සාකච්ඡාව අතරතුරදී අදහස් දක්වමින් භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ අරලියගහ මන්දිරයට වැඩම කිරීමට පෙර සිතුවේ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීම නාලාගි...
සාකච්ඡාව අතරතුරදී අදහස් දක්වමින් භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ අරලියගහ මන්දිරයට වැඩම කිරීමට පෙර සිතුවේ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීම නාලාගිරි දමනය හා සමාන වනු ඇති බවයි. නමුත් අගමැතිවරයා කටයුතු කරන්නේ දමනය වූ අයෙකු පරිද්දෙන් බව තහවුරු විනැයි උන්වහන්සේලා ප්‍රකාශ කළහ. අගමැතිවරයාගේ මැතිවරණ ප්‍රකාශය කියවූ විට පැහැදිලි වූයේ බුහුදහමට නිසිතැන ලබා දීමට ඔහු කටයුතු කර ඇති බව යැයිද උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ කළහ.
මේ අතර දඹුලු ලෙන් විහාරය යුනෙස්කෝ ලෝක උරුමයෙන් ඉවත් කිරීමේ අවදානමක් ඇත්නම් එය ආරක්ෂා කර ගැනීමට මැදිහත් වීමට සිදු වන බව එම තරුණ භික්ෂුන් වහන්සේලා පැහැදිලි කළහ.
මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළේ වෙහෙර විහාරස්‌ථාන වසා දැමීමේ වුවමනාවක් නැති බවත් සංරක්ෂණ කටයුතු සඳහා දඹුලු ලෙන් විහාරයට පැමිණෙන ජනතාව පැමිණීම කෙටිකාලයකට නවතා දෙන්නැයි උපදේශක සභාව කියනවා නම් ඒ පිළිබඳ මහනායක හිමිවරුන් දැනුවත් කර එය ක්‍රියාත්මක කිරීම හැර වෙන කුමක් කරන්නේද යන්නයි. එමෙන්ම තවදුරටත් දඹුලු ලෙන් විහාරය ලෝක උරුමයක් ලෙස පවත්වා ගෙන යාමට ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය නැත්නම් ඒ අනුව ආණ්ඩුවටද කටයුතු කළ හැකි බව අමාත්‍යවරයා කියා සිටියේය.
එහිදී අදහස් දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ බුදු දහම අනතුරේ - ශාසනය නැති වෙනවා යන දේශපාලන සටන් පාඨය නිසා රටේ ඇත්ත ප්‍රශ්න යටපත් වී ඇති බවයි. රාජපක්ෂ රෙජීමය සමයේ මල්වතු මහ නා හිමියන්ට තර්ජනය කළ බවත් දළදා මාළිගාවට බෝම්බ ගසනාවා යැයි බලපෑම් කිරීමත් තරම් තවත් බරපතල තත්ත්වයන් ඇත්දැයි වික්‍රමසිංහ මහතා පැවසීය. මේ වන විට ආර්. සම්බන්ධන් මහතාද බුදුදහම පිළිබඳ යහපත් ස්ථාවරයක සිට කටයුතු කරන බවයි හෙතෙම සඳහන් කළේ.
එමෙන්ම දඹුලු ලෙන් විහාරය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වෙනවාද යන්න පිළිබඳ විහාරස්ථානය තීරණය කළ යුතු බවත් ඊට විෂය භාර අමාත්‍යවරයා මැදිහත් නොවන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=wXOvuaP1wxE[/youtube]
COMMENTS