Advertisements

Breaking News

ඩෙංගු මැඩපැවැත්වීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබාගත යුතුයි - සාගල රත්නායක

ඩෙංගු මැඩපැවැත්වීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබාගත යුතුයි - සාගල රත්නායක

මාතර දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී ඇමතිවරයා මෙම අදහස් පළකළේය.

බස්නාහිර පළාතේ රෝහල් බහුතරයක් ඩෙංගු රෝගීන්ගේ පිරී තිබුණද මාතර දිස්ත්‍රික්කයේ එවැනි තත්වයක් නොමැති බවත් ඒ නිසා මාතර ප්‍රාදේශීය රෝහල් ඇතුළු සියලු රෝහල්වල ප්‍රතිකාර කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා කටයුතු කරන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන, ආරක්ෂක අංශ, විවිධ සංවිධාන සහ ජනතාව සහභාගි කරගන්නා විශේෂ වැඩපිළිවෙලක් හරහා පරිසරය පිරිසිදු කිරීම, ජනතාව දැනුවත් කිරීම සිදුකරන බව ද ඇමතිවරයා පවසයි. දඩගැසීමෙන් පමණක් මෙම තත්වය පාලනය කළ නොහැකි බවයි ඇමතිවරයා අවධාරණය කරන්නේ.

මාතර ඉඳුනිල් කැළුම් ජයවීර

[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=vxFr8nRiDm8&feature=youtu.be[/youtube]

.....

No comments