එහිදී මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්වයෙන් විපතට පත්වූ ප්‍රදේශවල ජනජීවිතය හා ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට ගෙන ඇති ඉදිරි වැඩකටයුතු පිලිබඳව සාක...
එහිදී මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්වයෙන් විපතට පත්වූ ප්‍රදේශවල ජනජීවිතය හා ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට ගෙන ඇති ඉදිරි වැඩකටයුතු පිලිබඳව සාකච්ජා අගමැතිවරයාගේ අවධානය යොමු විය.
පවතින ගැටළු කඩිනමින් විසඳා අදාළ ප්‍රදේශයන්හි ජන ජීවිතය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම නිලධාරීන්ට අගමැතිවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමන් කියා සිටියේ ආපදා තත්වයේදී ජනතාව, ඉන් මුදා ගැනීමට කැපවී කටයුතු කල රජයේ සේවකයන්ට, පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට රජය වෙනුවෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වන බවයි.
රජයේ නිලධාරීන් සහ ආරක්ෂක අංශ වල කැපවීම මත ව්‍යවසනය පාලනය කරගැනීමට හැකිවූ බවද ආපදා තත්වය අවස්ථාවේදී පක්ෂ බේදවලින් තොරව එක්ව වැඩකළ සහ ඊට සහය දුන් සියලු පක්ෂවල දේශපාලඥයන්ටද අග්‍රාමාත්‍යතුමන් සිය ස්තුතිය පුද කිරීමට අමතක කොකළේය.
මෙම සාකච්ජාව සදහා අමාත්‍යය වජිර අබේවර්ධන,සාගල රත්නායක,දකුණුපලාත් අධ්‍යාපණ අමාත්‍යය චන්දිම රාසප්‍රත්‍ර හා ප්‍රාදේශීය ජනතා නියෝජිතයන්, මාතර දිස්ත්‍රික් ලේකම් හා සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන් හා රාජ්‍ය නිළධාරීන් එක්ව සිටියහ.
වාර්ථාව මාතර ඉදුනිල් කැළුම් ජයවීර
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=TozxyU7KFho&feature=youtu.be[/youtube]
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=5GzElKKn__I&feature=youtu.be[/youtube]
COMMENTS