දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගෙඹි අඳෝනාව නොහොත් සංවර්ධනයේ ප්‍රථිලාභ

ගොනාපිට හකුරු පැටෙව්වාක් මෙන් යටත් වහල් මානසිකත්වයෙන් යුත් පසුගාමී ජනතාවකට (පාලකයින්ද ඇතුලුව) දිනාගත් ප්‍රජාතන්ත්‍රීය නිදහස හඳුනාගත නොහැකි...

ගෙඹි අඳෝනාව නොහොත් සංවර්ධනයේ ප්‍රථිලාභ
ගොනාපිට හකුරු පැටෙව්වාක් මෙන් යටත් වහල් මානසිකත්වයෙන් යුත් පසුගාමී ජනතාවකට (පාලකයින්ද ඇතුලුව) දිනාගත් ප්‍රජාතන්ත්‍රීය නිදහස හඳුනාගත නොහැකිව අදෝනාවන් සහ වහසි බස් දොඩමින් සිටින්නා හා මෙම වැදගත් අවස්ථාව වගවිය යුතු සංවාදයකට යොමුකර අප ගමන් කලයුතු දිශානතීන් හඳුනාගෙන ඊට ගැලපෙන වැඩපිළිවෙලවල් සකස් කරනවාට වඩා එකිනෙකාට චෝදනා කරමින් තියෙන ගැටලු අවුල් කරමින් නැති ප්‍රශ්න ඇති කරමින් සිටින සැටියකි.
 
එය හරියටම වියළි කලාපයට අකලට වට මහා ධාරාණිපාත වරුසාවකින් පසු ප්‍රාණවත් වූ ගෙඹි රංචුවක් නගන අඳෝනාවක් වැන්න. එක හඬක් හෝ වෙන් වෙන්ව හඳුනාගැනීමට නොහැකිවාක් මෙන් ම තරමක් ඈතක සිට  ශ්‍රවනයට වැටෙන හඬවල් එක්තරා තාල රිද්මයක් හඳුනාගත හැකිය. ඔවුන් එසේ තාල නගමින් බිජු ලති.
 
ඒ අන්දමට වත්මන් පාලකයින් අඳෝනා නගමින් බිජලෑමට පටන්ගෙන ඇත්තේ අපුරු ආකාරයකටය. පාලකයින්ගේ බිජු ලෑම පරපුර බිහිකරනවාට වඩා පරපුර විනාශ කිරීමට මඟපාදා ඇත.
 
“යහපාලන ජාතික ආණ්ඩුව” දෙස බලනවිට පැහැදිලි වන්නේ එළහරකයි මීහරකයි එකට ඈදා වැඩ ගැනීමට දැගලීමය. ප්‍රධාන එම කණ්ඩායම් දෙක ප්‍රති පත්තිමය වශයෙන් යාකල නොහැකි රේල් පීලි දෙකක් මෙනි. ප්‍රතිපත්තිමය වශයෙන් පමණක් නොව කාලයක් තිස්සේ ඇන කොටාගත් දෙපිරිසක් එක්වී ගමනක් යන්නට සැරසුනත් දෙපිලටම පිළිගත හැකි ප්‍රතිපත්ති රාමුවක් ගොඩනගා ගැනීමට අපොහොසත් වීම හා ඒ සඳහා උත්සාහ නොගැනීම ප්‍රථම අවුල බවට පත්ව ඇත. “කොහොමහරි අපි එකතුකලානේ” කියා පුරසාරම් දෙඩු පමණින් රටක් වශයෙන් ඉදිරියට නොයන බව රෙද්දපල්ලෙන් වැක්කෙරෙන නරිවාදන් වලින් දැන් දැන් පැහැදිලි වෙමින් ඇත.
 
අඩුම තරමේ කණ්ඩායම්වලට අවම මට්ටමේ එකඟවිය හැකි තැනකට පැමිණ ඊට ගැලපෙන පොදු ප්‍රතිපත්තියක සිට වැඩ කිරීමට තිබිණ. එම අවස්ථාව ගිලිහී ගියාක් මෙන්ම, අමු අමුවේම ජනතා පරමාධිපති බලයට පයින් ගසා ජනතාව ප්‍රතික්‍ෂේප කල පිරිසක් ලංකරගෙන උසස් තනතුරු පිරිනමා යහපාලන කන්‍යාව දූෂණය කර ඇත. තම තමන්ගේ තනතුරු බේරාගැනීමට පමණක් එකතු වී සිටීමෙන් හිත් රවටා ගැනීමක් මිස රටක් වශයෙන් ඉදිරියට නොයනු ඇත.
 
ඒ වගේම මෑත භාගයේ සිට ජනාධිපති පුටුවට පත්වන්නන් ප්‍රදේශවාදීන් බවට පත්වීමය. ජනාධිපතිවරයෙක් පත්කර ගන්නේ සහ ඔවුන් වගවිය යුත්තේ රටකට අයත් මුළු මහත් භූමියටමය. එහෙත් මෑතක සිට ඔවුන් වැඩි සැලකිලි දක්වන්නේ තම තමන්ගේ ප්‍රදේශවල යම් යම් ඉඳිකිරීම් වලටය.  එසේ නම් ඉදිරියේදී සෑම ප්‍රදේශයකින්ම,  සෑම දිස්ත්‍රික්කයකින්ම ජනාධිපතිවරයෙකු පත්කරගත යුතුද? යන ගැටලුව අප ඉදිරියේ ඇත. ඔවුන් පටු වන්නේනේද සමස්ථ වැඩ පිලිවෙලක් නොමැති බැවිනි.
 
වත්මන් රජයේ අංක එකේ පොරොන්දුව වූයේ දූෂිතයින් ඇල්ලීම හා දූෂණයට වැට බැඳීමය. මේ මොහොත වනවිට එය හොරුන් නොඇල්ලීම හා ජාතික දේපල හොරකම් කිරීම ප්‍රතිපත්තියක් බවට පත්ව ඇත. තෝර මෝරු පැත්තකට කර හාල්මැස්සන් කීප දෙනෙක් අල්ලගෙන මවා පෑමෙන් පැහැදිලි වන්නේ එකම පංතියේ අය ආරක්‍ෂා කිරිම හැර වෙන කුමක්ද? රාජ්‍ය නායකයා හොරු අල්ලන ආයතන තමාවෙත පවරාදෙන ලෙස යාදින්නේ ගැලරියේ ප්‍රජාව චූන් කිරීමට විනා ප්‍රජාතන්ත්‍රවාදයේ පාරිශුද්ධත්වය රැකීමට විය නොහැකිය. ඉතිහාසය අපට බොහෝ දේ උගන්වා ඇත. වධකාගාර හා ටයර් සෑයවල් පවත්වාගෙන ගිය අය අප අතර තවමත් ජනතාවට කොකා පෙන්වමින් සිටින්නාහ. නීතියේ අධිපත්‍යයය යන්න ඇති හැකි අය ආරක්‍ෂාකර නැති බැරි එකා දඟගෙයි ලෑම විනා අන්දෙයක් නොමැති බව ජනතාව තේරුම් ගනිමින් සිටී.
 
සයිටම් ප්‍රශ්නයද එසේමය. ජාවාරම්කාර කූට වෙළදුන් වෙනුවෙන් ජාතික දේපල හා ජාතියේ වටිනා ජිවිත ඊට බිලිදීම විනා අන් දෙයක් නොමැත.
 
ප්‍රමිතියෙන් යුතු ලාභය සඳහා ජීවිත බිලී නොගන්නා පෞද්ගලික අධ්‍යාපනය වෙනුවට කූට ජාවාරම් කාරයින් රැකීමට ඉදිරිපත්වී සිටීම අන් කිසිවක් නොව වරප්‍රසාලත් පංතියට ගිලිහීගිය අධ්‍යාපන අවස්ථාවන් නැවත ලබාගැනීමට හා ඔවුන්ගේ ලාභය වෙනුවෙන් පොදු දේපලද භාවිතයට ගෙන ඔවුන්ගේ ලාභය වැඩිකර ගැනීමට උදව් කිරීමය. නීතියේ ආධිපත්‍යය දරන්නන්ද ඊට හවුල් වී සිටිති. 
 
ඊනියා වෙළඳ ප්‍රතිපත්තියක්, බඩජාරිකමත් නිසා ගොඩ ගැසෙන කැලි කසල ප්‍රශ්නයටද අපුරු විසදුමක් ලබා දී ඇත. එය අත්‍යවශ්‍ය සේවාවක් කර තම තමන්ගේ අගුපිල්වලට ගෙනත්දාන කුණු කසලවලට විරුද්ධවන්නන් දඟගෙයි ලෑමය. එසේ නොමැතිනම් ජල මාර්ග අවහිර කරමින් විවිධ වූ පරිසර පද්ධතීන්ට මුදාහරිමින් සිටින්නාහ. ඒවාට විරුද්ධව දෙන උසාවි තීන්දුවලට පවා අභියෝග කරමින් කල්මරමින් සිටින්නාහ. තිරසාර විසදුම් ඉදිරිපත් කිරිමට දේශීය මෙන්ම විදේශීය කණ්ඩායම් ඉදිරිපත් වුවත් ඔවුහු නිහඬකල සැටියක් පෙනේ. කොළඹ පමණක් නොව ලොකු කුඩා සෑම නගරයකම එකතුවන කසල විවිධ වූ කැලෑ හා මුඩුබිම්වලට මුදාහැරියත් ඒවා ආපසු එකතු වන්නේ ජල මූලාශ්‍ර වලටමය.
 
ඩෙංගු ප්‍රශ්නයට ද ඉදිරිපත් කල විසදුම්ද හරි අපූරුය. එම විසදුම්වලින් පැහැදිලිවන්නේ ඩෙංගු වඳ කරනවාට වඩා පවත්වාගෙන යෑමට දිරිදීමකි. ඩෙංගු රෝහල් ඇතිකිරීම, පාසල් දරුවන්ට ඇග සම්පූර්ණයෙන් වැසෙන ඇදුම් ඇන්දවීම යෝජනාකරමින් සිටිති. පිටරටින් ආනයනය කරන ශාඛ භක්‍ෂක මදුරුවෙකු බෝ කිරීමෙන් සතෙක් වන මදුරුවා වදවන්නේ කෙසේදැයි වටහාගත නොහැකිය.
 
උද්ඝෝෂණවලට තැන් වෙන්කිරීමද එවැන්නකි. ජනතාව උද්ඝෝෂණය කරන්නේ විවිධ වූ ගැටලු විසඳා ගැනීමට පාලකයින්ගේ ඇස් ඇරවීමය. පාලකයින් හිතා ගෙන ඉන්නේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ තමන් ගේ ඇගේ අමාරුවට කියාය. ඒ මදිවට දේශපාලන කුමන්ත්‍රණ, යන පදය ගසමින් ඔවුන්ගේ හඩ ලඝුකොට මගහැරිම ප්‍රශ්නවලට ඇහුම්කන්දී විසඳනවාට වඩා පහසුය.
 
ඒ වගේම උමා ඔය ගැටලුව දෙස බලන ආකාරයෙන් පැහැදිලිවන්නේ පාලකයින්ගේ දුෂ්ඨකමය. කඳුකරය පිළිබඳව කඳුකරයෙන් පටන්ගන්නා දිය සීරාවන් පිළිබඳව ඔවුන්ගේ ආකල්පවල දුගී බව එයින් පැහැදිලි වේ.
 
ලග්ගල හා නුවරඑළිය නැගෙනහිර බෑවුමෙන් ආරම්භවන උමා ඔය වැලිමඩ හරහා ගලා ගොස් බදුලු ඔයට සමාන්තරව මහවැලියට එකතුවන දිය දහධාරවකි. එමෙන්ම වැලිමඩ ඩයබරා සිට ආරම්භවන උමං මඟ කෙළවර වන්නේ හපුතලේ කඳුවැටියේ නැගෙනහිර බෑවුමෙනි. හපුතලේ කන්ද යන්න නුදුරු අනාගතයේදී මධ්‍යම කඳුකරයෙන් වෙන්වී හුදකලා වීමට නියමිතය. ඒ සඳහා මෑත භාගයේ සිට ඊට මුලපුරා ඇත. බෙරගල-වැල්ලවාය මාර්ගයේ නාකැටිය හා මිරියබැද්ද නාය යෑමද, හපුතලේ බණ්ඩාරවෙල උඩ මාර්ගය නාය යෑමට ගොදුරු වී ඇත. එහි පෙර නිමිති කියා පාන්නේ බඹ විස්සකට නොඅඩු පටු තීරයක්ම පවතින පටු තීරයෙන් මධ්‍යම කඳුකරයට සම්බන්ධ වී ඇති සීග්‍ර බෑවුම් සහිත දෙපැත්තට සෝදා ගියවිට එහි ජීවිත හා භූමියට වන හානිය ගැන අඹමල් රේනුවක තරම් සැලකිල්ලක් දැක්වීමට ඔවුන් කුරිරු වී ඇති සැටිය.
 
වත්මන් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට පරිසර ඇගයීමක් නැති, ප්‍රමිතියක් නැති ව්‍යාපාර ලෙස තමන් එය හදුනාගත්තේ නම් කල යුතුව තිබුනේ නායකත්වය භාරගත්දාම රටට ජනතාවට, භූමියට වගවිය යුතු පාලකයෙක් ලෙස ඒ පිළිබඳව විශේෂඥ සහාය ලබාගෙන එය ඉදිරියට පවත්වාගෙන යෑම හෝ නොයෑම පිළිබඳ තීන්දුවකට ඒමය. කණගාටුවක තරම, ඒ බව ප්‍රකාශ කරන්නේද ව්‍යාපාතිය අවසාන අදියරයේ ගෙවල් දොරවල් භූමිය ඉරිතලා ගිය පසුවය. එහෙත් අවසාන මොහොතේ අශ්වය පැනගිය පසු “මමත් උද්ඝෝෂකයින්ගේ පැත්තේ යැයි කීම හෝ අද හෙටම විශේෂඥ සහාය ලබාගෙන වාර්තාවක් ලබා ගැනීමට පියවර ගන්නවායැයි කීම වගකිව යුතු පාලකයෙකුගේ ප්‍රකාශයක් ලෙස සැලකිය නොහැක්කේ මේ වනවිට එම ව්‍යාපෘතිය අවසන් අධියරේ පවතින බැවිනි. දැන් හැකිවන්නේ නොර්වේ හෝ වෙනත් රටක විශේෂඥයින් ගෙන්වා උමං මාර්ගය පරීක්‍ෂා කිරීම නොව දේශාලකයින්ගේ පරීක්‍ෂා කිරිමය. 
 
මෙයින් වැඩිදුරටත් පැහැදිලිවන්නේ කිසිදු ගැටලුවකට දේශපාලකයින් සතුව තිරසාර විසදුම් නොමැති නන්දෙඩවීම් පමණි.
 
මුලින් සඳහන් කලාක්මෙන් අකලට වට වැස්සෙන් කටවල් පෙගී අඳෝනා නගන ගෙඹි රංචුවක් පමණි. ගෙම්බෝ රැයක් පුරා අදෝනා නගා පසුදින වනවිට අනාගත පරපුරේ ආරක්‍ෂාව වෙනුවෙන් බිජු දහසක් දමා මිය යෑමය. අන්තිමට ඉතුරුවී ඇත්තේ දේශපාලකයින් ගේ අදෝනාවලින් බිජුලා ඇත්තේ ඩෙංගු කීටයන්ය. කඳට ඇලී තිබුණු පඩපොතු එදිරියට නෙරා එන දේශපාලුවන්ගේ බඩ ගෙඩිය. නොදුරු අනාගතයේ මදුරුවන් බෝවී ජනතාව එකා පිට එකා වැටි වැටී මියයන්නේ සෞඛ්‍ය ඇමතිවරයාට අනුව සංවර්ධනයේ ප්‍රතිලාභයයි.
 
එහෙත් ඇත්ත කාරණය පොට්ටයන් නොවන බිහිරන් නොවන අයට පැහැදිලිය. සියලු තර්ක ගොඩනගමින් දේශපාලකයින් විසින් තම තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සියලුදේ කරමින් සිටින සැටිය. රජයේ සේවකයින් ගේ විශ්‍රාම වැටුප පවා අහෝසි කරන තමාගේ සුරක්‍ෂිතතාවය තහවුරු කරගෙන සිටිති. 
 
වර්තමාන පාලකයින් රට භාරගන්නා විට ගුවන් තොටුපලවල පවා වී ගබඩා කර ගැනීමට හැකි වුවත් ඒවා අඩුමිලට වෙළෙන්දන්ට විකුණා ලාභ ගැනීමට සලස්වා රටින් හාල් ගෙන්වා ජනතාව තව තවත් ණයකාරයින් කරවීමට උජාරු කථා පවත්වන්නේ තම අම්මා අප්පගෙ බූදලය වැය කරන්නාක් මෙනි. කිරි ගොවියාද කිරිබොන දරුපැටියාගෙ තත්වය ඊට නොදෙවෙනිය.
 
කාලයක් තිස්සේ ඔඩු දුවන රජරටට සීමා වී තිබුණු වකුගඩු උවදුරු, වියලි කලාපය පුරාම පැතිරී ඇත. තවත් අති පණ්ඩිතයෙකු කියනුයේ වල්නාශක නිසා කඳුකරයේ කිසිවෙකු වකුගඩු රෝගයට ගොදුරු වී නැති බවය. එහෙත් කදුකරයට මුසු කරන වස විස සෝදාගෙන විත් එකතු වන්නේ පහත් තැනිබිම්වල බව ඔහුට නොවැටහෙන්නේ කොමිස් හා වෙනත් වරදාන නිසාය.
 
ගංවතුර, නායයෑම, නියඟය, රැකියා ප්‍රශ්නය, මුහුද ඛාදනය මේවා ගැන වගක් නැත.
 
මේ සෑම දෙයකින්ම පැහැදිලිවන්නේ දශක හැත්තෑවක් පුරාම දේශපාලකයින්ගේ අසමත් භාවයයි. එහෙත් දැන උගත් යැයි කියාගන්නා අය පවා ඔවුන් පසු පසම ගොට්ට අල්ලමින් යනවාවිනා දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය මහජනයා උදෙසා, මහජනයා රජ කරවන මාවත අහුරමින් සිටිති.
 
මහජනයා විසින් මහජනයා උදෙසා වූ මහජන ප්‍රජාතන්ත්‍රවාදී  රාජ්‍යයක සිහිනය බොඳකරමින් සිටිති,
 
රටකට අරමුණක්, දීර්ඝ කාලීන වූ සැලැස්මක්, වැඩ පිළිවෙලක්, ඊට සමගාමී වූ ජාතික ප්‍රතිපත්ති කිසිම දිනෙක දේශපාලකයින් අතින් නිර්මාණය නොවන බව තේරුම් ගැනීමට දශක හතක අත්දැකීම් ප්‍රමාණවත් නොවේද? 
 
සුනන්ද රත්නායක 
 
 

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෙඹි අඳෝනාව නොහොත් සංවර්ධනයේ ප්‍රථිලාභ
ගෙඹි අඳෝනාව නොහොත් සංවර්ධනයේ ප්‍රථිලාභ
http://ift.tt/2tHajzg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_106.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_106.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy