දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

නිරුවත් ‘මිනිස් අලය’ –ජිංසෙං

පෙරදිග න්‍ැසියෝ ජිංසෙං අලයට ජීවයේ ආකන්ධය කියා ද කියූහ. මෙයට වසර පන්දහසකට පෙර අතීතයේ ජීවත් වූ ටිබෙට් වැසියෝ ජිසෙං මුලේ සාරයෙන් රෝගී වී ඔත්...

නිරුවත් ‘මිනිස් අලය’ –ජිංසෙං

පෙරදිග න්‍ැසියෝ ජිංසෙං අලයට ජීවයේ ආකන්ධය කියා ද කියූහ. මෙයට වසර පන්දහසකට පෙර අතීතයේ ජීවත් වූ ටිබෙට් වැසියෝ ජිසෙං මුලේ සාරයෙන් රෝගී වී ඔත්පල වී එකතැන සිටි මිනිසුන් ව මන්ත්‍ර බලයකින් මෙන් නැගිට්ටුවා තිබේ. ජිංසෙං අල අනුභව කිරීමෙන් දීර්ඝායුෂ වැඩිවන බව කියැවෙයි. පුරාණ චීන ජාතිකයෝ කොතරම් ධනයක් වැය කර වුවත් තම ගෙවත්තේ ජිංසෙං වගාකිරීමට උත්සුක වූහ.

ජිංසෙංවලට තිබෙන්නේ රත්තරන්වලට තිබෙන වටිනාකමට සමාන වටිනාකමකි. එයට කරුණු කිහිපයක් බලපායි. එකක් නම් මේ පැළෑටිය ඉතාම දුර්ලභ එකක් වීමයි. තවද එය ලෝකයේ කෙමෙන් වඳවී යන පැළෑටියක් ද වේ. එක්තරා කාලයක රුසියාවේ තයිගා මහ වනයේ ජිංසෙං පැළෑටි මහ පරිමාණයෙන් වගාකිරීමට උත්සාහ කළ බවට ද වාර්තා තිබේ. සයිබීරියාවේ කොකේසියන් කඳුවැටියේ ද යුක්රේන මහ වනය තුළ ද ජිංසෙං මහා පරිමාණයෙන් මේ වන විට වවනු ලබයි.

අගෝස්තු මාසයේ සහ සැප්තැම්බර් මාසයේදී ජිංසෙං පැළෑටිය සිය දම් පැහැ පුෂ්ප මංජරිය පුබුදුවයි. එයින් මද කලකට පසු එය බෙරි ඵලයක් බවට පත් වෙයි. එක් ජිංසෙං පැළෑටියක මුල්වල ශාඛා තුනක් හෝ හතරක් ඇතැම්විට ඇති වෙයි. එය එසේ වුවහොත් ඒ පැළයේ අයිතිකරුවා වාසනාවන්තයෙකි.

ජිංසෙං පැළයේ මුල් වර්ධනය වන්නේ ඉතාම හෙමිනි. ඇතැම්විට මුලු අවුරුද්දටම මිනිස් මුල වැඩෙන්නේ ග්‍රෑම් කිහිපයක වියළි බරක් පමණක් වැඩිවන ආකාරයට ය. එනිසා ජිංසෙං අලයකින් අපේක්ෂිත ඖෂධීය ගුණය ලබාගත හැක්කේ එය සිටුවා සත්වන හෝ අටවන ගිම්හාන සෘතුවේදී පමණ ය. නමුත් තවත් සෘතු හත අටක් ඉවසාගන්නට ඔහුට හැකිනම් ඒ ඉවසීම ම ඔහුට සැනසීම ගෙන දෙයි. මෙවිට ජිංසෙං ආකන්ධයේ හෙවත් අලයේ වියළි බර ඇතැම්විට එමෙන් සිය ගුණයකින් ඉහළ ගොස් තිබෙන්නට ද පුළුවන් නිසා ය. සාමාන්‍යයෙන් ග්‍රෑම් හයසියයක් හෝ හත්සියයක තරම් වියළි බරක් ලබාගැනීම සඳහා ජිංසෙං පැළයක් වසර 50 ක පමණ කාලයක් ගන්නවා වන්නට ද පුලුවන.

ජිංසෙං පැළෑටියේ හතර වන වර්ෂයේදී එය මැනවින් ඵල දරයි. ජිංසෙං බෙරි ඵලය ඉදුණු පසු වියළා කුඩු කරගතහැකිය.ඉන්පසු එය ජීව විද්‍යාත්මකව ඉතා වැදගත් සංඝටකවලට විද්‍යාත්මක ව වෙන් කර ගනු ලබයි. විවිධාකාර ඖෂධ ද සමේ ගල්වන ආලේපන ද විවිධ ඖෂධීය ෂැම්පු වර්ග ද මේ අනුව සාදනු ලබයි. විද්‍යාගාරයේ පාලිත තත්ව යටතේදී ජිංසෙං පැළෑටිය ප්ලාස්කු තුළ පවා වැවීමට උත්සාහ ගෙන තිබේ. අභ්‍යවකාශයට ජිංසෙං ගෙන යා හැකිදැයි සොයා බැලුවේ සෝවියට් විද්‍යාඥයෝ ය. ඔවුන්ගේ උත්සාහය සාර්ථක විය. හෙළි වී තිබෙන්නේ පොළොව මතදී වැවෙනවාක් මෙන් කිහිප ගුණයක වේගයකින් අභ්‍යවකාශයේදී ජිංසෙං පැළෑටිය වර්ධනය වන බවයි.

නූතන වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් ද ජිංසෙං වල රසායනික ගුණාත්මය තහවුරු කර තිබේ. එයින් පුද්ගයන්ගේ කායික හා මානසික ශක්තිය ඉහළ දමන බව නොරහසකි. තව ද පුද්ගලයෙකුගේ දරාගැනීමේ හැකියාව ඉහළ දමන බව ද වෙහෙස වී වැඩ කිරීමේ හැකියාව වැඩි කරන බව ද සොයාගෙන තිබේ. තවද එය මානසික ආතතිවලට ලක්වීමේ අවදානම අඩු කරයි. කෙසේ නමුත් ශරීරය තුළ අධික උත්තේජිත ස්වභාවයක් ඇති කරන නිසාම, ව්‍යාඝ්‍රාවලට සමාන ප්‍රතිඵල ජිංසෙංවලින් ඇතිකරන බව ද පැවසේ. උදාහරණයක් වශයෙන් අධික ලිංගික ක්‍රියාකාරිත්වය ඇතිකිරීම සඳහා ජිංසෙං, නිසි මාත්‍රාව ඉක්මවා ලබාගතහොත් අධික රුධිර පීඩනය හේතුවෙන් මරණය පවා ඇතිවිය හැකිය.

- අමාලි ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරුවත් ‘මිනිස් අලය’ –ජිංසෙං
නිරුවත් ‘මිනිස් අලය’ –ජිංසෙං
http://ift.tt/2tULoIp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_750.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_750.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy