ඔහු පමණක් නොව ඔහුගේ ගජයා සිඩ්නි ජයසිංහ විසින් දුන් දිව්රුම් ප්‍රකාශයකින්ද බ්‍රයන් ෂැඩික්ගේ දේපොල විකුණා මිලියන ගණනක මුදල් ලබා ගත් බව පිළි...
ඔහු පමණක් නොව ඔහුගේ ගජයා සිඩ්නි ජයසිංහ විසින් දුන් දිව්රුම් ප්‍රකාශයකින්ද බ්‍රයන් ෂැඩික්ගේ දේපොල විකුණා මිලියන ගණනක මුදල් ලබා ගත් බව පිළිගෙන ඇති අතර මුදල් වලට කළ දේ ඔහුට දැන් මතක නැතැයිද කියයි. මෙම අමතක වීම, නීතියේ සිදුරුවලින් රිංගීමට ගෙතූ පට්ටපල් බොරුවකි. ඩොලර් මිලියන ගණනකට කළ දෙයක් මතක නැති වීම තරම් විහිලුවක් තවත් නැත. දැන් ඔවුන්ගේ එම සම්පූර්ණ දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය ඕනෑම අයෙකුට අධිකරණයෙන් ලබා ගත හැකිය. (දිව්රුම් ප්‍රකාශ වල ඒ බව සඳහන් කොටස් වෙන වෙනම මේ සමග අමුණා ඇත)
ගම්මන්පිල මුලදී කීවේ මෙසේය. “මේ වන විට පොලීසිය සොයාගෙන තිබෙනවා බ්‍රයන් ෂැඩික් නැමැති පුද්ගලයාට පෑන් ඒෂියා බැංකුවේ කොටස් කිසිම දවසක තිබිලා නැහැයි කියලා. ඔහුගේ ඒවා හොරකම් කරන්න මුලින්ම ඔහුට කොටස් තිබිය යුතුයි. දෙවැනි කාරණය ඔහු කිසිම දවසක මට ඇටර්නි බලපත්‍රයක් දුන්න බවට කිසිදු සාක්ෂියක් නෑ."
2015 අගෝස්තු 20 - වීඩියෝ සාක්ෂිය:
[youtube height="300" width="570" align="left|right|none"]http://www.youtube.com/watch?v=sqED_4ZgQfE&feature=youtu.be[/youtube]
මේ ආකාරයෙන් මුල සිටම මෙම සිද්ධිය අභූත චෝදනාවක් හා ගොතන ලද මනංකල්පිතයක් යැයි එකහෙළා කියූ ගම්මන්පිලම දැන් එය සත්‍යයක් බවත්, බ්‍රයන්ට කොටස් තිබූ බව හා ඒවා විකුණා තමා මුදල් ගත් බවත් පිළිගැනීම සත්‍යවාදීන් ලැබූ ජයග්‍රහණයකි. (ගම්මන්පිලගේ සහ සිඩ්නිගේ දිව්රුම් ප්‍රකාශවලින් වරද පිලිගෙන ඇති අයුරු මෙහි ඇති ඉමේජ් වල කහ පැහැයෙන් ලකුණු කර තිබේ.)
මෙම දිවුරුම් ප්‍රකාශවල තවත් පිටපත් අවැසි නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මාධ්‍යවේදීන්ට පමණක් නොව ඕනෑම පුරවැසියෙකුට ලබාගත හැකි බව යළි යළිත් සිහිපත් කරනු කැමැත්තෙමි. කෙසේ නමුත් මේ පිළිබඳ හෙළිදරව් කිරීමට අවශ්‍ය අයගේ පහසුව සඳහා ගම්මන්පිලගේ හා සිඩ්නි ජයසිංහගේ දිවුරුම් ප්‍රකාශවල සම්පූර්ණ පිටපත් මේ සමග අමුණා ඇත.
ගම්මන්පිල සමග සිඩ්නි ජයසිංහ සිරගතවූ පසු වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන්ට අල්ලස් දීම සඳහා මුදල් මිටි ගසාගෙන ගොස් සිඩ්නිගේ පුත් අමිල ජයසිංහ හසුවූ බවද ඔබට මතක ඇතුවා ඇත. පහතින් අමුණා ඇත්තේ පිවිතුරු හෙළ උරුම පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට 2017 ජනවාරි 02වන දා සිඩ්නි ජයසිංහ හා ගම්මන්පිල දෙදෙනා එක්ව සිටි ආකාරයයි.
ලසිත පෙරේරා - 0775 319 943
බ්‍රයන් ෂැඩ්ඩික්ගේ ඇටෝර්නි බලකරු.
COMMENTS