දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මංගල, වගකීම් රැසක් ඔබේ උරමත - කුමාර අලගියවන්න

ඔහු කලකට ඉහතදී චන්ද්‍රිකා ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කළ කී සමහර දෑ පිළිබඳව බරපතල විරෝධයන් හා විවේචනයක් සහිතව වුණත් ඔහු විදේශ ඇමතිවර...

මංගල, වගකීම් රැසක් ඔබේ උරමත - කුමාර අලගියවන්න
ඔහු කලකට ඉහතදී චන්ද්‍රිකා ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කළ කී සමහර දෑ පිළිබඳව බරපතල විරෝධයන් හා විවේචනයක් සහිතව වුණත් ඔහු විදේශ ඇමතිවරයා ලෙස පසුගිය දෙවසර තුළත් රාජපක්ෂ රජයේ කදිරගාමර් ඝාතනයෙන් අනතුරවු ඉටුකළ කාර්යභාරයත් පිළිබඳව විමසීමේදී ඔහු අතිශය සාර්ථක, පරිණත, නූතනත්වය සමග ගමන් කරන ප්‍රායෝගික ඇමතිවරයෙක්ය යන්න අපගේ අවංක කල්පනාවයි.
 
වර්තමානය වනවිට ඉතා බරපතල අභියෝගයකට මුහුණ පා ඇති ජනමාධ්‍ය විෂයය සම්බන්ධයෙන් ද ඔහු විදේශ ඇමතිවරයා ලෙස මෙන්ම බුද්ධිමත්ව, සවිඥානිකව කටයුතු කරනු අතැයි අපේක්ෂා කළ හැකිය. මේ වනවිට ශ්‍රී ලාංකේය ජනසමාජය හමුවේ වත්මන් ආණ්ඩුව පොරොන්දු වූ යහපාලනය නම් නිර්මිතය අරඹා වසර දෙකහමාරක් ගතව ඇතත් සැබෑ යහපාලනයේ ප්‍රමුඛතම කුළුනක් වන නිතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් ඔවුන් දැඩි සේ අසමත්ය, නැතහොත් නිද්‍රාශීලීය.
 
හරිහමන් රටක නම් මේ වනවිට නීතියෙන් දඬුවම් ලබා සිරිගෙවල්වල සිටිය යුතු මිනීමරුවන් හා හොරුන් තවමත් නිදැල්ලේය. නිදැල්ලේ පමණක් නොව ඔවුන් කොමිෂන් සභාවලට හෝ උසාවිවලට යන අතරතුරේ ජනමාධ්‍ය හරහා යහපාලනයට ඔච්චම් ද කරන්නේය. නව ජනමාධ්‍ය ඇමති මංගලගෙන් එකී අපරාධකරුවන් වීරයන් කොට ඔවුන්ට ඔටුනු පළඳවන, වාර්ගික සාමය හා සංහිඳියාවට ඔච්චරම් කරවන සමහර ජනමාධ්‍යවලට කිසියම් ආචාරශීලි පාඩමක් නුදුරේදීම ඉගෙන ගැනීමට හැකිවනු ඇතැයි ද අපට අපේක්ෂා කළ හැකිය.
 
එසේම ලසන්ත වික්‍රමතුංග ඝාතනය කොට මේ ගතව යන්නේ 9 වන වසරයි. 2017 ජනවාරි 9 වැනිදා කොළඹ කනත්තේ ලසන්ත සැමරුමට පැමිණි දේශපාලනඥයන් කිහිපදෙනා අතර සිටියේ මංගල, රවී, හකීම්, මනෝ හා වාසු පමණක් බව මෙම ලියුම්කරුගේ මතයයි. ලසන්ත ඝාතනයෙන් අනතුරුව සිදුකළ ඔහුගේ අවසන් කටයුතුවල ප්‍රමුඛතාවයක් ගෙන සිටියේද මංගල, රවී, හකීම් හා රනිල් බව ද මෙම ලියුම්කරුට මතකය. ලසන්ත එක්සත් ජාතික පක්ෂය වෙත කිසියම් ලැදියාවක් තිබුණු ජනමාධ්‍යවේදියෙක් බව නොරහසක් වුවත් ඔහු සේවය කළේ සමස්ත ලාංකේය සමාජයේම යහපැවැත්ම සඳහාය යන්න මෙම ලියුම්කරුගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මහා පරිමාණ දූෂණ හා වංචාවලට එරෙහිව ලසන්ත අභීතව තම පෑන මෙහෙයවීය. ඒ නිසාම අප කවුරුත් දන්නා පරිදි ඔහුට ඒ සඳහා ජීවිතයෙන් වන්දි ගෙව්නනට සිදුවිය. මේ පිළිබඳව පරීක්ෂණයක් දැනට ද සිදු කෙරෙතත් ලසන්තට සාධාරණයක් ඉටු කරදීමට මංගල සතුව විශාල වගකීමක් ඇත්තේය.
 
ප්‍රගීත් එක්නැලිගොඩ 2015 ජනාධිපතිවරණය ආසන්නයේ වඩාත් කතාබහට ලක්වූ මිනිසාය. 2010 ජනාධිපතිවරණය ආසන්නයේ පැහැරගෙන ගිය ප්‍රගීත් ඒ ආසන්නයෙදීම මරාදමා ඇති බව අපි කවුරුත් දනිමු. නමුත් ඔහුට ඒ අපරාධය කළවුන් තවමත් නිදැල්ලේය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවෙතත් එය අතිශය මන්දගාමීය. ඊට යුද හමුදාව පවා සහාය ලබාදෙන්නේ නැත. යහපාලන ආණ්ඩුවට බලය ගැනීමට උපකාරී වූ ප්‍රධානතම සාධකයක් වූ ප්‍රගීත් අතුරුදන් කිරීම වෙනුවෙන් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා ප්‍රගීත් වෙනුවෙන් සාධාරණය ඉටුකරදීමට මංගල සතුව වගකීමක් ඇත. අඩුතරමේ යුක්තිය ඉල්ලා දිගු ගමනක යෙදෙනෙ ප්‍රගීත්ගේ බිරිඳ සන්ධ්‍යාට වත්මන් ජනාධිපතිවරයා හමුවීම පවා අහිමි කොට ඇත්තේ ජනාධිපතිවරයාට සමීපව සිටින කවුරුන් විසින්ද යන්න මංගල විසින් සොයාබලා හෙලිදරව් කළයුතුය.
 
නිමලරාජන්, සිවරාම් ආදී දෙමළ මාධ්‍යවේදීන් ගණනාවක් මරාදමා, අතපය කඩා හෝ අතුරුදන් කොට ඇත. උතුරේ ජනතාවගේ වේදනාවේ හඬ වූ  'උදයන්' පුවත්පත් කාර්යාලයට විසි තිස් වතාවක් බෝම්බ ගසා, වෙඩිතබා, පහර දී හිංසා පමුණුවා ඇත. ඒ නිසා ඔවුන්ට සාධාරණයක් ඉටුකොට දීමට ද මංගල සතුව වගකීමක් ඇත.
 
ලංකා ඊ නිවුස්, සිරස, සියත, ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා මිරර් ඇතුළු ජනමාධ්‍ය ආයතන ගණනාවකයට පසුගිය වනචර දශකය තුළ විවිධාකාර ප්‍රහාර එල්ල විය. මේවා පිළිබඳව පරීක්ෂණ කඩිනමින් සිදුකොට ඊට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම දැන් ප්‍රමාද වී හෝ මංගලට ලැබී ඇත.
 
පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් පෙරේරා, උපාලි තෙන්නකෝන් ඇතුළු ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සේවකයන් ගණනාවක් විවිධාකාර පහරදීම්වලට, හා අඩන්තේට්ටම්වලට ලක්කර ඇත. සමහරුන්ගේ අත-පය කඩා දැමුණු අතර සමහරුන් කපා-කොට දමා තිබිණි. දැන් ඔවුන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර දීම ද මංගල සතුය.
 
එමෙන්ම රැකියාවෙන් නෙරපීම්, වැඩ තහනම් කිරීම්, අනිවාර් නිවාඩු යැවීම් මෙන්ම තවත් විවිධ බලපෑම්වලට හා පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය හා පෞද්ගලික ජනමාධ්‍යවේදීන් සිය ගණනකි. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට ද මංගල සතුය.
 
පසුගය භීෂණ සමයේ උතුරේ මෙන්ම දකුණේ ජනමාධ්‍ය සංගම් පෙරට පැමිණ අයුක්තියට එරෙහිව සිදුකළ කටයුතු නිසාම ඒ අයවලුන් හා එම සංගම් විවිධ අකටයුතුකම්වලට ලක්ව ඇත. මංගල හමුවේ ඔවුන් වෙත සාධාරණය ඉටුකිරීමට වගකීමක් ද ඇත.
 
මෙනයින් බලන කල ඉහත සිදුවීම් සිය්ල එනම්, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුකළ ඝාතන, පැහැරගැනීම්, අතුරුදන් කිරීම් මෙන්ම පුද්ගල හා ආයතනික ප්‍රහාර, නොසලකා හැරීම්, අකටයුතුකම් ලෙස සියල්ල කැටිකර ගත හැකිය. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පිළිගත් ජනමාද්‍ය සංවිධාන විසින් 2015 වසෙර් සිටම ඉල්ලා සිටින පරිදි ඉදිරියේදී මේවා මේ අයුරින් සිදු නොවීමට නම් ඒ සියලු සිදුවීම් විමසා බැලෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කළ හැකිය. එහි ප්‍රතිඵල අනුව වගකිව යුතු අයට එරෙහිව නීතිමය දඬුවම් ලබාදීම ද සිදුකළ හැකිය.
 
එසේම පොදු මහජන දේපළක් වන විකාශන සංඛ්‍යාත උපයෝගි කොට ගනිමින් මේ ටේ රාජ්‍ය හ පෞද්ගලික විද්‍යුත් ජනමාධ්‍ය සිදුකරන සදාචාර විරෝධී විකාශන කටයුතු නිවැරදි කරවීමට ද මංගලට බරපතල අභියෝගාත්මක කාර්යයකට මැදිහත්වීමට දැන් අවස්ථාව එළඹ ඇත.
 
ළමුන්ගේ හා කාන්තාවන්ගේ අයිතිවාසිකම් මෙන්ම ප්‍රේක්ෂක අයිතිවාසිකම් ද ඇතුළු පොදුවේ සියලු මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන නව ජනමාධ්‍ය සංස්කෘතිකයකට පාර කැපීමට රාජ්‍ය, විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය යොදාගැනීම ද මංගලට ඉදිරියේදී සිදුකළ හැකිය. සංහිඳියාව සඳහා ඇරඹීමට නියමිත නව රූපවාහිනී නාලිකාව මේ සඳහා මංගල අබිමුව ඇති තවත් අභියෝගයකි.
 
එක්සත් ජාතික පක්ෂය විසින් ද මීට පෙර එකඟ වූ පුවත්පත් මණ්ඩලය අහෝසි කොට මාධ්‍ය වෘත්තිකයන් විසින් ස්වාධීනව ගොඩනගා ගත් පුවත්පත් පැමිණිලි කොමිසම බලාත්මක කොට ඊට විද්‍යුත් ජනමාධ්‍ය නියාමනය කිරීමේ බලතල ද ඇතුළත් කොට වඩාත් ප්‍රජාතන්ත්‍රීය අයුරින් රටේ ජනමාධ්‍ය නිදහස හා ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කාර්යය හා කර්තව්‍යය ද මංගල හමුවේ ඇති තවත් බරපතල අභියෝගයකි.
 
එසේම තොරතුරු දැනගැනීමේ පනත, පාර්ලිමේන්තු සදාචාරය, ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය, තෙල් මිල, ගෑස් මිල, ඖෂධ මිල ඇතුළු අත්‍යවශ්‍ය බඩුවල මිල අඩුකිරීමේ වටිනාකම ජනතාවට හෙලිදරව් කිරීමට ද වංචා, දූෂණ, හොරකම් මෙන්ම රට මංකොල්ලකෑම පිළිබඳව ද වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විපක්ෂයට ද අවස්ථා සපයා දෙමින් ගැඹුරු ජනමාධ්‍ය කතිකාවක් පෙරට ගෙනයාමට මංගලට හැකියාව ඇත.
 
ගරාවැටී ඇති සංස්කෘතිය හා සදාචාරමය වටිනාකම් මෙන්ම උසස් සාහිත්‍ය කලාව, සංගීතය, නාට්‍ය හා ටෙලි නාට්‍ය සංස්කෘතිය ආදිය මෙන්ම සිනමා සංස්කෘතිය ද සංහිඳියාව පෙරටු කොටගෙන රාජ්‍ය ජනමාධ්‍ය ඔස්සේ නැවත ජනගත කිරීමේ අභියෝගය ද මංගල හමුවේ ඇත.
 
එසේම දූෂිත, අකාර්යක්ෂම දේශපාලන ගැත්තන් අරක් ගෙන සිටින රාජ්‍ය ජනමධ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරුවලට හා ඒවායේ අධ්‍යක්ෂක මණ්ඩලවලට නිස්සන් පත්කොට වෘත්තීය බවකින් යුතුව, නූතන සමාජයීය පොදු අවශ්‍යතා වෙනුවෙන් එම ආයතන පෙරට යොමුකිරීමේ බරපතල අභියෝගයට ද මංගල මුහුණ දී සිටී.
 
මෝස්තර නිර්මාණ ශිල්පියෙක් යැයි කියමින් ඔහුට අවලාද නගන වර්තමාන විපක්ෂය 30 වසරකට ආසන්න තම සැබෑ දේශපාලන පරිණතභාවය ප්‍රදර්ශනය කිරීමේ අනගි අවස්ථාව ද මේ සමගම මංගල අබිමුව ඇත. මිට පෙර අවස්ථාවක ජනමාධ්‍ය ඇමතිධූරය දරද්දී සිදුකළ දේශපාලනික දඩබ්බරකම් පසෙක ලා වඩාත් පරිණතව ශ්‍රී ලාංකේය මොඩලයක දියුණු ජනමාධ්‍ය සංස්කෘතියක් වෙත මංගල පින්සිරි සමරවීම නම් මේ අපේ කාලයේ දේශපාලනඥයා විසින් ජනමාධ්‍යවේදීන් වන අපත් අපගේ දරු පරපුර ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේය ජනසමාජයත් කැඳවාගෙන යනු ඇතිය යන උතුම් අපේක්ෂාව ඇතිව අපි ඔහු දෙස වඩාත් විමසිල්ලෙන් යුතුව බලා සිටින්නෙමු.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මංගල, වගකීම් රැසක් ඔබේ උරමත - කුමාර අලගියවන්න
මංගල, වගකීම් රැසක් ඔබේ උරමත - කුමාර අලගියවන්න
http://ift.tt/2t9PslM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_741.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_741.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy