මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සෘජුවම අදාල අංශවලට උපෙදස් ලබා දී තිබේ. අගමැතිවරයා දකුණේ ප්‍රදේශ කිහිපයක ගංවතුරෙන් සිදුවූ ආපදා නිරීක්ෂණය කළ ...
මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සෘජුවම අදාල අංශවලට උපෙදස් ලබා දී තිබේ.
අගමැතිවරයා දකුණේ ප්‍රදේශ කිහිපයක ගංවතුරෙන් සිදුවූ ආපදා නිරීක්ෂණය කළ අතර හානි වූ ගොඩනැගිලි, නිවාස නැවත ස්ථාපිත කිරීම සඳහා අදාල අංශවලට උපදෙස් ලබා දී තිබේ.
ගංගා ආශ්‍රිත හා ගංවතුරෙන් යටවල ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීමේදී කොන්ක්‍රීට් කණු මත ඉදිකිරීමේ ක්‍රමවේදය සඳහා යාමට සිදුවන බව පෙන්වා දුන් අගමැතිවරයා ඒ සඳහා රජයෙන් ලබාදිය හැකි සියලු ආධාර ලබාදෙන බව ප්‍රකාශ කළේය. මීට අමතරව ව්‍යාපාරික ස්ථාන නැවත ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි ජනතාව වෙත කියා සිටියේ.
නායයාම් හේතුවෙන් නිවාස අහිමි පවුල්වලට සහ මේ වනවිට නායයාමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන පවුල් සඳහා ද වෙනත් ඉඩම් ලබාදීමට කටයුතු කරන බව අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS