Advertisements

Breaking News

ලලිත් ජයසිංහගේ නඩු ගාස්තු එකතු කරන්නේ මධ්‍යම පළාතේ පොලිස් අධිකාරීවරයෙක්

ලලිත් ජයසිංහගේ නඩු ගාස්තු එකතු කරන්නේ මධ්‍යම පළාතේ පොලිස් අධිකාරීවරයෙක්

මෙම පොලිස් අධිකාරීවරයා මෙකී මුදල් එකතු කිරීම සඳහා සබරගමු පළාත් මහඇමති මහීපාල හේරත්ගේ දේශපාලන බලය ද උපයෝගී කරගන්නා බව සඳහන් ය. දැරණියගල නූරිවත්තේ වතු අධිකාරීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා අත් අඩංගුවට ගැනීමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීනට බාධා කරමින් ලලිත් ජයසිංහ අතකොටා ආරක්ෂා කිරීමට ක්‍රියාකළ ආකාරය අපි මීට පෙර ලිපියකින් ඉදිරිපත් කළෙමු. අතකොටා යනු මහීපාල හේරත්ගේ දේශපාලන භීෂණය දැරණියගල ප්‍රදේශයේ පැතිරවූ මැරයාය. එහෙයින් මේ මොහොතේ ශ්‍රියන්ත පීරිස් පොලිස් අධිකාරීවරයා හරහා බලහත්කාරය යොදවා මුදල් රැස්කරමින් මහීපාලලා මේ ගෙන යන්නේ කළගුණ සැලකීමේ ව්‍යාපාරයක් බව පැහැදිලි ය. ලලිත්ට කළගුණ සැලකීමට ඉදිරිපත්ව සිටින්නේ මහීපාලලා පමණක් ම නොවේ.

රහස් පොලීසිය ලුහුබැඳ ආ ප්‍රාඩෝ දෙක කාගේද ?

ලලිත් ජයසිංහ ජේ.නි.පො.ප. වරයාව අත් අඩංගුවටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුව යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රාත්‍රියේ ම රැගෙන යද්දී එම රථය පිටුපසින් ප්‍රාඩෝ රථ දෙකක් ලුහුබඳිමින් පැමිණ ඇත. CID නිලධාරීන් ගමන් ගත් රථය යම් අනතුරකට මුහුණ දුන් අවස්ථාවේ ද එකී ප්‍රාඩෝ රථ දෙක එම ස්ථානයේ නතර කළ බැවින් ඔවුන්ද කවුද යන්න පිළිබඳව නිලධාරීන් ප්‍රාඩෝ රථ දෙකෙහි පැමිණි පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කර තිබේ. "අපි මේ ලලිත් සර්ගේ යාළුවෝ, සර්ගෙ පරෙස්සමට අපි එන්නේ" යනුවෙන් එම මුස්ලිම් ව්‍යාපාරිකයින් ඒ මොහොතේ පිළිතුරු දී ඇත.

ලලිත් ජයසිංහ යහළුවන් සහ ලලිත් ජයසිංහගේ කාමර 20 හෝටලය පිළිබඳව වැඩි විස්තර ළඟදීම 'ලංකා නිව්ස් වෙබ්' තුළින් බලාපොරොත්තු වන්න.

සබැඳි පුවත් -

ලලිත් ජයසිංහගේ නඩු ගාස්තුවලට පොලිසියෙන් සම්මාදමක්!

ලලිත් ජයසිංහගේ තවත් කෙළි එළියට - 1. නූරි වතුඅධිකාරී ඝාතනය

No comments