දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ තරඟ ප්‍රතිඵල

ත්‍යාග වල පොඩි වෙනසක් කරන්න අවසර. ස්ථාන තිබුනේ තුනයි. අන් තරඟ වගේ නොව මේක ටිකක් අ(ති)සාර්ථක තරඟයක් නිසා තරඟ කරුවන් සිටියේ හතර දෙනයි. එම න...

පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ තරඟ ප්‍රතිඵල

ත්‍යාග වල පොඩි වෙනසක් කරන්න අවසර. ස්ථාන තිබුනේ තුනයි. අන් තරඟ වගේ නොව මේක ටිකක් අ(ති)සාර්ථක තරඟයක් නිසා තරඟ කරුවන් සිටියේ හතර දෙනයි. එම නිසා හතර වන ස්ථානයකුත් එකතු කරල සහභාගී වුණ හැමෝටම ජයග්‍රහණය කරන්න අවස්ථාවක් දෙන එක හොඳයි කියලා හිතුනා. මට විශ්වාසයි ගරු විනිශ්චයකාර තුමත් ඒකට එකඟ වෙයි කියලා. ඒ අනුව පළමුවෙනි ස්ථානයට රු. 15,000/= ත්‍යාගය, දෙවන ස්ථානය 10,000/= ත්‍යාගය එහෙම තියෙද්දි තුන්වන ස්ථානයේ ත්‍යාගය රු.7,500/= සහ හතරවෙනි ස්ථානයට රු.5,000/= වශයෙන් වෙනස් වෙනවා. ඔබ හතර දෙනාට කාලය මිඩංගු කරමින් මගේ පිස්සු වලට අනුග්‍රහය දැක්වූවාට නැවතත් ස්තූතියි.

මෙන්න ඔබ පුල පුලා පොල පොලා බලා සිටි ඒ තීන්දුව

ෂමා වෙන්ටෝන මැල්ලුං කතන්දර විනිශ්චය මෙච්චර දවස් පමා වුනාට....:(

මේ දවස්වල මෙහෙ රස්නෙ බොහොම අධිකයි. ඒ එක්කම හදිසි වැඩක් ඇවිල්ල අපි උදේ හතේ ඉඳලහවස හය වෙනකල් එක දිගට වැඩ. තේ වෙලාවටවත් යන්ට නෑ පෑන්ට්‍රි එකට. තේ එකත් ලඟට ගෙනත් දෙනව. දවල් කෑමත් කෑවයින් නොකෑවයින් ආපහු එනව ඩෙස්ක් එකට. ඉතිං එහෙම පැය එකොළහක් ඩෙස්ක් ටොප් ස්ක්‍රීන් එක දිහා බලා ඉඳල හවස ගෙදර ආවම ආය කම්පියුටරේ දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ.

හරි ඒ ඇති මගේ නිදහසට කාරණා නොහොත් විත්ති වාචකය.

දැන් තරඟෙට ඉදිරිපත් වුනු කතා හතර ගැන…... මේ පොල් මැල්ලුම් ෂානරය කියන්නෙ තනිකර ඉයන්ගෙ සංකල්පයක්. ඉතිං එහෙම උනහම ඉයන්ගෙ නිර්ණායක අනුව තමයි තරඟය විනිශ්චය කරන්න වෙන්නෙ.

ඒ අනුව පොල් මැල්ලුං කතාවක එකිනෙකට සම්බන්ධ නොවෙන සිද්ධීන් එහෙම නැත්නම් වෙනස්ම පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන සිද්ධීන් කිහිපයක් එක පොදු යම් සාධකයකින් එකට ඈඳී තිබීම වැදගත්.

එහෙම බලනකොට රොමාගෙ කතාව ඒ නිර්ණායකයට ගැලපෙන්නෙ නෑ. එකම පුද්ගලයෙකුට ජීවිතේ යම් යම් අවස්ථාවන්හිදී මුහුණ දීමට සිදුවන සිද්ධීන් සමූහයක් වශයෙන් ගත්විට නම් ඔහුගේ කථාව සාර්ථකයි.

අනිත් කථා තුන අඩු වැඩි වශයෙන් ඉයන්ගෙ නිර්ණායකයට අනුව නිර්මාණය කරල තියනව.ඒ අතරිනුත් කථාව ගලා යාමේ අනාකූලතාවය සහ ඒ සමඟ එකිනෙකාට අසම්බන්ධ පුද්ගලයින් සුමට ලෙස නිර්මාණයට යොදා ගැනීම යන කාරණා අතින් දුමීගෙ කථාව ඉතාම සාර්ථකයි.

ඒ නිසා මගේ තීරණය මෙහෙමයි.

1. "ජීවිතයද මේ" - දුමී

2. "නොනවතින ජීවිත" - අරූගේ ලෝකය

3. "එකමත් එක කතා තුනක්" - තරිඳු ලක්ෂාන්

http://ift.tt/2thqTSU

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ තරඟ ප්‍රතිඵල
පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ තරඟ ප්‍රතිඵල
http://ift.tt/2tLpXtq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_141.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_141.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy