ස්වාභාවික විපත්වලට මුහුණදුන් පවුල්වල ළමුන් වෙනුවෙන් අරමුදල් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහන මගින් විශේ...
ස්වාභාවික විපත්වලට මුහුණදුන් පවුල්වල ළමුන් වෙනුවෙන් අරමුදල් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහන මගින් විශේෂ ක්‍රිකට් තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලෝක ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් කණ්ඩායමක් හා ශ්‍රී ලංකාවේ වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් අතර මෙම තරගය පැවැත්වීමට නියමිතය.
සැප්තැම්බර් මස 8 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ, රාත්‍රී විස්සයි විස්ස තරගයක් ලෙස මෙය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේය. එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ පකිස්තානය, බංගලාදේශය, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය මෙම තරගය සඳහා ක්‍රීඩකයන් එවීමට එකගවී ඇති බවය.
ඕස්ට්‍රේලියානු පිලේ හිටපු නායක මයිකල් ක්ලාක් සහ පකිස්ථාන පිලේ හිටපු නායකයන් වන සහිඩ් අෆ්රිඩි හා මිස්බාහුල් හක් යන අයට ද මෙම තරගයට එක්වන ලෙස ආරාධනා කර තිබේ. ඊට අමතරව දකුණු අප්‍රිකාවේ ෆාෆ් ඩු ප්ලේසි, ඩේවිඩ් මිල්ලර්, බංගලාදේශයේ මහ්මදුල්ලා, නාසීර් හුසේන්, නවසීලන්තයේ ග්‍රාන්ට් එලියට් සහ ලුක් රොන්චි ද මෙම තරගයට එක්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙයි.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දැන් පැවැත්වෙන තරග සංචාරය සැප්තැම්බර් 6 වැනිදා විස්සයි විස්ස තරගයකින් අවසන් වන අතර එම විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරන ඉන්දීය ක්‍රීඩකයන් කිහිපදෙනකු මෙම තරගය සඳහා ක්‍රීඩා කරවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් හා සුපිරි ක්‍රීඩකයන් කිහිපදෙන්කුට ද මෙම තරගයේ ශ්‍රී ලංකා XI කණ්ඩායම නියෝජනය කර ක්‍රීඩා කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කර තිබේ. මෙම තරගයෙන් ලැබෙන සම්පුර්ණ ආදායම පසුගිය කාලයේ ගංවතුර හා වත්මන් නියඟයෙන් පීඩාවට පත්ව ඇති ළමුන්ට පිහිටවීම සඳහා පිහිටුවා ඇති ‘ශ්‍රීලංකා ක්‍රිකට් ඒඩ්’ අරමුදලට බැර කෙරෙනු ඇත.

COMMENTS