දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මා කුඩු වී ගියත්-ඔබ සොයා පැමිණ වැළඳ ගන්නෙමි !!

‘චීනයේ මැන්ඩෙලා’ යැයි අන්වර්ථ නම් ලද ලියු සියාබෝ දිවි ඇති තෙක් සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ මානව හිමිකම් වෙනුවෙන් යැයි යමෙකු කියන්...

මා කුඩු වී ගියත්-ඔබ සොයා පැමිණ වැළඳ ගන්නෙමි !!
‘චීනයේ මැන්ඩෙලා’ යැයි අන්වර්ථ නම් ලද ලියු සියාබෝ දිවි ඇති තෙක් සටන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය, සාමය සහ මානව හිමිකම් වෙනුවෙන් යැයි යමෙකු කියන්නට පුළුවන. එය ඇත්තකි. නමුත් එය සම්පූර්ණ ඇත්ත නොවේ. සම්පූර්ණ ඇත්ත වන්නේ දිවි ඇති තෙක් ඔහු සටන් වැදුණේ සහ ඒ සටන වෙනුවෙන් ඔහු ව ජීවත් කරවූයේ ආදරය විසින් බවයි.
 
ඔවුන් දෙදෙනාගේ නම් දෙකේ වෙනස ඉංග්‍රීසි අකුරු දෙකක් පමණි. ඔහුගේ නම ලියු සියාබෝ ය. ඇගේ  නම ලියු සියා ය. සියාබෝ ට සියාව මුලින්ම මුණ ගැසුණේ 80 දශකයේදී ය. ඇය ද කිවිඳියකි. තවද ඡායාරූප ශිල්පිනියකි. 1996 වසරේ ඔවුන් විවාහ වන විටද ලියු ක්සියාබෝ සිටියේ සිර දඬුවමක් විඳිමිනි. කවියා ඇය සමග ප්‍රේමයෙන් බැඳුණේය. ප්‍රේමයෙන්ම මියැදුණේය.
 
2010 වසරේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ විට සියා, සියාබෝ ගේ බිරිඳ වූ හෙයින් සියාබෝ ද සමගම බලධාරීන් විසින් නිවාස අඩස්සියට පුත් කෙරුණේය. නමුත් ඇයට විරුද්ධව නගන්නට චෝදනාවක් බලධාරීන්ට තිබුණේ නැත. “මීට වඩා විකාරරූපී දෙයක් ගැන ලියන්නට කෆ්කාටවත් නොහැකිය” යනුවෙන් සියා ලීවාය. 
 
තමන් පෙම් බැඳි, සිය ජීවිතයෙන් කාලක් හෙවත් විවාහ ජීවිතයෙන් අර්ධයක්ම සිපිරිගෙයි ගතකරමින් සිටි මේ  මිනිසා දැකබලා ගැනීම පිණිස ඇයට සෑම මසකම දීර්ඝ වූ ද වෙහෙසකර වූ ද දුම්රිය ගමන්වල යෙදීමට  සිදුවිය. ඇය මෙහෙණියක සේ සිය කෙස්වැටිය සහමුලින්ම කපා දැමුවාය. 2013 වසරේදී ඇය මෙසේ ලීවාය. “ලියු සියාබෝගේ භාර්යාව වීම මේ රටේදී යම්කිසි අපරාධයක් වන්නට පුලුවන.”  
 
ලියු ක්සියාබෝ විසම්මුතිවාදියෙකි. නිර්භය මිනිසෙකි. දේශපාලන විමුක්තිය ඉල්ලා සිටිමින් ඔහු 1989  තියනාන්මෙන් ශිෂ්‍ය අරගලයට සම්බන්ධ විය. විරෝධතාකරුවන්ට සාමකාමී ලෙස චතුරස්‍රයෙන් පිටවීම සඳහා ක්ඔහු තවත් මිතුරන් තිදෙනෙක් සමග එක් වී සුහද ලෙස කටයුතු කළේය. සුප්‍රසිද්ධ ජූනි 3-4 අත්අඩංගු ලැයිස්තුවේ මුලින්ම සිටියේ ඔහු ය. මාස 21 ක් ඔහු ව රැඳවුම් භාරයේ තබා ගැනිණි. එය ආරම්භය පමණක් විය. ඔහුගේ විප්ලවවාදී කවි කියවා පාලකයෝ කුපිත වූහ. ඔහුගේ කවි සහ සියාගේ ඡායාරූප යන මාධ්‍යයන් දෙකම සටන් කළේ පොදු යක්ෂයෙකුට එරෙහිව ය.  
 
2017 මැයි මාසයේදී සොයාගැනුනේ ලියු ක්සියාබෙවා් ඉතාම දරුණු ගණයේ අක්මා පිළිකාවකින් පෙළෙමින් සිටින  බවයි. ඔහු බලාසිටියදී දුර්වල විය. කැඳ හැන්ද සියතින් අල්ලාගත නොහැකි තත්වය ට පත්විය. සියා ඔහු අසලින්ම වූවාය. මියෙන මොහොතේදී ද ගිලන් සයනය අසල වූවාය.
 
ගාඩියන් පුවත්පත මෙය හඳුන්වා දෙන්නේ “බලාපොරොත්තු විරහිත භාවයේත් කැපවීමේත් ශ්‍රේෂ්ඨ නූතන ආදර කතාවක් ලෙස ය. 
 
ලියු ක්සියාබෝ මරණ මංචකයේදී කළ අවසන් ඉල්ලීම වූයේ සියා ව නිදහස් කරන ලෙසයි. චීනයේ සිටි සුප්‍රසිද්ධම දේශපාලන සිරකරුවා ෂෙන්යැන් නුවර පොලිස් රෝහලේදී අවසාන වශයෙන් යමක් ලියමින් සිටියේය. සැබවින්ම එය දේශපාලන සටහනක් නොව බහු අරුත් දෙන පෙම් කවියකි.
 
“ප්‍රේමය අයිස් මෙන් තීව්‍රය. කාල වර්ණය මෙන් දුරස්ත ය.
විටෙක මගේ කුල්මත් බව-ඒ සමාව නොදිය හැකි හළාහල විෂ ම ය...”
 
මේ අතර ලියු සියා ද ඔහු සමුගෙන යන නිමේෂයේ කවි පොතක් රචනා කරමින් සිටියාය. ඒ පොතේ ඔහු සමග බැඳීම දැල්වුණු ආකාරය පිළිබඳ ඉඟිකරන සංවේදී කවි කිහිපයක් අඩංගු ය. විදේශික ප්‍රකාශකයෙකු ඉදිරිපත් වී එය චීනයෙන් පිටතදී ප්‍රකාශනය කරනු ඇතැයි සැලකේ. එයින් එක් කවියක් මෙසේ ය. 
 
“මා දන්නවා, දැන්ම හෝ පමා වී
ඒ දිනය පැමිණේවි
ඔබ මා අතැර ගොස්
අඳුරු මාවතේ තනිව පිය නගන..”
 
I know sooner or later the day will come
When you’ll leave me
And walk alone down the road of darkness.
 
දැන් ඒ දිනය පැමිණ ඇත.  බටහිර රටවල් ඇයව නිදහස් කර,  චීනයෙන් පිටමං කර තමන් වෙත එවන ලෙස ඉල්ලා සිටිති. එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, සෙසු බටහිර රාජ්‍ය පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා පවා මේ පිළිබඳ ආයාචන කර තිබේ. ලියු සියාබෝ ට කරන ගෞරවයක් වශයෙන් ඇගේ නිල නොවන රැඳවුම අවසන් කර ඇයට නිදහස ලබාදෙන මෙන් ඉල්ලා සිටිති. මෙයට ප්‍රතිචාර දක්වමින් ජෙන් ෂුවැන්ග් නමැති චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා කියා තිබෙන්නේ කුමක්ද? මෙය තමන්ගේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් ඒ ගැන සිත කලබල කර නොගන්නා ලෙස ය. ලියු සියාබෝ ගේ නොබෙල් ත්‍යාගය ‘දේවාපහාසයක්’ යැයි ද ඔවුන් කියා තිබේ.!!
 
2014 වසරේ සියාට හෘදයාබාධයක් වැළඳිණි. පසුගිය වසරේ ඇගේ පියා මියගියේය. මේ වසරේ අප්‍රේල් මාසයේ ඇගේ මව ද මිය ගියාය. ජූනි මාසයේ සියාබෝ ගේ අක්මා පිළිකාව ගැන සැළ විය. මේ මොහොත වන විට ඇය අති දරුණු විශාදයකින් පෙළෙමින් සිටින්නීය. තවමත් ඇය සිටින්නේ නිවාස අඩස්සියේ ය. නමුත් ඇගේ සිතට තනි නැත. සියාබෝගේ අළු රොද පැමිණ ඇගේ හිස සිඹිනු ඇත. 2009 වසරේදී සිය නඩුව සඳහා සූදානම් වන අතරවාරයේ සියාබෝ තම ප්‍රේමය ගැන කළ ප්‍රකාශයකින් මේ සටහන නිමා කරමි. 
 
“මා කුඩු වී ගියත්-ඔබ සොයා පැමිණ වැළඳ ගන්නෙමි”!!
 
-රදිකා ගුණරත්න
 
leu xiabo 1
leu xiabo 2

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා කුඩු වී ගියත්-ඔබ සොයා පැමිණ වැළඳ ගන්නෙමි !!
මා කුඩු වී ගියත්-ඔබ සොයා පැමිණ වැළඳ ගන්නෙමි !!
http://ift.tt/2to2x9T
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_441.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_441.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy