දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මා සම්බන්ධ පුවතේ ඇතැම් කරුණු අසත්‍යයි - පෝද්දල ජයන්ත පවසයි

පෝද්දල ජයන්ත නිව්යෝක් 13/07/2017 කතෘ තුමා ලංකා නිවුස් වෙබ් මහත්මයාණනි, ‘ගෝඨාභය පෝද්දලට කලින් දැනුම්දීමකුත් කරලා ' මැයෙන් ජුලි ප...

මා සම්බන්ධ පුවතේ ඇතැම් කරුණු අසත්‍යයි - පෝද්දල ජයන්ත පවසයි

පෝද්දල ජයන්ත
නිව්යෝක්
13/07/2017

කතෘ තුමා
ලංකා නිවුස් වෙබ්
මහත්මයාණනි,

‘ගෝඨාභය පෝද්දලට කලින් දැනුම්දීමකුත් කරලා ' මැයෙන් ජුලි පළකර තිබූ ඇතැම් කරුණු අසත්‍යයි
මේ වන විට ඉවත් කරනු ලැබ ඇති ඉහත ශීර්ෂ පාඨය සහිතව පළකර තිබූ ප්‍රවෘත්තියේ සඳහන් ‘තොපි ඇවිල්ලා අවජාතික බල්ලෝ, තොපේ රැවුල් කපලා කටේ ඔබලා අතපය කඩලා දානවා' යන්න හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාපක්ෂ අප ඉදිරියේ සඳහන් නොකළ බව දැනුම් දීමට කැමැත්තෙමි.

එක් අවස්ථාවක එවකට සංගමයේ සභාපති සනත් බාලසූරියත් මමත් බන්දුල පද්මකුමාර මහතා හරහා සිය කාර්යාලයට කැඳවා තර්ජනය කළ බව සත්‍යයකි.

දැනට කරගෙන යන උද්ඝෝෂණ නැවැත්වූයේ නැත්නම් වෙන දේ බලා ගන්න පුළුවන් යන්න ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කළ අතර එය සිදු කරන්නේ කවුද ? කවද්ද? අප පෙරළා ප්‍රශ්න කළ පසු ‘ඒක වෙන වෙලාවට වෙන්න ඕන තැනින් සිදුවේවි' යන්න අවධාරණය කළේය. ඔබ අප දෙදෙනා කැඳවූයේ ජීවිත තර්ජනයක් කරන්න දැයි අපි නැවත ඔහුගෙන් ප්‍රශ්න කළෙමු. ඔහු කෝපයෙන් වියරුව සිටි බවත් සත්‍යයකි. (අවජාතක කතාවක් ඔහු සඳහන් කළ අතර එය සිදුවූයේ මෙසේය)

(‘තමුසෙලා ඉක්බාල් අතාස් වෙනුවෙන් පෙනී සිටියා ...'
‘ඔව් අපි පැහැදිලිවම පෙනී සිටියා. ඉක්බාල් අතාස්ගේ ආරක්ෂාව ඔබතුමාලා ඉවත් කළේ ඇයි?' අපි ඔහුගෙන් විමසුවා.

(ගෝඨාභය රාජපක්ෂ කේන්තියෙන් ගුගුළමින් කියා සිටියේ ‘ඌ අපි ඔපරේෂන් එකක් පටන් ගන්න ඉස්සෙල්ලා ඔක්කොම ලියනවා. ඒ හින්දා තමයි අපි සමහර තැන්වල ෆේල් වුනේ ..'

ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දුන්නා. අපි ඔහුගෙන් යළි පෙරලා විමසුවා

‘ඔබතුමන්ලා ඔපරේෂන් ප්ලෑන් කරන්නේ හමුදාවේ ඉහළම නිළධාරීන් එකට වාඩිවෙලා. ඒ සාකච්ඡා මේසෙට ඉක්බාල් අතාස් එනවද? ඉක්බාල් අතාස්ට ඔපරේෂන්වල තොරතුරු දෙන්නෙ ඔය මේසෙ වාඩි වෙන උදවිය. එතනින් තොරතුරු එන එක නවත්වා ගන්න. නැතුව ඉක්බාල්ගෙන් පලිගන්න එපා'

අපේ පැවසීමට ගෝඨාභයට ඉහළින්ම කේන්ති ගියා. ඔහු එක්වරම ලක්ෂ්මන් හුළුගල්ල දෙසට හැරී ‘මුන් කාට ජාතක වෙලාද දන්නෙ නෑ'
යන වචනය පාවිච්චි කළා. සාකච්ඡාව අවසාන වුනේ ඔහුගේ එම කතාවට අපේ දැඩි විරෝධය පළකිරීමෙන් පසුවයි.

‘අපේ මව්පියෝ දුප්පත්, ඒත් ඔය කියන විදිහට අපි කාණු පල්ලේ ජාතක කරල නම් නැහැ' යන්න අපේ පිළිතුර විය. ( ඒ හැරුණු කළ එම ප්‍රවෘත්තියේ සඳහන් කර තිබූ අයුරින් ‘තොපි ඇවිල්ලා අවජාතක බල්ලෝ යන්නත් රැවුල් කොණ්ඩ කටේ ඔබන කතාවකුත් අතපය කඩන කතාවකුත් කියවුනේ නැහැ.
(සිදුවූ දෙයට වඩා කරුණු අතිශෝක්තියෙන් කියා පෑමට අවශ්‍ය නැත. සිදුවූ දේ ඉතා පැහැදිලිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා දී ඇත. එහෙයින් ඉදිරියේ හෝ යමක් සටහන් කර ගන්නේ නම් එය වඩා තහවුරු කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

ස්තූතියි
විශ්වාසී
පෝද්දල ජයන්ත

සංස්කාර සටහන
ජේෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාට ඔහුගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අප ස්තූතිය පල කරමු.

යම් සිදුවීමක් වාර්තාකරණයේදී එකී වාර්තාකරු අතින් යම් පමණක අතිශෝක්තියක් සිදුවන්නේ එහි වින්දිතයන්ට අගතිවිරහිතවය. විශේෂයෙන්ම අපරාධ වාර්තාකරණ කලාවේදී ( Art of crime reporting) 100% ක් සිදුවී ඇති දෙය වාර්තාකරණය කිරීමට යාමෙන් එහි සෘජු වාසිය අත්වන්නේ අපරාධකරුටය. එය බොහෝවිට විත්තියේ නීතිවේදීන් ඔවුන්ගේ සේවා දායකයා වෙනුවෙන් විත්තිවාචිකයන් සකස් කිරීමට යොදා ගනු ලැබේ. එවැනි තත්වයන් මග හැරීමට අප සවිඥාණිකව බැඳී සිටින්නෙමු. අපගේ අවසාන අරමුණ යම් පමණක අතිශෝක්තියක් තුලින් හෝ වින්දිතයාට සාධාරණය ඉටු කිරීමය.

අප නොදත් තවත් කරුණු පාඨකයාට හෙළිදරව් කිරීම පිළිබඳව නැවතත් අප ඔබට ස්තූතිය පළ කරමු.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28597,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා සම්බන්ධ පුවතේ ඇතැම් කරුණු අසත්‍යයි - පෝද්දල ජයන්ත පවසයි
මා සම්බන්ධ පුවතේ ඇතැම් කරුණු අසත්‍යයි - පෝද්දල ජයන්ත පවසයි
http://ift.tt/2t12668
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_114.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_114.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy