හි ටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ජපානයේ කරන ලද සංචාරයේදී පෞද්ගලික විදේශ සංචාර ස...
හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ජපානයේ කරන ලද සංචාරයේදී පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් විදෙස් කටයුතු අමාත්‍යංශය මීට පෙර ලබාදුන් උපදෙස්වලට පරිබාහිර උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
මේ බව හෙළිව ඇත්තේ එම සංචාරයේදී මහින්ද ඇතුළු පිරිසට රාජතාන්ත්‍රික සත්කාර ලබාදීම සම්බන්ධයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති ධම්මික ගංගානාත් දිසානායක මහතාගෙන් ජනපතිවරයා කරන ලද කරුණු විමසීමකට අනුව තානාපතිවරයා සැපයූ පිළිතුරෙනි.
ඔහු අදාළ කරුණු දැක්වීමේදී පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් විදෙස් කටයුතු අමාත්‍යංශය මීට පෙර ලබාදුන් උපදෙස්වලට පරිබාහිර උපදෙස් ලබාදුන් බව හෙළිකර තිබේ.
එම උපදෙස් විදේශකටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සම්බන්ධ පෞද්ගලික සංචාර උපදෙස්වලට පටහැනි බවද ජපන් තානාපතිවරයා කියා තිබේ.
අදාළ කරුණු දක්වමින් ජනපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ උදාහරණයක් ලෙස හිටපු ජනපතිවරයා සමඟ පැමිණි පිරිස ජපානයෙන් පිටව යන අවස්ථාවේදී ටොන් එකකට ආසන්න ප්‍රමාණයක් ගමන් මළු ශ්‍රී ලංකන් ගුවන් යානයේ රැගෙනයාමට අවසර ලැබී තිබූ බවද හෙළිකර ඇත.
COMMENTS