මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල නිළධාරීන්ගෙන් කරුණු විමසන බවත් සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් වන්දියක් ලබාදීමට කටයුතු කරන බවත් එම නිවේ...
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාල නිළධාරීන්ගෙන් කරුණු විමසන බවත් සේවකයන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් වන්දියක් ලබාදීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
සිම්බාබ්වේ-ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තරග පැවැත්වූ කාල වකවානුව තුළ සූරියවැව ක්‍රීඩාංගනයේ කටයුතු සඳහා තාවකාලික පදනම මත සේවකයන් 100 ක් පමණ බඳවාගෙන තිබිණි. ඒ දිනකට රුපියල් 1000 වැටුපක් සඳහායි. ඔවුන්ගේ සේවා කාලය අවසන් වූ පසු සේවකයන්ට ලබා දී තිබූ ඇඳුම් නැවත ලබාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් සේවකයන් කලින් දැනුවත් කර නොතිබිනි. ඒ නිසා සමහර සේවකයන්ට සිදුවූයේ අඩනිරුවතින් නිවෙස් කරා යාමටයි.
COMMENTS