දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඩෙංගු මඩින්න ඔස්ට්‍රෙිලියාවෙන් බැක්ටීරියාවක්! හෙට සිට ඩෙංගු පරික්ෂාවට හමුදාවේ සහය !

විශේෂයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම  හදිසි තත්ත්වයක් ලෙස සලකා කසළ ඉවත්කිරීමේ කටයුතු සඳහා හමුදාවේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම අවධාරණය...

ඩෙංගු මඩින්න ඔස්ට්‍රෙිලියාවෙන් බැක්ටීරියාවක්! හෙට සිට ඩෙංගු පරික්ෂාවට හමුදාවේ සහය !

විශේෂයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම  හදිසි තත්ත්වයක් ලෙස සලකා කසළ ඉවත්කිරීමේ කටයුතු සඳහා හමුදාවේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම අවධාරණය කළේය.  ඩෙංගු පරික්ෂාව සඳහා සෞඛ්‍ය නිලධාරීන් පැමිණි පසු ඇතැම් පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ලවන හෙයින් නිල ඇඳුමින් සිටින හමුදා නිලධාරීන්ද එම කාර්යයට දායක කර ගැනීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය දින වල ඇතිවූ ගං වතුර තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු අවධානම තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය සඳහා හමුදා සහය ලබා ගැනීම පිළිබඳව හෙට දිනයේදී ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කරන බවද සේනාරත්න මහතා පැවසීය.

"ඩෙංගු රෝගය මර්දනය කිරීමේ වැඩපිළිවෙල සඳහා සෞඛ්‍ය සේවයට නව බඳවා ගැනීම් 412ක් බඳවා ගෙන තිබෙනවා.තවත් 1500ක් බඳවා ගැනීම සඳහා කැබිනට්  අනුමැතිය ලබා ගෙන තිබෙනවා.ඩෙංගු රෝගය සඳහා වන ඖෂධ වල හිඟයක් නැහැ.එම ඖෂධ තායිලන්තයෙන් ගෙන්වා ගන්නේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත."

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝගීන් 63984ක් වාර්තා වී ඇති බවත් ඉන් 200ක් පමණ මියගොස් ඇති බවත්ය.මේ අතර  මේ වන විට ඩෙංගු රෝගය ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඩෙංගු රෝගීන්ට පැරසිටමෝල් විශේෂයක් හැර වෙනත් වේදනා නාශක ලබා දීමෙන් වළකින  ලෙසද එම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණි.

එමෙන්ම පෞද්ගලික රෝහල්වල නේවාසික ගාස්තු,පරීක්ෂණ ගාස්තු ඇතුළු අයකිරීම් නියාමනය කිරීමේ සැලැස්මක් ඇති බවද රාජිත සේනාරත්න මහතා පැවසිය.ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණයක ගාස්තුව රු.800-900ක් පමණ වන බවත්, එම ගාස්තුව රු.250ක් පමණ දක්වා අඩුකළ හැකි බවත්, ඩෙංගු රෝගය පරීක්ෂා කිරීම සඳහා සිදුකරන ඇන්ටිජෙන් පරීක්ෂණය රු.4000 ක් පමණ වන අවස්ථා වාර්තා වන බවත්, එය උපරිමය රු.1000ක්  කළ හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරිකාලයේදී පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය කිරීම පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය කිරීමේ පනත යටතේ පැවරී බලතල අනුව සිදුකරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩෙංගු මඩින්න ඔස්ට්‍රෙිලියාවෙන් බැක්ටීරියාවක්! හෙට සිට ඩෙංගු පරික්ෂාවට හමුදාවේ සහය !
ඩෙංගු මඩින්න ඔස්ට්‍රෙිලියාවෙන් බැක්ටීරියාවක්! හෙට සිට ඩෙංගු පරික්ෂාවට හමුදාවේ සහය !
http://ift.tt/2tep9e4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_936.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_936.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy