දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

වැලිකඩ ඝාතන නඩුවේ නීතීඥයාට සහ සාක්ෂිකරුට මරණ තර්ජන !

වැලිකඩ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තම...

වැලිකඩ ඝාතන නඩුවේ නීතීඥයාට සහ සාක්ෂිකරුට මරණ තර්ජන !

වැලිකඩ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වග උත්තරකරුවන් 05 දෙනෙකු නම් කරමින් අභියාචනාධිකරණයෙහි ගොනු කෙරුණු නඩුව පසුගිය 07 වනදා විභාගයට ගැණුනු අතර නීතිපති දෙපාර්තමේන්තුව නඩුවට සූදානම් වී නොසිටි හෙයින් එය ලබන 28 වනදා දක්වා කල්තබන ලදී. එම නඩුවෙහි අංකය CA/WRIT/NO 130/2017 ය. මෙම නඩුවෙහි ලේඛනගත නීතීඥවරයා සේනක පෙරේරා මහතාවේ. එසේම 'බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ' සභාපතිවරයා වන්නේ ද නීතීඥ සේනක පෙරේරා මහතාය. වැලිකඩ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය කෙරුනේ එකී සංගමය විසිනි.

පසුගිය 11 වනදා රාත්‍රී 7.30ට පමණ සේනක පෙරේරා මහතාට පැමිණි නිර්නාමික දුරකථන ඇමතුමකින් "වැලිකඩ ඝාතනය පිළිබඳ නීතිමය ක්‍රියාදාමය සහ උද්ඝෝෂණ යන දෙයාකාරයේම ක්‍රියාමාර්ග නවත්වන ලෙසත් නොමැති නම් මරා දමන බවටත්" තර්ජනය කර තිබේ. ඔහු එදින ම රාත්‍රී 8.30 වන විට CIB/ iii/ 54/187 අංකය යටතේ නිට්ටඹුව පොලීසියට පැමිණිලි කර ඇත. එසේම අද දිනයෙහි තමන් මේ පිළිබඳව නීතීඥ සංගමයට ද පැමිණිලි කරන බව ඒ මහතා 'ලංකා නිව්ස් වෙබ්' වෙත පැවසීය.

සුදේශ් නන්දිමාල් සිල්වා මහතා වැලිකඩ ඝාතනයෙහි ඇසින් දුටු සාක්ෂිකරුවෙකි. වැලිකඩ සංහාරය ක්‍රියාත්මක වූ දිනය වන විට ඔහු බන්ධනාගාර රැඳවියකු විය. මෙම සාහසික ඝාතන පිළිබඳව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අංක 02/2015 යටතේ පැමිණිලි කළේ 2015 පෙබරවාරි මස 02 වනදාය. මෙම ඝාතන වලට එරෙහි නීතිමය ක්‍රියාදාමයේ මූලික ම පුරුකක් ලෙස නන්දිමාල් සිල්වා මහතා හැඳින්විය හැකිය. වැලිකඩ ඝාතනයට එරෙහි උද්ඝෝෂණ වලදී ද නන්දිමාල් සිල්වා මූලික කාර්යභාරයක් ඉටු කළේය.

පසුගිය 11 වනදා නන්දිමාල් සිල්වා මහතාට තර්ජනාත්මක නිර්නාමික ඇමතුමක් ලැබී ඇත්තේ රාත්‍රී 8.45ට පමණය. සේනක පෙරේරා මහතාට තර්ජනය කළ ආකාරයෙන් ම එකී ඇමතුමෙන් නන්දිමාල් සිල්වාට ද වැලිකඩ ඝාතනය සම්බන්ධ සියළුම ක්‍රියාකාරකම් වලින් ඉවත් නොවන්නේ නම් මරා දමන බවට තර්ජනය කර ඇත. ඔහු මේ පිළිබඳව 12 වනදා CIB/ ii / 298 / 111 අංකය යටතේ තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර ඇත. එසේම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ හෙට (14) ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යාමට ද නියමිත බවය.

නන්දිමාල් සිල්වා වසර දෙකකට පෙර මෙම ඝාතනය පිළිබඳව සිය පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ද විමර්ශන කටයුතු සිදුකරමින් චූදිතයින් අත් අඩංගුවට ගැනීමක් සිදුවීයේ නොමැත. පොලීසියේ මෙම අකර්මණ්‍ය ස්වභාවයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කෙරුණු අතර අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරෙන්නේ ද ඒ හේතුවෙනි. අභියාචනාධිකරණයෙහි නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මෙතක් නීතිමය ක්‍රියාදාමයට අකුල් හෙළාගෙන සිටි ගෝටාබය රාජපක්ෂ ඇතුළු වගකිවයුත්තන්ට කර ඇරීමට පහසු වන්නේ නැත. සේනක පෙරේරාට සහ නන්දිමාල් සිල්වාට මරණීය තර්ජන එල්ල කෙරෙන්නේ එවන් පසුබිමකය.

සබැඳි ලිපි

http://ift.tt/2vgNdxa

http://ift.tt/2sR9ssQ

http://ift.tt/2uakvRS

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැලිකඩ ඝාතන නඩුවේ නීතීඥයාට සහ සාක්ෂිකරුට මරණ තර්ජන !
වැලිකඩ ඝාතන නඩුවේ නීතීඥයාට සහ සාක්ෂිකරුට මරණ තර්ජන !
http://ift.tt/2uiNT8a
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_824.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_824.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy