මේ අතර ඉහත විමර්ශනයට ම ඊයේ දිනයේ අත් අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායකට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්...
මේ අතර ඉහත විමර්ශනයට ම ඊයේ දිනයේ අත් අඩංගුවට ගනු ලැබූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායකට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ කොටුව මහේස්ත්‍රාත්වරියට විවිධ පාර්ශ්වයන්ගෙන් දිගින් දිගට ම බලපෑම් එල්ල වෙමින් පවතින බවද වාර්තා වේ. බොහෝ ප්‍රබල පුද්ගලයින් මේ වෙනුවෙන් ඉල්ලීම් කර ඇති අතර සමහරුන් වක්‍රව ඉල්ලීම් කර ඇත. අමාත්‍ය මංගල සමරවීර මහතා නොදැනුවත්ව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින්ද මීට එක් වී තිබේ. නීතිය ක්‍රියාත්මක කරවීමට එරෙහිව ගෙනයනු ලබන මෙම නින්දිත වෑයම වහාම නවත්වා දැමිය යුතුය. එසේ නොකරන්නේ නම් තරාතිරම නොබලා අදාල පුද්ගලයින් පිළිබඳව හෙළිදරව් කිරීමට 'ලංකා නිව්ස් වෙබ්' අප සූදානම් ය.
COMMENTS