මුතුරාජවෙල කුණු ප්‍රශ්නය විසඳගැනීම සඳහා ප්‍රදේශවාසීන් සමඟ පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවට අවසරයකින් හෝ ආරාධනයකින් තොරව පැමිණි මාධ්‍යවේදීන්ගේ ...
මුතුරාජවෙල කුණු ප්‍රශ්නය විසඳගැනීම සඳහා ප්‍රදේශවාසීන් සමඟ පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවට අවසරයකින් හෝ ආරාධනයකින් තොරව පැමිණි මාධ්‍යවේදීන්ගේ හැසිරීම ඉවසාගත නොහැකි වූ හෙයින් යම්කිසි ආකාරයකින් ඔවුන්ට බැන වැදීමට සිදු වූ බව අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා අද (16) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
සිය නිවසේදී පැවැත්වූයේ පෞද්ගලික සාකච්ජාවක් වන නිසා ඒ පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන විට මාධ්‍යවේදීන් දෙදෙනා යළි යළිත් ප්‍රශ්න කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කෙසේවෙතත් බනින අවස්ථාවේ නොගැළපෙන වචනයක් දෙකක් කියවුණා නම් ඒ පිළිබඳ තමන් කණගාටු වන බවද ජෝන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේය.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=HuzJJqM4sxc[/youtube]
COMMENTS