මෙම නිවාස ඉදිකිරීම ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් සිදුකරන අතර ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කථානායක නිල නිවසේ දී ඊයේ (14) සවස සිදු කෙර...
මෙම නිවාස ඉදිකිරීම ඉන්දීය රජයේ අනුග්‍රහයෙන් සිදුකරන අතර ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කථානායක නිල නිවසේ දී ඊයේ (14) සවස සිදු කෙරුණි.
අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබීම සඳහා ඉන්දීය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා සිදුකළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් ඩබ්.කේ.කේ.අතුකෝරාල මහත්මිය අත්සන් තැබුවාය.
මෙම නිවාස ඉදිකිරීමට වැයවන මුදල රුපියල් මිලියන 300 කි.
මහවිලච්චිය ඇලපත්ගම, යුධ සමයේ මායිම් ගම්මානයක් වූ අතර එම ගම දියුණු කිරීමට මාදුළුවාවෝ සෝභිත හිමියන් මහත් වෙහෙසක් දැරූහ.
COMMENTS