නිවාස අධිකාරියේ සභාපති වරයා මේ බව කියා සිටියේ නිවාස අහිමිවූවන් වෙනුවෙන් මේ වන විට වව්නියාව දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස අහිමි වූ...
නිවාස අධිකාරියේ සභාපති වරයා මේ බව කියා සිටියේ නිවාස අහිමිවූවන් වෙනුවෙන් මේ වන විට වව්නියාව දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයක නිවාස අහිමි වූ සිංහල , දෙමළ හා මුස්ලිම් වැසියන් වෙනුවෙන් ඉදිකෙරෙන ස්ථීර නිවාස වල ඉදිකිරීම් කටයුතු මේ දිනවල නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් අතර මාධ්‍යට අදහස් දක්වමිනි.
මේ අනුව අදාල නිවාස ව්‍යාපෘතියෙ උතුරු පලාතට අයත් වව්නියාව, මන්නාරම , කිලිනොච්චිය , මුලතිව් හා යාපනය යන දිස්ත්‍රීක්ක පහේම මේ වන විට ස්ථීර නිවාස ඉදිකෙරෙමින් පවතින අතර නිවාස ඉදිකිරීම් බොහොමයක අවසන් අදියරේ පවතියි.
උතුරු පලාතේ රජය මගින් ඉදිකෙරෙන ස්ථීර නිවාස 2500 න් ස්ථීර නිවාස 1300 ක් පමණ ඉදිකෙරෙන්නේ වව්නියාවේ නැවත පදිංචි වූ සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව වෙනුවෙනි.
ස්ථීර නිවාස ඉදිකිරීම් නිරීක්ෂණ අවස්ථාවට සහභාගී වූ සාගර පලංසූරිය මහතා වැඩි දුරටත් කියා සිටියේ ,
‘ජනාධිපති තුමන්ගේ හා අගමැතිතුමන්ගේ සංකල්පයන් යටතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාම මැතිතුමන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන සැමට සෙවන ජාතික නිවාස වැඩසටහන යටතේ උතුරු පලාතේ ඉදිකෙරෙන මේ නිවාස ඉදිකිරීම් කටයුතු වලට දැනට ගත වී ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් අපි බලාපොරොත්තු වෙනවා සැප්තම්බර් මාසයේ අවසන් වෙනකොට නිවාස ඉදිකිරීම් සියල්ලක්ම අවසන් වෙයි කියලා එක් නිවසකට රුපියල් ලක්ෂ පහක වගේ ආධාරයක් දෙනවා මෙයින් අපි බලාපොරොත්තු වෙනන්නේ නිවාස හිමිකරුවව්ගෙත් ශ්‍රමදායකත්වයෙන් මේ නිවාස ඉදිකිරන්නයි මේ නිවාස ඉදිකරන්න කිසිම පෞද්ගලික කොන්ත්‍රාත් කරුවන් නැහැ කොන්ත්‍රාත්කරුවන්ට මේ වගේ ව්‍යාපෘති භාර දුන්නහම මුදල් නාස්ති වෙනවා. යනුවෛනි.
- වන්නි රොමේෂ් මධුශංක
COMMENTS