දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි.

කළුගඟේ හැරනියාවක ප‍්‍රදේශයේ මැණික් ගැරීමට ටෙන්ඩර් ලබා දී ඇත්තේ කෝටි දොළහ හමාරකට වුවත් මැණික් ඉල්ලම් ගත්තහොත් කෝටි 1500ක 2000ක මහා අලාභයක් ...


කළුගඟේ හැරනියාවක ප‍්‍රදේශයේ මැණික් ගැරීමට ටෙන්ඩර් ලබා දී ඇත්තේ කෝටි දොළහ හමාරකට වුවත් මැණික් ඉල්ලම් ගත්තහොත් කෝටි 1500ක 2000ක මහා අලාභයක් අනාගතයේ දී රටට විඳින්නට සිදුවන බව සබරගමු පළාත් සභා එජාප මන්ත‍්‍රී සිරිපාල කිරිඇල්ල මහතා පවසයි.

“මෙතන ගැඹුර තැනක්. ගං පතුලේ ඉඳලා අඩි 50ක් 60ක් යටට ඉල්ලම ඇතැයි කියලා විශ්වාස කරනවා. ඒ ඉල්ලම මඩ, වැලි සහ පස් එක්ක මිශ‍්‍රවෙලා තියෙන්නේ. ඒ ටික ගත්තොත් ගංඟාවේ ඉවුරු කඩා වැටෙන එක අනිවාර්යයි. එහෙම වුණොත් ඉවුර දෙපැත්තේ ඉඩම්වල තියෙන ගෙවල් 100කට විතර හානි වේවි. ඒවා පිටුපස කන්ද නායයාවි. හැරනියාවක පාලම සහ ඊට ඉහළින් අලූතින් ඉදිකළ පාලමට හානි වේවි.  මේ කරන්නේ අනාගත ව්‍යසනයකට අතවැනීමක්“

“වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය මේ පතල් කැපීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය වගේම ගොඩනැගිලි හා පර්යේෂණායතනය මේ ගැන වාර්තා ලබා දියයුතුයි. මෙතන පතල් කැපීමෙන් අපි ඔය කිව්ව හානි කිසිවක් වෙන්නේ නෑ කියලා ඔය ආයතන සියල්ලම සහතික වෙනවානම් පතල් කැපුවට අපි විරුද්ධ නෑ. ඒ නිසා දැනටමත් ආයතන තුනක් විරුද්ධ වෙලා තියෙද්දි මේ අනාගත විනාශය ගෙනෙන ක‍්‍රියාවට ඉඩ දෙන්න එපා.“

හැරනියාවක පාලම සහ ඊට කිලෝමීටරයකට පමණ ඉහළින් කෝටි ගණනක් වැයකර කළු ගඟ හරහා ඉදිකළ පාලම අතර කළුගඟේ පතුලේ ඇති මැණික් ඉල්ලම් ගැනීමට පසුගිය 12 වැනි දා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් පෞද්ගලික සමාගමකට කෝටි දොළහ හමාරකට ටෙන්ඩර් දී ඇත්තේ කිරිඇල්ල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ දැඩි විරෝධය මත බව ද කිරිඇල්ල මහතා පැවසුවේ ය.

“මෙතන මැණික් නිධානයක් ඇති බවටයි මැණික් ක්ෂේත්‍රයේ අයගේ විශ්වාසය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය, භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සහ ගොඩනැගිලි හා පර්යේෂණායතනය කියනවා නම් පතල් කැපීමෙන් අපි කියන හානිය වෙන්නේ නෑ කියලා මේක සොච්චම් මුදලකට ටෙන්ඩර් දාන්න එපා. රජයට ආදායම එනවිදියට නියාමන ක‍්‍රමයට හෝ වෙනත් ක‍්‍රමයකට ඉඩදීලා ඒ ආදායම රජයට ගන්න.අපි මේ විරුද්ධ වෙන්නේ දේශපාලන වාසි ගන්න නෙවෙයි. අපි දේවත්වයෙන් පරිසරයට ආදරෙයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

නිසි අයුරින් පාරිසරික වාර්තා ලබා නොගෙන   මැණික් කැපීම සඳහා ටෙන්ඩර් මගින් කෝටි දොළහ හමාරකට ලබාදීම ගැන නැවත සලකා බලන්නැයි තමන් ජනපති,අගමැති ඇතුළු රජයෙන් දැඩි අවධානයෙන් ඉල්ලා සිටින  බවද ඒ මහතා කීය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28598,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි.
කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි.
http://ift.tt/2hUS59r
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy