2008 වසරේ දී කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වලින් සිසුන් 5 දෙනෙකු ඇතුළු දෙමළ ජාතිකයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළ...
2008 වසරේ දී කොළඹ ආශ්‍රිත ප්‍රදේශ වලින් සිසුන් 5 දෙනෙකු ඇතුළු දෙමළ ජාතිකයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබඳව විමර්ශන කටයුතු වලදී මෙසේ හිටපු නා. හ. මාධ්‍ය ප්‍රකාශක වරයා අත් අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 12 වනදා වැලිසර නාවික හමුදා රෝහලේදී ය. ඔහු අත් අඩංගුවට ගැනීමේ තීරණය පිළිබඳව තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවේ හිතවතුන් විසින් රහසින් ඔහුට ලබා දීමෙන් අනතුරුව කොමදෝරු දසනායක මෙලෙස රෝහල් ගත වූ බවට ද පුවත් වාර්තා වී තිබිණි. එසේම ඔහු විදෙස් ගතවීමේ සූදානමක් පැවති බවට ද මාධ්‍ය වාර්තා කර තිබිණි. එමෙන් ම ඔහුට ඇප ඉල්ලා බොහෝ පුද්ගලයින් වෙහෙසුණු බවට ද ඊයේ පුවත් පළ වී තිබිණි.
කෙසේ වෙතත් අද දිනයේ අධිකරණය වෙත ගිලන් රථයකින් ගෙන එන ලැබූ කොමදෝරු දසනායකව පරීක්ෂා කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අතර ඔහුව යළිත් ගිලන් රථයෙන් ම රැගෙන යනු ලැබිණි.
සම්බන්ධිත පුවත්
හිටපු නාවික හමුදාපතිට සහ වත්මන් නාවික හමුදාපතිටත් අතුරුදන් කරවීමේ චෝදනා එල්ල වන ලකුණු
http://ift.tt/2tPvBdL
ඩෝරාවෙන් උසාවි එන කොමදෝරු දසනායක
http://ift.tt/2tlFhcs
කොමදෝරු ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට - Update
http://ift.tt/2tPB6sZ
ඩී.කේ.පී. දසනායක අත්අඩංගුවට ගැනීමට නියෝග
http://ift.tt/2tlUCdr
COMMENTS