ඔවුන් දෙදෙනා ඇතුළු ජාතික හෙළ උරුමය විසින් දේශපාලන වුවමනාවන් සඳහා ඥානසාර හිමි භාවිතා කළ බවයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ඩිලන්ත ව...
ඔවුන් දෙදෙනා ඇතුළු ජාතික හෙළ උරුමය විසින් දේශපාලන වුවමනාවන් සඳහා ඥානසාර හිමි භාවිතා කළ බවයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ මහතා පවසන්නේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
චම්පික අමාත්‍යවරයා සහ රතන හිමි ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් ඥානසාර හිමියන් උනන්දු කළ බවත් වර්තමානයේ අත්විඳින්නේ එහි අනිටු විපාක බවත් ඔහු පෙන්වා දෙයි.
එක් අතකින් රජය, හිටපු ආරක්ෂක ලේකම්වරයා 2020 දී බලයට ගෙනඒමට බොදුබල සේනා සංවිධානය පිඹුරුපත් සකස් කරන බවට චෝදනා කරන බවත් අනෙක් පැත්තෙන් අමාත්‍ය චම්පික රණවක මහතාට බලයට ඒම සඳහා බොදුබල සේනා සංවිධානය අවශ්‍ය මාර්ගය සකස් කරන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන බවත් විතානගේ මහතා ප්‍රකාශ කරයි. එහෙත් සැබෑ තත්වය කුමක්ද යන්න ආණ්ඩුවටවත් විපක්ෂයවටත් වැටහීමක් නොමැති බවයි ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
COMMENTS