ආගමට මුවාවෙමින් විවිධ කණ්ඩායම් වෙනත් ආගමිකයන්ට සහ ආගම්වලට තාඩන, පීඩන, අපහාස එල්ල කිරීමෙන් තමන් අදහන ආගමනට කිසිදු ආගමක් බැබළවිය නොහැකි බවය...
ආගමට මුවාවෙමින් විවිධ කණ්ඩායම් වෙනත් ආගමිකයන්ට සහ ආගම්වලට තාඩන, පීඩන, අපහාස එල්ල කිරීමෙන් තමන් අදහන ආගමනට කිසිදු ආගමක් බැබළවිය නොහැකි බවයි පුරවැසි බලය අවධාරණය කරන්නේ.
එම සංවිධානය අද (15) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් දඹර අමිල නාහිමි මේ බව ප්‍රකාශ කළේය.
අතීතයේදී ටී.බී. ජායා මහතා, ඩී.එස්. සේනානායක මහතා ආදර්ශයට ගනිමින් ජාතීන් අතර ආගම් අතර සුහදතාවය වර්ධන කිරීමේ මාවතට ආණ්ඩුව, දේශපාලන පක්ෂ මෙන්ම අන්තවාදී කණ්ඩායම් ද පැමිණිය යුතු බවයි පුරවැසි බලය සංවිධානය පෙන්වා දෙන්නේ.
මාධ්‍ය හමුව ඇමතූ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ජනවාරි අටවැනිදා රටට පොරොන්දු වූ ස්ථාවර අමතක කර බල අරගලයක නිරත වී සිටින බව පැවසීය. ජනතාව බලාපොරොත්තු වූ වෙනස එය නොවන බවත් සැබෑ වෙනස ඇතිකිරීම වෙනුවෙන් දිගින් දිගටම බලපෑම් කරන බව ද ඔහු අවධාරණය කළේය.
සංජීව මලවිආරච්චි
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=qGtAiDUh55I&t=12s[/youtube]
COMMENTS