යාපනය නල්ලුර් ප්‍රදේශයේදි වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය මුලස්ථාන පොලිසිය වෙත බාර වී ඇතැයි වාර්තා වේ. මේ අතර එම වෙඩි...
යාපනය නල්ලුර් ප්‍රදේශයේදි වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය මුලස්ථාන පොලිසිය වෙත බාර වී ඇතැයි වාර්තා වේ.
මේ අතර එම වෙඩි පහරින් මිය ගිය උප පොලිස් පරික්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර මහතා පොලිස් පරික්ෂකවරයකු වශයෙන් උසස් කර ඇති බව පොලිසිය කියයි.
අදාල වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සෙල්වරාජා ජෙයන්තන් නම් වන අතර 1996 වසරේ සිට 1998 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරී පුද්ගලයකු වශයෙන් කටයුතු කර ඇතැයි වාර්තා වන අතර සැකකරු රැකියාව වශයෙන් යාපනයේ සිට කූරිකට්ටුවාන් ජැටිය දක්වා පෞද්ගලික බස් සේවාවක රියදුරෙකු වශයෙන් කටයුතු කොට ඇති අතර පවුලේ තිබූ ත්‍රී රෝද රථයක්ද පදවා ඇත.
COMMENTS