මියගිය ඥාතීන් සිහිපත් කිරීම සඳහා මුලතිව්හි ජේසු සමාජයේ එලිල් රාජේන්ද්‍රන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද අනුස්මරණ වැඩසටහන් කඩාක...
මියගිය ඥාතීන් සිහිපත් කිරීම සඳහා මුලතිව්හි ජේසු සමාජයේ එලිල් රාජේන්ද්‍රන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද අනුස්මරණ වැඩසටහන් කඩාකප්පල් කිරීමට රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කළ අතර අවස්ථා ගණනාවකදී ඔහුට පොලීසිය වෙත පැමිණ ප්‍රකාශ ලබාදීමට සිදුවිය. එපමණකින් නොනැවතී ඔහුගේ දෙමාපියන්ගෙන්ද පොලීසිය ප්‍රශ්න කර තිබිණි.
මෙම සිදුවීම තුළින් යාම්-ඊම්, භාෂණයේ හා සමාගමයේ නිදහසට බාධා එල්ල කෙරුණු බවට එලිල් පියතුමා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුවන මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් වාර්ගික බෙදීම් තවදුරටත් වර්ධනය වන බවයි. එය සංහිඳියාව කරා යන ගමනට දැඩි බාධාවක් බව කියා සිටින මානව හිමිකම් කොමිසම ජාතික එකාබද්ධතා හා සංහිඳියා අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ උතුරේ ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හා ඔවුන්ගේ ඥාතීන් සැමරීමට හැකි නිදහස් වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි.
COMMENTS