Advertisements

PropellerAds

Breaking News

සී.බී ගෙන් කෝටි 100ක් ඉල්ලා සුජීව අපහාස නඩුවක් දමයි.

සී.බී ගෙන් කෝටි 100ක් ඉල්ලා සුජීව අපහාස නඩුවක් දමයි.

තමන් කුඩා කල සිටම විනිවිදභාවයකින් කටයුතු කරන බවත් තමන් සතුව ඇති නිවාස,බැංකු ගිණුම්,කාන්තා සංවිධානය සහ දේශපාලනය සඳහා වියදම් කරන මුදල් පිළිබඳ පිළිතුරු බැඳිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ. විශේෂයෙන් මැතිවරණයකට හෝ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබා නොගත් බව සේනසිංහ මහතා ප්‍රකාශ කරයි. පසුගිය මැතිවරණයේදී ව්‍යාපාරිකයෙක් තමන් වෙත එවා තිබූ මුදල් පවා නැවත හරවා යවූ බව හෙතෙම අවධාරණය කරයි.

එමෙන්ම තමන් සතුව ඇති දේපළ පිළිබඳව මාධ්‍යයට හෝ වෙනත් ඕනෑම අයෙකුට සොයා බැලීමට හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.

" මම දන්නෙ නෑ මට චෝදනා එල්ල කළ මන්ත්‍රීවරයා සොයා බලන්නෙ නැතුව මොකට මෙහෙම ප්‍රකාශ කළාද කියල. එම චෝදනාව නිසා මට සමාජ ජාල මගින්ද ප්‍රහාරයක් එල්ල වුණා. මම දැන් උසාවියට පැමිණිල්ල ගොනු කර අවසන්. එතුමාට පුළුවන් ඒ චෝදනාව සම්බන්ධව අධිකරණයට විස්තරයක් කරල ඔප්පු කරන්න. එහෙම උනොත් මම දේශපාලනික වශයෙන් තීරණයක් ගන්නව. හැබැයි එතුමාට ඒක ඔප්පු කරගන්න බැරි උනොත් මම එතුමට විරුද්ධව මිලියන 1000 ක නඩුවක් දාල තියෙන්නෙ. නඩු අංකය 7863/17/M . මම හරියට කරන්න පුළුවන් කාලයක් මම දේශපාලනය කරනවා. නැවතත් කියන්නෙ කාගෙන්වත් අපිට සල්ලි අවශ්‍ය නෑ. අඩුම තරමේ ඉදිරියේ ජන්දයකටවත් මම කාගෙන්වත් සල්ලි ගන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. මට අවශ්‍ය ආර්ථික ශක්තිය මා විසින්ම හදාගෙන තියෙන්නෙ. ඒ වගේම මගේ "දිරිය කතුන්" ස්වයං රැකියා වැඩසටනට ලක්ෂ 100 ක වගේ මුදලක් යොදවල තියෙන්නෙ."

සිය ව්‍යාපාර වලින් ලබන ලාබ වලින් 20% ක් හෝ 30% "දිරිය කතුන්" වැඩසටහන සඳහා සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

No comments