පසුගිය රජය සමයේ මෙවන් වාහන, ආබාධිත රණවිරුවන්, ක්‍රීඩකයන් සේම ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් සමාගම්, හෝටල්, අනුමත රාජ්‍ය නොවන සංවිධාන සහ සංචාර...
පසුගිය රජය සමයේ මෙවන් වාහන, ආබාධිත රණවිරුවන්, ක්‍රීඩකයන් සේම ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් සමාගම්, හෝටල්, අනුමත රාජ්‍ය නොවන සංවිධාන සහ සංචාරක ප්‍රවාහන වැනි ආයතනවලට තීරුබදු රහිතව ආනයනය කිරීමට අවසර ලබා දී තිබිණි. මෙම රථය ද එම පදනම යටතේ ආනයනය කර ඇති වාහනයක් බව තහවුරු වන බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
මෙසේ තීරු බදු රහිතව ආනයනය කිරීමේ දී පනවා ඇති එකම කොන්දේසිය වන්නේ මුදල් අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව ඒවා අන්සතු කිරීම, අලෙවි කිරීම සහ බදු දීම කළ නොහැකිය යන්න පමණි. එවන් කොන්දේසි තිබූ පමණින් එම වාහනය කිසිසේත් මුදල් අමාත්‍යාංශය සතු වාහනයක් වන්නේ නැති බව ද මුදල් අමාත්‍යංශය පවසයි.
ඒ අනුව එම රථය මුදල් අමාත්‍යාංශයට අයත් බව අගවමින් සමාජ ජාල වෙබ් අඩවිවල පළ වූ ප්‍රවෘත්තිය පදනම් විරහිත සහ සත්‍යයෙන් තොර බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
COMMENTS