අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ක්‍රියාකළාපය විවේචනය කරමින් ජාතික රූපවාහිනියේ ‘සෝදිසි' වැඩසටහන පසුගිය දා විකාශනය වූ අතර එසේ විකාශන...
අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ක්‍රියාකළාපය විවේචනය කරමින් ජාතික රූපවාහිනියේ ‘සෝදිසි' වැඩසටහන පසුගිය දා විකාශනය වූ අතර එසේ විකාශනය වූ සැණින් මහින්ද අමරවීර හා ඩිලාන් පෙරේරා ජන සන්නිවේදන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අමතා දැඩි ලෙස දෝෂාරෝපනය කර තිබේ. ඔවුන් අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ ‘රාජ්‍ය නාලිකාවලින් ශ්‍රී ලංකා කාරයින්ට ගහන එක වහාම නවත්වන්න ' යනුවෙනි.
රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ මුග්ධ ක්‍රියාකළාපය සාධාරණීකරණය කර ඇති අමාත්‍යවරුන් පවසා ඇත්තේ උදයංග වීරතුංගව හමුවීම අරුන්දිකගේ පුද්ගලික අයිතිවාසිකමක් බවත් එම අයිතිවාසිකම විවේචනය කිරීමට රාජ්‍ය මාධ්‍යන්ට අයිතියක් නැති බවයි. මේ පිළිබඳව කරුණු දක්වන්නන් පෙන්වා දෙන්නේ අමාත්‍යවරුන් දෙදෙනා අවසාන වශයෙන් ආරක්ෂා කරන්නේ අරුන්දික ප්‍රනාන්දුව නොව උදයංග වීරතුංගව බවයි.
[vimeo height="300" width="560" align="left|right|none"]http://ift.tt/2shFkao]
COMMENTS