පසුගිය දිනවල කතාබහට ලක්වූ තැනක් තමයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. ඔබට හිතෙයි මේ ගැන ඉතිං හැමදාම කතන්දරනෙ කියලා. මේ පාර කතාව පුරුදු...
පසුගිය දිනවල කතාබහට ලක්වූ තැනක් තමයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව. ඔබට හිතෙයි මේ ගැන ඉතිං හැමදාම කතන්දරනෙ කියලා. මේ පාර කතාව පුරුදු කතාව (සේවක ඉල්ලීම් ) නෙවෙයි. විශේෂත්වය අන්න එතැන. මේ කතාව ඒ ගැන. ඒ තමයි යෝජිත දුම්රිය කෞතුකාගාරය. ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි, දකුණු ආසියාවේම හොඳම දුම්රිය කෞතුකාගාරය. මේ කතා බහ සමාජ ගත වීමත් එක්ක දුම්රියේම පිරිසක් ඊට විරුද්ධව අදටත් පෙනී සිටිනවා. දුම්රියේ අයිතියක් පෞද්ගලික අංශයට පැවරීමක් වගේම දෙපාර්තමේන්තුව තුළ කරන්න තව බොහෝ දේ තියෙද්දී හදිසියේ කෞතුකාගාරයක් කළ එළි බැසීම තමයි ඔවුන්ට ප්‍රධාන වශයෙන් පවතින ගැටළුව. කොහොම නමුත් දිගින් දිගටම ඇවිලෙමින් පවතින මේ දුම්රිය කෞතුකාගාර ගින්න ගැන කතාකරන්න අපි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා සමඟ සම්මුඛ වුණා.
වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට අනුව ජාතික මට්ටමේ දුම්රිය කෞතුකාගාරයක අවශ්‍යතාව මතුවෙන්නේ 1998/99 කාල වකවානුවේ. නමුත් එවැන්නක් යතාර්ථයක් කර ගැනීමට ඒ මොහොතේ දෙපාර්තමේන්තුවට හැකි වෙන්නේ නැහැ. එහි බරපතලම බාධාවක් තමයි මුල්‍ය දායකත්වය කොතනින්ද ලබා ගන්නේ කියන කාරණය. ඒ අනුව ජාතික මට්ටමේ දුම්රිය කෞතුකාගාරයක සිහිනය දුම්රිය දෙපාර්තමේන්තුව දකින්නේ අද ඊයේ නෙවෙයි කියන එක ආරියරත්න මහතා සඳහන් කරනවා.
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=GSHZL5eeKqg[/youtube]
ජාතික ප්‍රවාහන සේවාව තුළ දුම්රිය විශේෂ සලකුණක්. බොහෝදෙනා දුම්රියට පෙම්බදින්නේ ඒ නිසා. වසර 150ක පමණ ඉතිහාස කතාවකට උරුමකම් කියන "උඩරට මැණිකෙට පටකුඩ දෙක දෙක", කෝච්චියට කවුද අකමැති !
ඉතින් මේ කෝච්චියේ ඉතිහාසය, වර්තමානය අනාගතයට රැගෙන යන්න දෙපාර්තමේන්තුවට තනිව කළ නොහැකියි. විශේෂයෙන් අද දවස වන විට සංචාරක කර්මාන්තය පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඊට මේ දුම්රිය කෞතුකාගාරයත් බොහෝ සෙයින් වැදගත් බව ඒ ගැන දන්න ඕනෑම කෙනෙකුට වැටහෙනවා. හොඳ අරමුණක් වෙනුවෙන් ඇයි හොඳක් කියන්න බැරි ?
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=wfa4jGERr8I&t=10s[/youtube]
මහජන බැංකුවේ මුල්‍ය අනුග්‍රහයෙන් ඉදිකිරීමට නියමිත එම දුම්රිය කෞතුකාගාරය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති දැනුවත් කළ බවයි ආරියරත්න මහතා අවධාරණය කරන්නේ. එහෙත් සෙසු සියලු වෘත්තීය සමිති මෙම කර්තව්‍යයට එකඟතාව පළකරන විට දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පමණක් ඊට එරෙහිව වෙනවා. කෙසේ වෙතත් එම විරෝධය පසුපස ඇත්තේ දේශපාලන අභිමතාර්ථයක් බවයි ආරියරත්න මහතා පෙන්වා දෙන්නේ.
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=B0FJHF-_kVc&t=12s[/youtube]
විශේෂයෙන්ම මෙම කෞතුකාගාරයට එරෙහිව මත පළකරන දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දී තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දහසක් ප්‍රශ්න තිබියදී ප්‍රමුඛතාව කෞතුකාරයට ලබා දීම පිළිබඳ ගැටළුවක් පවතින බවයි. එම කෞතුකාගාරය ඉදිකරන්නේ පෞද්ගලික සමාගමක් බවත් එය ඉදිරියේදී නඩත්තු කෙරෙන්නේද එම සමාගමෙන් වන හෙයින් එය දුම්රිය සතු දෙපළක් පෞද්ගලික අංශයට පැවරීමක් ලෙස ඔවුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම දුම්රිය කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රු.මිලියන 300ක මුල්‍ය දායකත්වය සපයන්නේ මහජන බැංකුව.
මෙම කාරණය පැහැදිලි කරමින් දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසන්නේ ආයතන වල පවත්නා අකාර්යක්ෂමතාව නැතිකරගැනීම සඳහා ආයතනයේ සේවකයන් මැදිහත් වියයුතු බවත් ඊට වෙනත් සුභ සාධන සේවා සපයන ආයතන වගකිව යුතු නැති බවයි.
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=3MgfXU1I8j0&t=2s[/youtube]
කෙසේ වෙතත් මෙම කෞතුකාගාරය පිටුපස ඇති විරෝධය තුළ මතුවන්නේ කෞතුකාගාරයක් ගොඩනැගීමේ විරෝධයක් නොව දුම්රිය සාමාන්‍යාධිකාරී වන තමන්ට හා මහජන බැංකුවේ සභාපති වන හේමසිරි ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් වන විරෝධයක් බව ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=0D3Td73RJkU&t=12s[/youtube]
ආශිකා බ්‍රාහ්මණ / නිශාන්ත ප්‍රියදර්ශන
COMMENTS