ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා යැයි කියමින් රුපියල් මිලියන 10ක් ලබාගෙන නැවත නොදී විශ්වාසය කළ කළැයි කියන සිද්ධියක් සම්බ...
ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා යැයි කියමින් රුපියල් මිලියන 10ක් ලබාගෙන නැවත නොදී විශ්වාසය කළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(01) නියෝග කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා එම නියෝගය ලබාදුන් අතර එසේ ඇපමත මුදාහරිනු ලැබුවේ බත්තරමුල්ලේ පදිංචි ප්‍රසන්න ගයාන් රණවීර ය.
රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු වූ ගමගෙදර ටිකිරි බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබු අතර පසුගියදා රහස් පොලිසිය විසින් චිත්‍රපට අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS