පිරිසිදු කිරිමේ ක්‍රියාවලියට සමගාමීව ඩෙංගු උවදුර හා පරිසරය පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් ද සිදුකෙරිණි. නිවෙස් පිරි...
පිරිසිදු කිරිමේ ක්‍රියාවලියට සමගාමීව ඩෙංගු උවදුර හා පරිසරය පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් ද සිදුකෙරිණි. නිවෙස් පිරිසිදු කරලීමට අමතරව, ඩෙංගු මදුරුවන් ඇතිකළ පිරිස් වෙත නඩු පැවරීම සහ රතු නිවේදන ලබාදීමද මේ හා සමගාමීව සිදුකළේය. එසේ ඩෙංගු මදුරු කීටයන්ට නවාතැන් සැපයූ මාතර පොල්හේන ප්‍රදේශයහිම ප්‍රධාන සංචාරක හෝටලයක් වෙත නඩු පැවරීමක්ද සිදුකෙරිණ. එහිදී පැමිනෙන්නන්ගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා තබා තිබෙන මල් බදුන් තුල ඩෙංගු මදුරු කීටයන් සොයා ගැනීමට නිළධාරීන් සමත්විය.
මේ අතර මාතර නගර සභාව විසින් අද දිනයහිදී බී.ටී.අයි. බැක්ටීරියාව ද ජලය රැදෙන ස්ථාන වෙත මුදාහැරීමද සිදුකළේය.
මාතර ඉදුනිල් කැළුම් ජයවීර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=btDmp7pmyAM&feature=youtu.be[/youtube]
.....
COMMENTS