Advertisements

Breaking News

ඩෙංගු නිසා ඇසල පෙරහැර මංගල්‍යයට සහභාගීවන ශිල්පීන්ගේ අඩුවීමක් ?

ඩෙංගු නිසා ඇසල පෙරහැර මංගල්‍යයට සහභාගීවන ශිල්පීන්ගේ අඩුවීමක් ?

ඩෙංගු අවදානම් තත්ත්වය අනුව දිවයිනේ 11 වන ස්ථානයේ පසුවූ මහනුවර දිස්ත්‍රිකය මේ වන විට තුන්වන ස්ථානයට පත්ව ඇති බවත් රෝගය හේතුවෙන් මහනුවර දිස්ත්‍රිකයේ පමණක් රෝගීන් 12 දෙනෙකු මරණයට පත්ව ඇතැයි ඒ ටි.බී.වලිසුන්දර මහතා කීවේය.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී.රණේපුර මහතාගේ මෙහෙයවීම මත පෙරහර සංවිධායක මණ්ඩලය ඇතුලු ආදාල සියලු පාර්ශවවල සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව සිදුවිය.

ඇසල පෙරහර රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 3590ක් සහභාගීවන වීමට නියමිත වේ. ශ්‍රී දළදා මාලිගාව සහ සිව් මහා දේවාල, මහජන ආරක්ෂාව, ප්‍රභූ ආරක්ෂාව, ඇසල මේලා සැණකෙලි ආරක්ෂාව ආදිය සදහා එම නිලාධාරීන් යොදවන බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එඩ්මන්ඩ් මහේන්ද්‍ර මහතා මෙහිදී සදහන් කළේය.

පෙරහැරට සහභාගීවන අලි ඇත් ගොව්වන්ට මත්පැන් ලබාදී අලි ඇතුන් කුලප්පු කිරීමේ සැලැස්මක් පිළිබද තොරතුරු අනාවරණය වු නිසා ඔවුන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සදහන් කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

No comments