දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සයිටම් රජයට පවරා ගන්නේ නැහැ - රාජිත

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ලබන සඳුදා (17) සිදු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...

සයිටම් රජයට පවරා ගන්නේ නැහැ - රාජිත

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ලබන සඳුදා (17) සිදු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිතය. නවීන වෛද්‍ය තාක්ෂණ උපකරණවලින් යුත් මාළබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අක්කර 05 ක භූමිභාගයක හරිත සංකල්පයක් අනුව ගොඩනගා තිබේ. වර්ග අඩි 180,600 කින් යුක්ත මහල් 04 කින් යුත් ගොඩනැගිල්ලක් සහ මහල් 08 ක ගොඩනැගිලි දෙකකින් රෝහල සමන්විත වෙයි. ශික්ෂණ රෝහලක තිබිය යුතු අතිනවීනතම වෛද්‍ය සේවා සහ සායනික පහසුකම්වලින් මෙම රෝහල පරිපූර්ණය. රජයට බාරදෙන මෙම රෝහල සෘඡුවම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මෙන්ම දකුණු පළාතේ ජනතාවට සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථානයක් බවට ද පත්වනු ඇත.

මේ අතර මෙම මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාව පිළිබඳ තොරතුරු ද හෙළි කළේය.

'හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීම මත අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවට කැමැත්ත පළ කර තිබුනා. එහිදී අග්‍රාමාත්‍යවරයා කොන්දේසි දෙකක් ඉදිරිපත් කළා. මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කැමැත්ත සහ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිවීම අනිවාර්යවීම එම කොන්දේසි දෙකයි. ඊට එකඟත්වය පළ කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡාවට සහභාගි වුනා. එහි සභාපතිවරයා සහ ලේකම්වරයා ඊට එක්ව සිටි අතර, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සයිටම් සිද්ධිය මුල්කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පෞද්ගලිකව පහරදීම වැරදි බවයි. සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ තීන්දු තීරණ තමයි ක්‍රියාත්මක කරන්නේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ද ගැසට් කිරීමට කටයුතු කර තිබෙනවා. එම නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගන්න යැයි අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට ප්‍රකාශ කළා. මෙම සාකච්ඡාව සුහදව පැවැත්වුනා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධූරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුනා. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපතිධූරය සඳහා නම් දෙකක් ඉදිරිපත් කළා. හිටපු සභාපතිවරයෙක් සහ පෞද්ගලික රෝහලක සභාපතිවරයෙකු ඊට ඇතුළත්. මේ පිළිබඳව සොයාබලා නව සභාපතිවරයා පත් කිරීමට කටයුතු කරනවා. වෛද්‍ය ආඥා පනතට අනුව සභාපතිවරයා පත් කිරීමේ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාටයි.'

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් රජයට පවරා ගන්නේ නැහැ - රාජිත
සයිටම් රජයට පවරා ගන්නේ නැහැ - රාජිත
http://ift.tt/2uqF4do
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_412.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_412.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy