අල් කුරාණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද (15) කැඳවූ අතර වගඋත්තරකාර ඥානසාර හිමි අද දිනයේදී අධිකරණයට ඉදිරිපත...
අල් කුරාණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුව අද (15) කැඳවූ අතර වගඋත්තරකාර ඥානසාර හිමි අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.
මීට පෙර ද ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබුණු අතර ඒ පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සහ පොලිස් නිළධාරීන් බියගැන්වීමේ චෝදනාව මතයි.
මේ අතර ඥානසාර හිමිගේ නීතිඥයන් පසුගිය අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරමින් කියා සිටියේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති හෙයින් එම උත්සාහය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම පෙත්සම් විභාගය ජුනි 22 වැනිදා පැවැත්වීමට නියමිතය.
COMMENTS