ගුවන් සේවා අමාත්‍යවරයා නොදැනුවත්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් රැකියා 1300 ක් ලබාදී ඇති බව කැබිනට් මාධ්‍ය හමුවේදී තමන...
ගුවන් සේවා අමාත්‍යවරයා නොදැනුවත්ව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් රැකියා 1300 ක් ලබාදී ඇති බව කැබිනට් මාධ්‍ය හමුවේදී තමන් ප්‍රකාශ කළ බවත් එහෙත් මාධ්‍යවේදීන් පිරිසක් එම කරුණු විකෘති කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
මෙම රැකියා ලබාදීම හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සම්බන්ධයක් ඇති බවට කරුණු විකෘති කරමින් මාධ්‍ය පළකර ඇති බවත් එහෙත් එවැනි සම්බන්ධයක් පිළිබඳව තමන් ප්‍රකාශ නොකළ බවත් ඇමතිවරයා පවසයි.
තමන් ප්‍රකාශ කළේ ආරක්ෂක ලේකම්වරයා පත්කළ ආරක්ෂක ප්‍රධානියා සහ තවත් කිහිප දෙනෙකු තවමත් ගුවන් සමාගමේ රැකියා කරන බව පමණක් බවයි ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට පැමිණි අදාල මාධ්‍යවේදියා සහ එම කරුණු සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසූ මාධ්‍යවේදියා කරුණු හරිහැටි තේරුම් නොගෙන කරුනු විකෘති කර වාර්තා කරන බවත් මෙවැනි කරුණු සම්බන්ධයෙන් වගකීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළයුතු බව අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටී.
COMMENTS