එම පිරිස් මේ වන විටත් මේ වන විට විවිධ සන්තෝසම් සහ වරදාන මෙන්ම ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ දේශපාලන හිතවත් කම් යොදාගෙන කටයුතු කරමින් සිටින බවද වාර්...
එම පිරිස් මේ වන විටත් මේ වන විට විවිධ සන්තෝසම් සහ වරදාන මෙන්ම ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ දේශපාලන හිතවත් කම් යොදාගෙන කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.
මේ අතර 2017 පෙබරවාරි 02 වනදා සිට තම බලපත්‍රය යාවත්කාලීන නොකිරීම හේතුවෙන් විකාශය කටයුතු ඇනහිට ඇති බවත් එහෙයින් අදාළ බලපත්‍රය නිකුත් කොට තම විකාශන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙස වෙන්ඩෝල් මීඩියා ආයතනය විසින්ද විදුලි සංදේශන කොමිසම වෙත ඉල්ලීම් ඉදිරිපත් කරන්නට ගෙන තිබේ.
කෙසේ වුවත් අප වෙත වාර්තා වන ආකරයට VIP ගුවන්විදුලියේ එෆ්.එම් 94 සංඛ්‍යාතය වෙනුවෙන් වෙන්ඩෝල් මීඩියා ආයතනය නමට බලපත්‍රය යාවත්කාලීන කිරීම විදුලි සංදේශන නියාමන කොමිසම විසින් අත්හිටුවා ඇත්තේ එවැනි සමාගමක් නමට විකාශන බලපත්‍රයක් නිකුත් කර නොමැති පදනමින්ය.
විදුලි සංදේශන නියාමන කොමිසම වෙන්ඩෝල් මීඩියා ආයතනය විසින් පවත්වාගෙන ගිය VIP ගුවන්විදුලියේ එෆ්.එම් 94 සංඛ්‍යාතය වෙනුවෙන් බලපත්‍රයක් නිකුත් කර ඇත්තේ සැට්නෙට් පෞද්ගලික සමාගම සඳහා වන අතර ඒ 2007 අගෝස්තු 19 වනදා සිට බලපැවැත්වෙන ආකාරයටය.
තවදුරටත් වාර්තා වන ආකාරයට යම් කිසි සංඛ්‍යාතයක් හරහා විකාශන කටයුතු සිදුකිරීම වෙනුවෙන් ලබාදෙන බලපත්‍රයක 13 වන වගන්තිය අනුව බලපත්රලාභියාගේ නම, බලපත්‍රය විසින් ලබාදී ඇති අයිතීන් පුර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් වෙනත් පාර්ශවයකට පැවරීමට නොහැකිය. ඒ අනුව VIP ගුවන්විදුලියේ එෆ්.එම් 94 සංඛ්‍යාතය අවභාවිතා කර ඇති බැවින් නැවත එය වෙන්ඩෝල් මීඩියා ආයතනය වෙත හිමිනොවීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වන අතර දේශපාලනඥයින් ඇතුළු ව්‍යාපාරික සමාගම් අතර මේ සංඛ්‍යාතය ලබා ගැනීම වෙනුවෙන් වන තරගය උත්සන්නව ඇත්තේද එනිසාය.
කාශ්‍යප කොතලාවල
COMMENTS