ගං වතුරෙන් හානියට පත් වූ සියලු පාසල් පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකින් නඟා සිටුවිමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පව...
ගං වතුරෙන් හානියට පත් වූ සියලු පාසල් පැවති තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකින් නඟා සිටුවිමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගං වතුරෙන් හානියට ලක් වූ පිටබැද්දර, දෙහිගස්ප ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
හානි සිදු වූ පාසල්වල පරිඝණක ඇතුළු සියලු පාසල් උපකරණ කඩිනමින් ලබාදිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
අපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් සිදු වූ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මොරවක, කොටපොල ඇතුළු ප්‍රදේශ රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරික්ෂණයට ලක්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
කොටපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී රාජ්‍ය නිළධාරින් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රජයේ නිළධාරින් කැපවිමෙන් කටයුතු කිරිම හේතුවෙන් සිදු වූ හානිය අවම කර ගැනිමට හැකි වූ බවයි.
COMMENTS