දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජ'පුර පිරිතට පහරදුන් මැරයන් කවුද? [Videos]

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය මඟින් වාර්ෂිකව සංවිධාන කෙරෙනා පිරිත් පින් කමේ 2017 වසරේ වෙළුම ඉකුත් 30 වන දින එම පරිශ්‍...


ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය මඟින් වාර්ෂිකව සංවිධාන කෙරෙනා පිරිත් පින් කමේ 2017 වසරේ වෙළුම ඉකුත් 30 වන දින එම පරිශ්‍රයේ දී පැවැත්විණි. 

පිං කම මධ්‍යයේ එම ස්ථානයට පැමිණි දඬු මුඟුරු රැගත් මුව ආවරණය කරගත් පිරිසක් පිං කම කඩාකප්පල් කොට එම ස්ථානයේ සිටි ශිෂ්‍ය, ආචාර්ය සහ දෙමාපිය ප්‍රජාව පුරා සිව් පැයකට අධික කාලයක් එම ස්ථානයේ රඳවාගමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබේ. පිටයේ ශිෂ්‍ය  ශිෂ්‍යාවන් හට පහර දී ඇති මෙම පිරිස දෙමාපිය ප්‍රජාවට ද පරුෂ වචනයෙන් බැන වදිමින්, පීඨයේ දේපළ වලට අලාභ හානි පමුණුවමින් ඉතා නොමනා සහ අසික්ෂිත හැසිරීම් විලාශයක් ප්‍රදර්ශනය කර ඇති අතර තත්ත්වය පාලනය කිරීමට සිසුන් විසින් කැඳවා තිබූ සරසවි විනයාධිකාරී නිලධරයනට ද බාධා පමුණුවා තිබේ.

පිං කම අතරතුර බෙදා දීමට තිබූ ආහාර සියල්ලක් උනුන් අතරේ පරිභෝජනය කර ඇති මෙම පිරිස හේතුවෙන් පිං කම සඳහා සහභාගී වූ සිය ගණනක පිරිස අධික කුසගින්නෙන් පැය ගණනාවක් පීඩා විඳ ඇත. පැය ගණනක් ගත වුවත් තත්ත්වය පාලනය වන හෙයක් නුදුටු ශිෂ්‍යයින් විශේෂ කාර්ය බලකායේ පිහිට පතා ඇති මුත්, විශ්වවිද්‍යාලයේ උප කුලපති තුමන් විශේෂ කාර්ය බලකා නිලධාරින් හට සරසවිය තුළට ඇතුළු වීමට ඉඩ ලබා දී නොමැත. 

නවක වධයෙන් සම්පුර්ණයෙන් ම තොර ව්‍යවහාරික විද්‍යා පීඨය මඟින් පවත්වනු ලබන මෙම පිං කමට ඇත්තේ අභිමානවත් අතීතයකි. 2014 වසරේ මෙම පිං කම සඳහා ඉදි කර තිබූ ගොක් කොල පිරිත් මණ්ඩපය දුටු පැපිලියානේ සුනේත්‍රා දේවි පරිවේනාධිපති ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පැවැසුයේ වසර විස්සකට පමණ පසුව සරසවියේ ගොක් කොලින් පිරිත් මණ්ඩපයක් ඉදි ව ඇති බවත්, එය සිදු කර ඇත්තේ ද විද්‍යා පීඨයෙන් බවත් ය. එම වසරේ දී ද පිරිත් මණ්ඩපය ඉදි කළ පිරිස හට මෙවැනිම අමානුෂීය පහර දීමක් සිදුව ඇත්තේ පටු දේශපාලන අරමුණු කරපින්නා ගනිමින් සරසවිය තුල පැල පදියන් ව සිටිනා ඊණියා සමාජවාදීන්ගේ නිරුවත හුවා දක්වමිනි.

පහරදීම සිදු කර ඇති බොහෝ දෙනෙක් මේ වන විටත් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් බොහොමයක් අන්තර් විශ්වවිද්‍යාල සිසු බල මඩුලු සහ මහා සිසු බල මඩුලු වල ඇතුළතුන් බව ද පැහැදිලි වී හමාරය. 

සිද්ධිය සම්බන්ධයෙන් ගොළු වත රකිනා සරසවියේ උප කුලපතු ප්‍රමුඛ පාලනාධිකාරිය, සරසවිය පාලනය වන්නේ ඔවුන් ඇති ද දඬු මඟුරු රැගත් මිලේච්ඡ තිරිසනුන් අතින් ද යන පැණය යළි යළිත් මතු කරයි. බොදු අඹරේ පෑ සිළුමිණක් වන සිරි සුමඟුල් හිමි වැඩ වෙසූ එවක විදුදැය පිරිවෙණේ පිරිත් පිං කමක් වත් නිදහසේ පවත්වන්නට නොහැකි නම්, ඒ බිම ලැබූ සංවර්ධනය කුමක් දැයි පාලකයන් නැවත හැරී බැලිය යුතු නොවේ ද ? 

කතෘ සටහන : මේ සම්බන්ධ වගකිමක් තවමත් කිසිදු පාර්ශවයක් ගෙන නොමැති අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද මේ සම්බන්ධයෙන් නිහඩ පිළිවෙතක කටයුතු කරයි. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වී අදාල පාර්ශවයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවයි.







COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29537,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජ'පුර පිරිතට පහරදුන් මැරයන් කවුද? [Videos]
ජ'පුර පිරිතට පහරදුන් මැරයන් කවුද? [Videos]
http://ift.tt/2syKyCj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/videos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/videos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy