඇති බවත් ය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් සමග අගමැතිවරයා විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත. එහි දී ආණ්ඩුවේ බහුතරයක් අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ පසුගිය ආණ්ඩුවේ බරපතළ වංචා-දූෂණ සහ අපරාධවලට සම්බන්ධ පිරිස් නිදහසේ සිටීම නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත් වී ඇති බවයි.

රවී කරුණානායක ඇමැති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ජනතාව තුළ නැවත වරක් ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනැංවිය හැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවත්, ඒ නිසා ඒ තත්ත්වය පවත්වා ගැනීමට අදාළ කටයුතු කඩිනමින් සිදු කළ යුතු බවත් ආණ්ඩුවට සමීප දේශපාලන විශ්ලේෂකයන් ද අවධාරණය කර ඇත. මේ සියලු කරුණු සම්බන්ධයෙන් අගමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද ඉදිරි සතියේ දී කටයුතු කරනු ඇතැයි අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමූහිකත්ව වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කරන ලෙසත්, ඉන් බැහැරව කටයුතු කිරීමෙන් පක්ෂයට මෙන්ම සම්මුතිවාදී රජයට එල්ලවන අයහපත් බලපෑම්වලින් රජයේ ඉදිරි ගමනට බාධා සිදුවන බව එජාප සියලුම මන්ත්‍රින් අවබෝධ කරගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා එජාප මන්ත්‍රින්ට දන්වා ඇතැයි දැනගන්නට තිබේ.

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමූහිකත්වය උල්ලංඝනය වන ආකාරයෙන් ඇතැම් මැති ඇමැතිවරුන් නිකුත් කරන ප්‍රකාශ හේතුවෙන් විරුද්ධවාදීන්ට පක්ෂයට හා රජයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට මාතෘකා සකස් කර නොදිය යුතු බවද හෙතෙම අවධාරණය කර ඇතැයිද සඳහන් වෙයි.

පක්ෂය, පක්ෂයේ සාමූහික තීරණ හා ඉදිරි සැලසුම්වලට හානිකර ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස එජාප මන්ත්‍රිවරුන්ට දන්වා යවන ලෙස අග්‍රාමාත්‍යවරයා එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතාට උපදෙස් දී තිබෙන බවද සඳහන් වෙයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් හොරු හුරතල් නවතයි - එජාප මන්ත්‍රින්ටත් නියෝගයක්.
රනිල් හොරු හුරතල් නවතයි - එජාප මන්ත්‍රින්ටත් නියෝගයක්.
http://ift.tt/2vYfvRl
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_123.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_123.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy