දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

දරු දෙදෙනෙකු සමඟ මහා මඟ ජීවත්වන මවට දුන් ඉඩමත් ආපසු අරගෙන

  තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ තිස්සපුර ප්‍රදේශයේ මාහාමාර්ගය අයිනේ දරුවන් දෙදෙනෙකු සමග මිනිසෙකුට තියා ගව මඩුවකටවත් නුසුදුසු අනාරක්ෂිත කුඩා...

දරු දෙදෙනෙකු සමඟ මහා මඟ ජීවත්වන මවට දුන් ඉඩමත් ආපසු අරගෙන

 

තිස්ස මාතර ප්‍රධාන මාර්ගයේ තිස්සපුර ප්‍රදේශයේ මාහාමාර්ගය අයිනේ දරුවන් දෙදෙනෙකු සමග මිනිසෙකුට තියා ගව මඩුවකටවත් නුසුදුසු අනාරක්ෂිත කුඩා නිවසක ජීවත්වන ඇයට මේ ආකාරයෙන් ජීවත් වීමට සිදුව ඇත්තේ වගකිව යුතු සෑම දෙනාගේ නොසලකා හැරීම නිසාවෙනි .
තම ස්වාමි පුරෂයාගේ නොසලකා හැරීම නිසාම ඔහුගේ මහගෙදරින් මිට වසර හතරකට පමණ පෙර මදුෂිකා ලක්මාලි හට තම දරුවන් දෙදෙනා සමග මහපාරට බැසීමට සිදුවිය. මහා පාර අයිනේ ටකරන් තහඩු කාඩ් බෝඩ්, පොල් අතු කැබලි යොදා ගනිමින් කුඩාවට නිවසක් තනා ගන්නේ තමාට හා දරුවන් දෙදෙනාහට යාමට වෙන කිසිදු තැනක් නොමැති නිසාය.
දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු පෙර පාසල් යන අතර අනෙක් දරුවා පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දරුවන් අධ්‍යාපනය ලබන්නේද මෙම අනාරක්ෂිත නිවසේ සිටය. එක් පසෙකින් අධිවේගයෙන් තරඟයට වාහන ගමන් කරන මහා මාර්ගයත් අනෙක් පසෙන් ගැඹුරු ඇල මාර්ගයත් ගලා බසී. මෙම නිවස පිහිටි වර්ග අඩි දොළහකට නොවැඩි කුඩා නිවස දරුවන් දෙදෙනෙකු හට කිසිසේත් ම නොගැලපෙන එකක් බව හදවත් ඇත්තෙකුට මිස නොදෙන්නෙහිය.
'මට ජීවත් වෙන්න ස්ථිර තැනක් නැති නිසා මගේ ළමයි දෙන්නත් එක්ක අවරුදු හතරක් තිස්සේ ඉදලා මෙතන ඉන්නේ. මම ආබාධිත කෙනෙක්. කකුලක් කපලා අයින් කරලා තියෙන්නේ. මම ඉන්න තැනක් දෙන්න කියලා හැම කෙනෙක්ගෙම ලඟට ගියා. පස්සේ මට සජිත් ඇමතිතුමාගෙන් නිවසක් හදා ගන්න ඉඩමක් හම්බවුනා. මම මගේ කරාබු දෙකත් උගස් තියල ඒ ඉඩමේ අඩිතාලම දැම්මා. නමුත් ඒ අය කියපු දවස් වලට මට ගේ හදා ගන්න බැරි වුනා කියල ඒ ඉඩම නිවාස සංවර්ධන අධිකාරියෙන් ආපසු ගත්තා' මදුෂිකා ලක්මාලි පැවසීය .

මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය පවා මෙම ස්ථානයෙන් ඉවත් වන ලෙස නියෝග ලබා දී තිබේ. නමුත් ඇයට යාමට තැනක් නොමැති වී ඇත .
‘මගේ මහත්තයත් මෙහෙ නෑ. එයා හදිස්සියෙන් තමයි මෙහෙ එන්නේ. මහත්තයා නැති නිසා නිතරම පිරිමි අයගෙන් කරදර වෙනවා. අපි නිදා ගන්න වෙලාවට සමහරු ඇවිල්ලා වතුර ගහනවා. වැලි ගහනවා , වහින දවස්වලට මගේ දරුවෝ දෙන්නා නිදා ගන්නේ පුටුවක් උඩ. අපේ දුක පෙනෙන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මට පුංචි හරි ගෙයක් හදා ගන්න ඉඩමක් හරි දෙන්නවනම් මගේ දරුවෝ දෙන්නට උගන්වාගෙන මට කොහොම හරි ජීවත් වෙන්න පුළුවන් ' යනුවෙන් ඇය කියා සිටී.

ගැහැණියක් ලෙස තනිවෙමින් සමාජයේ නොමිනිසුන්ගේ නොමිනිස්කම් හමුවේ කරදර ගැහැට විදිමින් දරුවන් ජීවත් කරවමින් ඔවුන් හට අධ්‍යාපනය ලබා දෙන්නට මේ අහිංසක කාන්තාවද සැබවින්ම ධෛර්යය සම්පන්න වේ.
මේ අයගේ ජීවිත සුරක්ෂිත කර වීමට මැදිහත් වන ඔබ මිනිසුන් අතර මනුෂ්‍යයෙකි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දරු දෙදෙනෙකු සමඟ මහා මඟ ජීවත්වන මවට දුන් ඉඩමත් ආපසු අරගෙන
දරු දෙදෙනෙකු සමඟ මහා මඟ ජීවත්වන මවට දුන් ඉඩමත් ආපසු අරගෙන
http://ift.tt/2sHLOBY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_389.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_389.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy