දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

තනි දළයාගේ පහරින් යාල ඇත්රජු මියයයි

මෙම ඇතුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුමකදී උදර ප්‍රදේශය තුවාල වීම හේතුවෙන් තිලක් හස්තියා මියගොස් ඇති බවයි පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා පවසන්...

තනි දළයාගේ පහරින් යාල ඇත්රජු මියයයි
මෙම ඇතුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුමකදී උදර ප්‍රදේශය තුවාල වීම හේතුවෙන් තිලක් හස්තියා මියගොස් ඇති බවයි පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා පවසන්නේ.
 
යාල වනෝද්‍යානයේ වාසය කළ වයස්ගතම හස්තියෙකු වන තිලක් අවුරුදු 50 ඉක්මවා සිටි අතර දුර්වල තත්වයේ පසුවිය. මේ නිසා තනි දළයාගේ පහරකෑමට ලක්ව තිබේ. හස්තියාගේ මරණ පරීක්ෂණ කටයුතු ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
බොහොමයක් වන අලින් මෙන්ම ඇතුන් අතර ගැටුම් ඇතිවීමට බලපාන හේතුන් කීපයක් තිබේ. ඒ අතර ගැහැණු සතුන් ආකර්ශනය කරගැනීම සඳහා වැඩි වශයෙන් අලි ඇතුන් අතර ගැටුම් ඇතිවන බවයි පශුවෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විජිත පෙරේරා මහතා පෙන්වා දෙන්නේ. ඒ අනුව ශක්තිමත් සත්වයා දුර්වල සත්වයා පරාජය කර ගැහැණු සතුන්ගේ ආකර්ශනය දිනාගැනීමට සමත් වේ.
 
රුහුණේ කඩොල් පරපුර
 
රුහුණේ ඇතුන් රුහුණු ගැටව් නමැති විශේෂයට අයත් වන අතර ඔවුන් වෙනත් ප්‍රදේශවල ජීවත් වන ඇතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වේ. දුටුගැමුණු රජතුමා ලඟ සිටි කඩොල් ඇතාද එවැනි කුරු ඇතෙකු බවයි ඉතිහාස තොරතුරුවලින් අනාවරණය වන්නේ. නමුත් එම පරපුරේ ඇතුන් මේ වන විට රුහුණේ දක්නට ලැබෙන්නේ දස දෙනෙකුටත් වඩා අඩු ප්‍රමාණයකි.  ඒ අතර යාල ගැමුණු හා තිලක් මෙන්ම කපිල ඇතුන් ජනප්‍රිය වේ. මේ ආකාරයෙන් විවිධ හේතුන් මත ඇතුන් මියයාම නිසා කඩොල් පරපුරේ ඇතුන්ගේ අවසානය එළඹෙමින් පවතී.
 
2011 ශ්‍රීලංකා වනජීවී දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද සංගණනයට අනුව ලංකාවේ සමස්ත ඇතුන්ගේ ගහණය 120 ක් පමණ වන අතර ඉනුදු ඇතුන් කීපදෙනෙකුම මේ වනවිට මියගොස් තිබේ. රුහුණු ප්‍රදේශය ගතහොත් වර්තමානය වනවිට ඇතුන් දසදෙනෙකුට පමණ සීමා වී ඇත.
 
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
 
thilak 1
thilak 2
thilak 3
thilak 4

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තනි දළයාගේ පහරින් යාල ඇත්රජු මියයයි
තනි දළයාගේ පහරින් යාල ඇත්රජු මියයයි
http://ift.tt/2rjymAF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_753.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_753.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy